
( ජේ.ඒ.එල්. ජයසිංහ )
මහනුවර හා මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවයේ නියුතු හමුදා භටයින් දෙදෙනකු යතුරු පැදියකින් පැමිණ මහමඟ ගමන් ගන්නා කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් එක්ලක්ෂ හැත්තෑදහසක් වටිනා රන් මාලයක් කඩාගෙන පළා යද්දී තලාතුඔය පොලීසියේඅපරාධ අංශයේ නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.
එක් හමුදා භටයකු මුලතිව් ප්‍රදේශයේ හමුදා කඳවුරක සේවය කරන අතර අනෙකා මහනුවර හමුදා කඳවුරක සේවය කරන බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
තලාතුඔය කොස්සින්නේ පදිංචි කාන්තාව අතුරුමාර්ගයක ගමන් කරමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබේ.
අනතුරුව කාන්තාව පොලීසියට කළ පැමිණිල්ල මත මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරඹා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න තවත් රණවිරුවන් දෙන්නෙක්..!
ඕක මොකක්ද? චේන් කඩපු, මිනීමරපු කප්පම් ගත්තු අය පාර්ලිමේන්තුවේ ඉන්න රටක්නේ ලංකාව...