13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ දී පැවසීය. 15 January 2023
කෝටි 10 ගෙවන්න ටින් හොලවන්නද? පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කොටි 10 ක් ගෙවන්න කිව්වට මට ඒ මුදල ගෙවන්න වත්කමක් නෑහැ. එම තීන්දුව ට හිස නමන අතර වන්දිය ගෙවීමට මුදල් හොයන්න පිටකොටුවෙ බෝගහ ළග ටින් එකක් හොල්ල හොල්ල ඉන්නදැයි මිතුරන්ගෙන් විමසූ බව ද වන්දිය ගෙවන්න මුදල් නොමැති බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) නිට්ටඹුව මහජන ක්‍රීඩාන්ගනයේ පැවති ශිෂත්ව ප්‍රධානය කිරීමේ උත්සවයකදී ප්‍රධාන අමුත්තා ලෙස සහබාගී වෙමින් පැවසීය 15 January 2023
ගුවන් යානක් ගිනිගෙන 68 ක් අළුවෙති යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයට ගොඩබෑමට යාමේදී ගිනිගෙන අනතුරට ලක්වීමෙන් 68 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 15 January 2023
තෛපොන්ගල් රාජ්‍ය උත්සවය සමරන්න ජනපති යාපනයට යයි තෛපොන්ගල් රාජ්‍ය උත්සවය මෙවර යාපනයේ පැවත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින යාපනයේ සංචාරයක නිරත විය. 15 January 2023
පොලිස් වෙසින් ඇවිත් ගෙට සුද්දයක් දීලා: තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නිවැසියන්ට මත්ද්‍රව්‍ය චෝදනාවක් එල්ලකරමින් එම නිවසකට ඇතුළු වී එම ජංගම දුරකථන සහ මුදල් කොල්ල කෑ බව කියන සැකකරුවන් හතරදෙනෙකුගෙන් තිදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව මොරටුව පොලීසිය පැවසී ය. 15 January 2023
විදුලි බිල වැඩියි කියා මනු කියවන්නාට පොලු පහර දීලා මහකුඹුක්කඩවල ගල්කුලිය විහාරස්ථානය අසන්නයෙ නිවෙස් වල විදුලි බිල නිකුත් කරමින් සිටි විදුලි මනු කියවන්නෙකුට පුද්ගලයකු පොලු මුගුරු වලින් අමානුෂීක ලෙස පහර දීමේන් බරපතල ලෙස තුවාල හා අස්ථි බිදිමකට ලක්ව හලාවත මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි. 15 January 2023
ගෙහිමි කත මරා මෙහෙකාරිය සල්ලි-රන්බඩු උස්සලා 60 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකට විෂ සහිත ද්‍රාවණයක් මුහුණට ඉස පහර දී ඝාතනය කර රන් භාණ්ඩ සහ මුදල් රැගෙන නිවසේ මෙහෙකාරිය අතුරුදන්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 15 January 2023
ශ්‍රී පතුළට ඉහළින් මුතු-මැණික්-රිදී වියනක් ශ්‍රී පාද පතුලට ඉහලින් රන් , මුතු , මැණික් සහ රිදි වලින් නිම කරන ලද රන් වියනක් ඊයේ (14) දින පස්වරුවේ ශ්‍රී පාද උඩ මළුවේ සවි කරනු ලැබීය. 15 January 2023
පොලිසියෙන් කියා තරුණයකු පැහැරගෙන අවිස්සාවේල්ල රෝහල අතර අසල මාර්ගයේ රැඳී සිටි 18 හැවිරිදි තරුණයකු ඊයේ 14 වෙනිදා සවස කාලයේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනකු විසින් යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 15 January 2023
රාජ්‍ය ආයතන 55ක් මාස හතරට කෝටි අසූ හය දාහක් පාඩු ලබලා උපාය මාර්ගික වශයෙන් වැදගත් ආයතන ලෙස හඳුනා ගැනුණු ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ( ව්‍යවසායන්) 55ක් පසුගිය වසරේ මුල් මාස හතරේදී පමණක් රුපියල් කෝටි 86,000ක පාඩුවක් ලබා ඇතැයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 15 January 2023
සිරිනිවාස හිමිගේ ඉඩම ඉල්ලා කතක් උසාවි යයි අනුරාධපුර අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම සිරිනිවාස හිමියන් තමන්ට තෑගි කළ ඉඩමට අදාළ තෑගි ඔප්පුව ලියා පදිංචි කිරීම රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකුගේ බිරියක අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඩී පියරත්න මහත්මිය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින රජයේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට සහ අනුරාධපරු දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රා 15 January 2023
කොළඹ නගරාධිපති තරඟයට මුජුබර් එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා නම් කිරීමට පක්ෂය ඒකමතිකව තීන්දු කරයි. 15 January 2023
කොම්පඤ්ඤ වීදිය සුපිරි සාදය වටලයි කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි 15 January 2023
නේපාල ගුවන් යානයක් අනතුරක නේපාලයේ පොකාරා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ධාවන පථයේදී යෙටී ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 15 January 2023
බොරැල්ල දේවස්ථාන බෝම්බයට වසරයි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී බෝම්බයක් හමු වී වසරක් ගත වී ඇති නමුත් ඒ පිළිබඳ නිසි පරීක්ෂණයන් සිදු නොවීම සම්බන්ධයෙන් විරෝධය පා පියතුමන්ලා සහ එම මීසම්වාසීහු එම දේවස්ථානය ඉදිරිපිටදී අද (15) උදෑසන නිහඬ විරෝධතාවයක නිරතවූහ. 15 January 2023
කොස්කොට ඇද්ද පීසි අල්ලයි කොස් කොට කිහිපයක් බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් සිටි කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි . 15 January 2023
දරුවන් පාසල්වලට දමන්න ලක්ෂ ගණන් මුදල් ගත් කතක් මාට්ටු ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල්වලට දරුවන් ඇතුලත් කර දිය හැකි බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ 54 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගත් ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. 15 January 2023
සීතාවක ඔඩිසි’ ගමන අරඹයි සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ කළේය. 15 January 2023
සේනා මඩින්න බෙිතක් සොයා ගනී බඩඉරිඟු වගාවේ පැතිර පවතින සේනා දළඹුවා Fall Army Worm හානිය මර්දනය සඳහා දේශීය ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 January 2023
පළාත් හතරකට අද සවස් කාලයේ තද වැසි දකුණ, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල අද (15) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 January 2023
ඕමානයේ රඳවා සිටි තවත් 15 දිවයිනට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ’’ සුරක්ෂා’’ මැදුරෙහි (Saffe House ) රදවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 15 දෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 15 January 2023
තේ කම්හල ගිනි රකුසාට බිලි ආඩාරදෙණිය තේ කම්හල් සමුහයට අයත් නෙළුව දුලිඇල්ල තේ කම්හලේ දර මඩුවේ අද (15) අලුයම ඇතිවු ගින්නකින් දර මඩුව සම්පුරණයන්ම විනාශවි ඇතැයි පොලිසිය පවසයි. 15 January 2023
ප්‍රංශයෙන් ඇවිත් ලොකු දන්සලක් දෙයි විවේකය ගත කිරීමට පැමිණ සිටින බෙන්තොට එස්. ඕ. එස්. ආසි. සංවිධානයේ ප්‍රංශ ජාතික සංචාරකයන්ගේ සහභාගිත්වයෙන් වසරක් පාසා පවත්වන මහා බත් දන්සැල බෙන්තොට පැරණි ගාලු පාරේ එම සංවිධාන ශාලා පරිශ්‍රයේදී විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. 15 January 2023
කසුප් රජුගේ සඳලුතලයේ සිට ඉර සේවය බලන්න අවසර සීගිරිය පව්ව මත සිට දිනපතා ඉරපායන දසුන හා ඉර බැසයන දසුන නැරඹීයට දේශීය විදේශීය සංචාරකයන්ට අද සිට අවසරය හිමි වේ. 15 January 2023
‘‘බුද්ධිමත් ජනතාව පොහොට්ටුව දිනවනවා‘‘ පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි. 14 January 2023
ජනෙල් කණ්ඩියෙන් වැටී ලාන්ස් කෝප්‍රල්වරයෙක් මරුට පනාගොඩ යුද හමුදා මූලස්ථානයේ ප්‍රධාන කාර්යාලයේ ජනෙලයක ඉහළින් තිබෙන කොන්ක්‍රීට් පියස්සක් මතින් බිමට වැටීමෙන් ලාන්ස් කෝප්රල්වරයකු මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය කියයි. 14 January 2023
එජාප වාරියපොළ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් වාරියපොල දීගිතව ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ කාර්යාලයට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාරියපොල පොලිසිය කියයි. 14 January 2023
හෙට විදුලිය කපන්නේ නෑ තෛපොංගල් උත්සවය යෙදී ඇති හෙට (15) දිනයේ විදුලි කප්පාදුව නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (14) පස්වරුවේ පැවසීය. 14 January 2023
සංචාරකයන්ට දැමූ නව කොවිඩ් නීති මාලාව කල්යයි ශ්‍රී ලංකාවට පැමිණීමට දැනටමත් සැලසුම් කර ඇති පුද්ගලයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොවිඩ් 19 නව රෙගුලාසි පැනවීම ජනවාරි 20 වැනිදා තෙක් කල් දමන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 14 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026