
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත සහාය වීම සඳහ වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සුදානම් බව චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත.
චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමඟ පැවති දුරකතන සංවාදයකදී චීනය දැඩි ණය බරින් පීඩිත වී සිටින රටවල ණය අර්බුදය විසඳීම සඳහා ඵලදායි අයුරින් සහභාගී වීමට සුදානම් බවත් සියලුම පාර්ශ්ව ඒ සඳහා එක්ව ක්‍රියා කළ යුතු බවත් පවසා ඇත.එසේ ක්‍රියා කිරීමේදී සියලුම පාර්ශ්ව ණය බරින් පීඩිත වූ රටවලට ණය සහන ලබා දීමේ බර එක හා සමානව බෙදා ගත යුතු බව අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය වැනි රටවලට ණය ලබාදී ඇති ප්‍රධානතම ණය හිමියා වන චීනය ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී කුමන පාර්ශ්වය පෙරමුණ ගත යුතු දැයි බහු පාර්ශ්වික බැංකු සමඟ සංවාදයක නියැලී සිටී.
එම දුරකතන සංවාදයේදී ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ඇති වී තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා චීනය සමඟ සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය බව ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් මහතාට පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන මගුලක් ඉක්මනට කරනවා. චීන්නුත් හරියට ජෙප්පන් වගෙයි...
කරන දෙයක් ඉක්මණට කරන්න... නැතිනම් ජනතාව පෙළපාලියකින් හම්බන්තොටට ඇවිත් වරාය අත්පත්කරගෙන චීන්නු ටික එළවලා දමාවි... පෝර්ට් සිටියටත් මේ හා සමාන දෙයක් සිදුවේවි.. චින්නු එළවන්න ජනතාව පක්ෂපාට, ජාති භේද පැත්තකට දමා එකතු වේවි...