
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති පිරිමි දරුවා පැහැර ගත් බව කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි. බිළිඳු දරුවා ද පොලිස් බාරයට ගෙන ඇත.
දරුවා පැහැර ගැනීමට ආධාර අනුබල දුන් බව ,කියන තීරෝද රථ රියදුරකු, බ්‍රෝකර් වරයකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිවුදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටියදී දරු ගැබට මාස හතක් තිබියදී දරුවා මිය යාමෙන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල් ගෙවා ඇතැයි පොලිසිය කියයි.
දරුවකු මිලදී ගැනීම ලක්ෂ තුනක මුදලක් අත දරාගෙන දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයාදෙන ලෙස කාන්තාව විසින් පවසා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
ඒ අනුව එම පුද්ගලයා මෙම කාන්තාව සමඟ දෙමටගොඩ බොරැල්ල බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කීපයක් ඇවිදිමින් යමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබා දුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී ඇය අත දරා සිටි මාස එක හමාරක් වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
එයට කැමැත්ත පළ කළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර බ්‍රොකර් වරයාට රුපියල් 50,000 කුත් තීරෝද රථ රියදුරුට රුපියල් විසිපන්දහසක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද රුපියල් 25,000 බැගින් දී තිබූ බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
යාචක කාන්තාව සමඟ දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැල කට ගොස් තිබූ සැකකාරිය දරුවා වෙනුවෙන් රුපියල් එක්දාස් 1900ක් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ලබාදී තිබු බවද පොලිසිය කියයි.
දරුවා කාන්තාවට ලබා දීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤ වීදිය රථ ගාල කදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සටහන පුරාවටම විත්තිකාරියගේත්, පැමිණිලි කාරියගේත් එකම එක මානුෂිය ගුණාංගයක් ඉස්මතු වුණා. ඒ තමයි " මව් සෙනෙහස !!! දරුවා කුසේදී නැතිවුණ අම්මා ඒ සෙනෙහස පුදන්න" මොනයම් ක්‍රමයකින් හෝ " වෙන දරුවෙක් සොයනවා. එතැනදී ඒ ක්‍රමය නීති විරෝධිබව දැනදැනත්.. සෙනෙහස ඊටත් වඩා ප්‍රමුඛ වෙන්න ඇති. දුප්පත් අම්මා, දුප්පත්කම නිසාම, නැතිබැරිකම ඉහවහා ගොස් ඇතිනිසාම, අකමැත්තෙන් හෝ රුපියල් ලක්ෂයකට දරුවාව විකුණන්න කැමැතිවෙන්න ඇති. ඒත් ඇගේ හදවත ඇයට දෙස් දෙන්න ඇති.. ගත වූ හැම තත්පරයකම... හදවත පුරා විහිදීයන විස්තර කළ නොහැකි වේදනාවක් ඇයව දවන්න ඇති.. ඒ වේදනාවෙන් ඇය දැවී දැවී.. සෙනෙහසත්, කඩදාසි කොළ මිටියත් අතර මොහොතකට අතරමං වෙන්න ඇති. ඇගේ අසරණකම නිසාම. මේ ලොව සෑම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවා රජෙක් !!! ඇයට තමන්ගේ ඒ රජුන්ගේ සුන්දර මුහුණ වරින්වර මැවි..මැවි..පෙනෙන්න ඇති . " මම තරහ නැහැ, මම ගිහින් එන්නම් ..අම්මේ " කියා ඒ කිරිකැටියා ඇයට පවසන ආකාරයක් ඇයට මැවී පෙනුණා වෙන්නත් ඇති, රුපියල් ලක්ෂය පරදා " දරු සෙනෙහස " ජයගන්න ඇති. මට නම් මේ දෙදෙනාම "සැබෑ අම්මාවරුන් ". මව් සෙනෙහස කියන්නේ පුදුම දෙයක්... හුණුවටයේ කතාව ඔබසැමට අමතක නැතිව ඇති...
මේ කතාවට තවත් අර්ථ නිරූපනයක් තිබේ. සාමාන්‍යයෙන් යාචක කතුන් තම දරුවන් හිගමනට අවශ්‍ය මෙවලමක් හැටියටයි යොදාගන්නේ. මව්වත්කම ඇති යාචක කතුන් ඉතා විරලයි. මෙම විස්තරයට අනුව, පැහැදිලිවම යාචක කත තව වැඩි මුදලක් කඩා ගැනීම සඳහා දරුවා විකිණීම ප්‍රතික්ෂේප කරන්න ඇති. මේ දරුවාගේ අවාසනාව, දැන් යාචක කත දරුවා හිඟමනට ම යොදා ගනියි. අවසානයේ රටට අපරාධ කාරයෙක් බිහි වෙයි. මේවගේ දේවල් හොයන්න නම් අපේ පොලෝසිය මාර දක්ෂයි.