(එස්.යූ.ඩබ්ලිව්.කේ ජයවර්ධන)

වේයන්ගොඩ මුද්දරගම කාඩ්බෝඩ් කම්හලක සේවය කරමින් සිටි සේවකයකු එහි යන්ත්‍රයකට හසු වී මියගොස් ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ මැදගම්පිටිය නාපලන පාරේ පදිංචි 25 හැවිරිදි කාවින්ද රහුල් නමැති තරුණයෙකි.

යන්ත්‍ර ක්‍රියාකාරු සේවය කරන අතර තුර එම යන්ත්‍රයේ ඇරෙන වැහෙන කොටසට ඔහුගේ හිස හසු වී සිරවීමෙන් තුවා ලබා සිටියදි සෙසු සේවකයන් ඔහු රෝහලට රැගෙන ගොස් ඇත.

ඒ වන විටත් ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.