(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සැප්තැම්බර් මාසයේ ඇති කරගත් එකඟතාව මත ලකුණු 100 කින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාවයකට පැමිණි බවත් ඉන් වෙළඳපොළ පොලී අනුපාත වැඩි වීමක් සිදු වෙතැයි අපේක්ෂා නොකරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහොමද මිනිස්සු නිවාස ණයක් අරන් ගෙයක් දොරක් හදාගන්නේ..? අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ? තියෙන ව්‍යාපාරයක් වැඩිදියුණු කරන්නේ? ඉදිරියේදී රටේ විශාල රැකියා ප්‍රමාණයක් අහිමි වේවි...!