ෂාෆ්ටර් මරණයේ සාක්ෂි විමසයි ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් නිලධාරියා සහ බොරැල්ල කනත්තේ සේවකයෝ දෙදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (13) මරණ පරීක්ෂණ සාක්ෂි ලබා දුන්හ. 13 January 2023
සිරි ධම්ම හිමිට ත්‍රස්ත මර්දන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න නියෝග අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරි ධම්ම හිමිට හෙට (14) ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (13) නියෝග කළාය. 13 January 2023
බදු ගැන දේශීය ආදායම් කොමසාරිස්ගෙන් හෙළිදරව්වක් පසුගිය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය රුපියල් කෝටි 86000 ක් බවත් මේ වසරේදී අය කිරීමට අපේක්ෂිත බදු මුදල රුපියල් කෝටි එක් ලක්ෂ හැට හය දහස් හත් සියයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ඩීආර් එච් හපුආරච්චි මහතා පැවසීය. 13 January 2023
ණය අර්බුද විසඳා නොගතොත් ගෝලීය ආර්ථිකයටත් බලපෑමක් ශ්‍රී ලංකාවට ණය ලබා දුන් චීනය සහ ඉන්දියාව ඇතුළු සියලුම ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමෙන් ණය ලබා ගත් ශ්‍රී ලංකාවට මෙන්ම ණය ලබා දුන් පාර්ශ්වයන්ටද අයහපතක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපාය මාර්ග, ප්‍රතිපත්ති සහ සමාලෝචන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ මාර්ක් ෆ්ලැනගන් මහතා බී.බී.සී පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත. 13 January 2023
පොදු රද මඩුලු මහලේකම් ජනපති හමු වෙයි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය. 13 January 2023
පැය දෙකයි විනාඩි 20ක අඳුර තවත් දින 3ක් පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට (14) සිට මේ මස 16 වැනිදා දක්වා දින තුනක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (13) පැවසීය. 13 January 2023
දුම්රිය ගමන්වාර 30ක් සඳුදා සිට අවලංගුයි කෙටිදුර දුම්රිය ගමන්වාර 30 ක් ලබන සඳුදා (16) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 January 2023
රජ මැඳුරෙන් හමු වූ මුදල් ගැන ගෝඨාභයගෙන ප්‍රකාශ ගන්න අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද (12) නියෝග කළේය. 13 January 2023
ලංකාවේ වරායන් මගහරින ‘සේතුසමුද්‍රම්’ යළි අරඹන්න තවත් ප්‍රමාද නොකර සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ඊයේ (12) යෝජනාවක් ඒකමතිකව සම්මත කරන ලදි. සේතුසමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම අවශ්‍ය සහාය ලබා දීමට සුදානම් බවද තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත. 13 January 2023
හමුදා භටයන් ලක්ෂයකින් අඩු කිරීමට යයි යුද හමුදාවේ සාමාජික සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 13 January 2023
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ. 13 January 2023
ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණය අරඹයි ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900 ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. 13 January 2023
පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වෙයි පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 13 January 2023
මාවනැල්ල ප්‍රා සභාපති ලක්ෂ 20කට ආත්මයම නැති කර ගනී මාවනැල්ල ප්‍රාදේශිය සභා සභාපති සමන්ත ස්ටීවන් මහතා රුපියල් ලක්ෂ විස්සක අල්ලස් මුදලක් ගනිද්දී අද දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 January 2023
රෙජිනෝල්ඩ්ගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් ඉල්ලයි දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය. 13 January 2023
’’ලුණු ඉහලා බත් කනව වගේ හරි ඡන්දෙ තියන්න ඕන’’ සල්ලි නැත්නම් බත් එකට ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන අපි කනවනෙ. ඒ වගේ හරි ඡන්දය තියන්න ඕනෑ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 13 January 2023
ඡන්දෙට සල්ලි දෙන්න එකඟ වුණා මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීම ව්‍යවස්ථානුකූල වගකීමක් බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් පිළිගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. 13 January 2023
ලංකාවේ අරක්කු රටවල් තිස් පහකට ශ්‍රී ලංකාවේ අරක්කු, පොල් රා, තල් රා වැනි මත්වතුර වර්ග රටවල් තිස් පහකට අපනයනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 13 January 2023
මැතිවරණයට සියලු කටයුතු සූදානම් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 13 January 2023
ලංකාවේ බැංකු 10ක් ශ්‍රේණිගත කිරීමවල පහළට ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ. 13 January 2023
එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය දිවියට සමුදෙයි ලොව සුප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය ලීසා මරී ප්‍රෙස්ලි හෘදයාබාධයකින් ඊයේ(12) අභාවප්‍රාප්ත වූ බව ඇයගේ මව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.මිය යන විට ලීසා මරී ප්‍රෙස්ලි 54 වැනි වියේ පසුවිය. 13 January 2023
ගංජා ජාවාරම් චෝදනාවට එස්.එස්.පීගේ වැඩ තහනම් ගංජා ජාවාරම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය 13 January 2023
බයිඩන්ට එරෙහිව විමර්ශනයක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇත. 13 January 2023
අලි තිදෙනා පුලතිසි පීලි පන්නති හබරණ ගල්ඔය අතර දුම්රිය මාර්ගයේ හතරැස් කොටුව දුම්රිය ස්ථානයට නුදුරින් අලි තිදෙනකු දුම්රියේ ගැටිමෙන් දුම්රිය පිළි පැනිම හේතුවෙන් මඩකලපුව ත්‍රිකුණාමල දුම්රිය කොළඹ අතර ධාවනය තාවකාලිකව අත්හිටුවිමට සිදුවි ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 13 January 2023
දුවන්න හපනෙක් කැකිරාවෙන් හමු වේ වයස අවුරුදු 13න් පහළ පාසල් නිවාසාන්තර මැරතන් තරගයකට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වූ 02 ශ්‍රෙණියේ සිසුවෙක් 13 පහළ තරගකරුවන් 13 දෙනකු අභිබවා විනාඩි 27ක් තුළ දී නියමිත දුර නිම කළේය. 13 January 2023
බෙහෙත් ඉල්ලා වෛද්‍යවරු පාරට බසිති අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිගයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරතවුහ. 13 January 2023
‘‘සීමා නීර්ණය ප්‍රමාද වෙනවා‘‘ නිලධාරින්ගේ හිඟය නිසා මැතිවරණ සිමා නිර්ණය කිරිමේ කාර්ය බාරය ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති සිමා නිර්ණය කිරිමේ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරාධපුරයේදි පැවසිය. 13 January 2023
කෝටි දෙක හමාරේ මැණික් සිහිනය බොඳ වේ පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පිහිටි මහදිවුල්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකා කාර්යාලය කියයි. 13 January 2023
රෙජිනොල්ඩ් කුරේ දිවිමඩලට සමු දෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද රාත්‍රි වාද්දුව හෝටලයක පැවතී රැස්වීමක් අතරතුර හදිසි හෘද ආබාධයකින් අද අලුයම මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි. 13 January 2023
වෙඩික්කරුවෝ දෙදෙනෙක් මාට්ටු ඇල්පිටිය යක්කටුව මංසන්ධියේ දි, කළුවාදේව විමෙෂ් මදුෂ යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා කොළඹ දෙමටගොඩ පදේශයේ දී විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකය නිලධාරින් විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූහ. 13 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026