අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය. 21 August 2022
සිරිකොතට යන පොහොට්ටු පෙරහරක් ගැන එල්ලාවල කියයි වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරනවා . එහෙම වුණොත් සජබෙටයි - පොදුජන පෙරමුණටයි අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. 21 August 2022
පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 වහා ගෙවන්න පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත. 21 August 2022
පොලු තැබූ දේශපාලකයන් 60කගේ වතුර කැපෙයි ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත. 21 August 2022
කවුරු විරුද්ධ වුණත් ඛනිජ තෙල් ප්‍රතිව්‍යුහගත කරනවා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති එම සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගතකරණ ව්‍යාපෘතියට විරෝධය දැක්වුවද එම ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 August 2022
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු බින්දුවට බස්සයි දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 21 August 2022
දූෂණයට එරෙහිව පාරට බැස්ස මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා රට බංකොලොත් කළ රාජ්‍ය නිලධාරින් සහ දේශපාලකයන් නිදැල්ලේ සිටියදී ඒ බංකොලොත්භාවය නිසා තමන්ගෙ ජීවිත විනාශ වීම පිළිබඳව විරෝධය දක්වමින් පාරට බැස්ස ජනතාවට දඬුවම් කිරීම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහනුවරදී පැවසීය. 21 August 2022
ගණිකා නිවෙසක් පවත්වාගෙන ගිය හිටපු එස්.එෆ් සෙබලා මාට්ටු වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ ලැඟුම් හලක් තුල තිබී ටි.56 ගිනිඅවි සඳහා භාවිතා කරන පතරොම් 30 ක් සහ යුද හමුදා නිල ඇඳුමකට සමාන නිලඇඳුමක් සමඟින් හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 21 August 2022
ගිනි අවි උණ්ඩ සමග අයෙක් මාට්ටු තණමල්විල සූරියආර ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උන්ඩ සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 21 August 2022
සාමකාමී උද්ඝෝෂකයන්ට පහරදී ජාත්‍යන්තරය ඉදිරියේ රට අනතුරේ ඇමුවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන් අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 21 August 2022
පුටින් උපදේශකයාගේ දියණිය බෝම්බ ප්‍රහාරයකින් මියයයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම හිතවතකු මෙන්ම රුසියාවේ පිළිගත් දාර්ශනිකයකු ද වන ඇලෙක්සැන්ඩර් ඩූගින්ගේ දියණිය ඩර්යා ඩූගින් මොස්කව් අගනුවරට නුදුරින් බෝම්බ ප්‍රහාරයකට හසුවී ජීවිතක්ෂයට පත්වූවාය. 21 August 2022
වැස්සේ වැඩිවීමක් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 August 2022
ඩලස්ලාගේ ගමන අපුරෙන් අරඹයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. 20 August 2022
සපුගස්කන්ද යළි වැඩ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් නැවත අද (20) ආරම්භ කළ බවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000 ක් ගොඩබාමින් පවතින අතර තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000ක් ලබන සතියේ ලැබීමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 20 August 2022
‘‘ජනපති පරිනත දේශපාලකයෙක්‘‘ දීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් සහිත පරිණත දේශපාලනඥයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට මෙහෙයවීමේ වගකීම බාරගෙන තිබීම ගැන තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ආශිර්වාදය පළ කරන බව අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ. 20 August 2022
තනතුරු නැතිව පොහොට්ටුවේ කට්ටිය කලකිරෙයි ආණ්ඩුවේ තනතුරු නොලැබීම සම්බන්ධයෙන් ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි 20 August 2022
ලාෆ් ගෑස් තව අඩු වෙයි ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ඩබ්ලිව් .කේ එච් වෑගපිටිය මහතා පවසයි. 20 August 2022
ඖෂධ සහ පාසල් දරුවන්ට උපකරණ ජපානයෙන් පරිත්‍යාග කරයි ජපානයේ නිපෝන් ඩොනේෂන් පදනමත් , මාරු ව්‍යාපෘතිය සහ එරට ව්‍යවසායකයන් පිරිසක් එක්ව රුපියල් මිලියන 10 ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් සහ ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් සහිත පාසල් 100 ක් සදහා පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය උපකරණ තොගයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේය. 20 August 2022
අරලියගහ මැදුරෙන් බඩු සොරාගත් අයෙක් මාට්ටු අරගලකරුවන් මුවාවෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළුවී එහි දේපල සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායක පුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ කියයි. 20 August 2022
නාන තටාකයට වැටී තරුණියක් මරුට උඩුගම්පොල ප්‍රදේශයේ නිවසක පිහිනුම් තටාකයකට වැටීමෙන් 18 හැවිරිදි තරුණියක් මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 20 August 2022
මුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලා රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 20 August 2022
හිරුණිකා සී.අයි.ඩියට ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ. 20 August 2022
‘‘අරගලකරුවන් ගිනි තැබූ ගෙවල් හදා ගන්න රජයෙන් පිහිටක් නෑ‘‘ අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් විනාශ කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ඉදිකරගැනීම සඳහා රජයෙන් කිසිදු අනුග්‍රහයක් මෙතෙක් ලැබී නැතැයි එම මන්ත්‍රීවරු චෝදනා කරති. 20 August 2022
ට්රැක්ටරය පෙරළි තුනක් මරුට තව පිරිසක් රෝහලට මුතූර් ගල්කන්දේ කදු පාමුල පිහිටි කොට්ටියාර මූල රජමහා විහාරයට ගමන් කළ ට්‍රැක්ටරයක් අද(20) පෙරලි යැමෙන් එහි ගමන් ගත් කාන්තාවන් තුන් දෙනකු මිය ගිය බව පොලිසිය කියයි. 20 August 2022
කෝටි දෙකක රන් ආභරණ රේගුවෙන් අල්ලයි රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 20 August 2022
සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය බලන්න යු.එන්.ඒ නිලධාරීන්ට අවසර යුක්රේනයේ සැපොරීෂියා න්‍යෂ්ටික බලාගාරය පරික්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන්ට අවසර ලබා දීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 20 August 2022
දේශපාලනඥයන් අසූවකට අල්ලස් දූෂණ චෝදනා අල්ලස් සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම් වල දේශපාලඥයන් 80 දෙනකු ඇතුළු 386 දෙනකු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 20 August 2022
අයි.එම්.එෆ් සහතිකයක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තීරණය කර ඇති නිසා ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය තිරසරභාවය නැවත ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 20 August 2022
බිත්තරවලට පාලන මිලක් බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 20 August 2022
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026