
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව අද (03) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල පෙරදිනට සාපේක්ෂව තවත් පහළ ගොස් ඇත.
මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 334.50 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 348.03 ලෙස සටහන් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩුමිල ඉහලයයි, රුපියලට මොනව වෙනෙවද දන්නෙ නෑ මහ බැංකුව මොනව කිව්වත් බඩුමිල නගින එක නවත්වන්න සක්කරයටවත් බෑ.
අර ඊයෙ අරකහින්ද මෙහෙම වුනා මේකහින්ද මෙහෙම වුනා කියල අදහස් දාපු ගොන් ඔස්තාර්ල දැන් මොකද කියන්නෙ.
අතේ සල්ලි නැතත් රුපියල ශක්තිමත් වීම ගැන සතුටුයි.
රුපියල ශක්තිමත් නම්, මිල සූත්‍රයට අනුව තෙල් මිල අඩුකර ජනතාවට සහන දෙන්න...
ණය නොගෙවන රටක්, නිෂ්පාදනයක් නොකරන රටක්... කෘත්‍රිම ලෙස, තාවකාලිකව රුපියල ශක්තිමත් පමණයි. තාවකාලිකව පොඩි චූන් එකක්...
රුපියලේ ශක්තිය වගේම අපනයනකරුවන්ගෙ ආදායම ගැන හොදින් අවබෝධයෙන් සිටිය යුතුය. ඩොලරය අවප්‍රමාණය වෙනකොට ඩොලර් ආදායම අඩු වීමට ඉඩ ඇත.
රටේ මෝඩයින් මේ මගඩි වැඩ වලට තාවකාලිකව චූන් උනාට, තව ටික දවසකින් රුපියල පා කලාම ඇමරිකන් ඩොලරය රුපියල් හාරසියය පනින එක කාටවත් වලක්වන්න බැහැ. විදේශගත ශ්‍රමිකයින් මුදල් ටිකක් එවන්න පටන් ගත්තා විතරයි, ඔවුන් එවන මුදලට නිසි රුපියල් වටිනාකමක් නොදෙන්න මේ තක්කඩි පාලකයෝ ක්‍රියාකරනවා. මුදලක වටිනාකම මෙලෙස උච්චාවචනය වීම තනිකරම ප්‍රෝඩාවක් හා එසේ විය නොහැකි බව බව ආර්ථික විද්‍යාව ගැන අබමල් රේණුවක දැනීමක් ඇති අය දන්නවා. කලින් ඩොලරයට නිසි වටිනාකමක් නොදී පස්සේ රුපියලට සාපේක්ෂව ඩොලරය දෙගුණයක් වූ බව කට්ටියට මතක ඇතිනේ නේද?? පෙ පාර නම් "යන යකා කොරහත් බිඳගෙන යයි වගේ"
එහෙනම් අපටත් ආයෙත් සින්ගප්පුරුවෙ සවුක්ය රක්ශනයක්, තිරු බඩු රහිත වාහන, දන්න කෙනෙක් දාල කොන්තරක් කරන්න විමද්‍යගත අරමුදල්, එහෙමත් ලැබෙයි නේද?