IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජරාව ඇහිලූ ඕ.අයි.සී ට මාරුවක්

(ඉන්දිකා  රාමනායක)

ව්‍යාපාරිකයන්ට  බලපෑම්  කරමින්  සුපිරි හෝටල් වලින්  නොමිලේ  ආහාරපාන  ගෙන්වාගැනීම  සහ  සිය පෞද්ගලික මෝටර් රථයට  ඉන්ධන හල් වලින් තෙල් ලබා ගැනීමේ    ආදී    ක්‍රියාවල නිරතව සිටී  කොළඹට නුදුරු පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙක්  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

මෙම ස්ථානාධිපතිවරයා ගේ ස්ථානාධිපති ධූරය අහිමි කරමින් ඊ‌යේ (2) සිට කොළඹට නුදුරු පොලිස්  කොට්ඨාසයක  සාමාන්‍ය රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි .

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ මෙම පොලිස් ස්ථානාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙරදී  අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට පත්ව ඇතැයි ද ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

ස්ථානාධිපතිවරයා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට බලපෑම් කරමින්  විවිධ ආහාරපාන ගෙන්වාගන්නා බවත්, ඔහුගේ පුද්ගලික මෝටර් රථයට ඉන්ධන හල් වලින් රුපියල්  5000 ට වැඩි මුදලකට නිතරම ඉන්ධන ලබා ගන්නා බවටත්   පැමිණිලි ලැබී ඇති බවද පොලිස්  ආරංචි  මාර්ග සඳහන් කරයි.

ස්ථානාධිපතිවරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් සිදුකර මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇත.



අදහස් (8)

ජරාව ඇහිලූ ඕ.අයි.සී ට මාරුවක්

Prabha Friday, 03 March 2023 01:06 PM

හිරේ යවන්න ඕනෑ අයට ස්ථාන මාරු දෙන එකම රට...

:       0       51

ප්‍රේමසිරි Friday, 03 March 2023 03:56 PM

හිරේ යවන්න නොවෙයි සේවයෙන් පහකරන්න ඕනෑ කෙනෙකුට ඒ වෙනුවට මාරුවක් දීලා තියෙන්නේ... ඉතින් කොහොමද පොලිසිය හැදෙන්නේ..? ඇත්තටම ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කරන නිලධාරින් මේවා ගැන බලන්නේ නැත්තේ මොකද? මම අහලා තියෙන විදියට නම් පොලිසියේ ඉහළම වගේ අය ඉන් පහල අයට කියලා අවශ්‍යතාව පිරිමහ ගන්නවා එහෙම කළාම පහළම ඉන්න එකාලාට පොලිසියේ ලොක්කන්ගේ පමණක් නොවෙයි, ඔවුන්ගේ වැටුප්, අතිකාල ගමන් වියදම් පාස්කරන අයගේත් අවශ්‍යතා ඉටුකිරීමට වෙනවා ඉතින් ඕක මෙම පුද්ගලයා තමන්ගේ වැඩට නොව ඉහළින්ම ලැබුණු ඕඩරයක් ක්‍රියාත්මක කරන්න ඇති... ඒකනේ දඬුවමක් නොකර මාරුවක් දුන්නේ... ඒ නිසා මෙම නිලධාරියාට වඩා පියවර දෙකක් හෝ තුනක් ඉහළ නිලධාරින් ගැන සොයා බලන්න... එවිට ඇත්ත පැහැදිලි වේවි..!!!

:       0       25

සෙන්ඩිනග් Friday, 03 March 2023 01:56 PM

පානදුර ඒජන්ත වංගුව රත්නගිරි පාර ලග ඉන්න පොලිස් ලොක්කෙකුත් දැං අවුරුදු ගාණක් ඉදං SWIFT එකක් පදිනවා. ගැරෑජ් අංක තමයි දාගනෙ යන්නෙ. කොහොම QR ගත්තද දන්නෑ... අනිත් වැඩ කොහොමද දන්නෑ. හොයල බලන පොලිසියෙ ලොක්කෙකුගෙ ඇස ගැටේවා..

:       0       29

Shehan Friday, 03 March 2023 02:39 PM

පොලිසියේ ඉන්න සේරම ඔහොම තමයි

:       5       25

නිහාල් Friday, 03 March 2023 04:31 PM

හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක...

:       0       23

Asoka Sirilal Friday, 03 March 2023 06:26 PM

හිරේ යවන්න ඕන අයව ASP, සහ SP දුන්නේ කොහොමද? එහි වගකීම වත්මන් පොලිස්පති බාරගත යුතුයි. මේ සම්බන්ධව SDIG දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ SDIG අජිත් රෝහණ මහතාටත් කතා කළා වැඩක් නැත. සහන අංශය අසහන අංශයක් වී ඇත. මෙය හිටපු පොලිස්පති ඉලංගකෝන් මහතා අවසන් කළ විනය තින්දුත් දී ඇත. ඔහු කිර්තිමත් නිලධාරියෙකි. ඔහුට ගරු කරමි. මේ සම්බන්ඩව DIG සමන්ත ද සිල්වා මහතා දනී. පොලිස් කොමිසමෙන් කියනවා මෙතැන අගතියක් සිදුවී තිබෙන බවට විසඳාලන්න... කෝ නීතිය ඔන්න පොලිස් පතිගේ වැඩ... දැන් උත්තර දෙන්න...!

:       1       15

E M Wijeyekoon Saturday, 04 March 2023 09:50 AM

මේක මොන ලැජ්ජාවක්ද? මාරුවීමක් විතරක් කරලා මදි...

:       0       0

Athula Sunday, 05 March 2023 01:59 PM

පොලිසිය තරම් කුණු කන තවත් තැනක් නැතිතරම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site