ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව කියන රැඳවියකුට බන්ධනාගාර නිලධාරියකු අද දින අලුයම 02:45 ට පමණ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ ඉඹුල්ගොඩ වත්ත මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්තුන් හැවිරිදි එම් අජිත් කුමාර නැමැත්තෙකි.
වෙඩි කා තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මොහුගේ පාදයකට සහ අතකට වෙඩි වෙඩි ඇති බව පෙනී යන්නේ යැයි ද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් නිලධාරියෙක් පැවැසීය.
කෑගල්ල මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිවූ ජීවිතය ගැන කනගාටුයි.ඒත්,සිරකරුවෙකු පැනලා යනවිට ඔහු කළ දේට දඬුවම් ලැබෙන්නේ එය වැළැක්වීම නොකළ බන්ධනාගාර නිළධාරි වරුන්ටයි.මොහු මේ පැන ගියේ රටේ අධිකරණ තීන්දුවට එරෙහිව සිවිල් සමාජය වෙතයි.මෙවන් පැනගිය අය තම විරුද්ධ කරුවන් මරා දැමූ අවස්ථා තිබුණා.එසේ නීතියට පිටින් බන්ධනාගාරයෙන් පැන යන්නන් නැවැත්වීම සඳහා තමයි බන්ධනාගාර නිලධාරීන්ට ගිනි අවි ලබාදී තිබෙන්නේ.නැතිව දමා ගැසීමට නොවේ.ඒත්, සිරකරුවෙකු වුවත්,ඔහුට විධායක බලතල සහිත දේශය පාලනය කරන අයෙකුගේ ඇසුර හෝ හිතවත්කම තිබුණේ නම්,කල් යල් බලා සමාව ලැබීමට ඉඩ තිබුණි.ඒ අතින් බලනා විට,එසේ සමාව නොලැබෙන සිරකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවේ යැයි සිතේ.
පොලිසියෙන්, හමුදාවෙන්, බන්ධනාගාරයෙන් වෙඩි තියලා මැරුණාට නඩු නැහැ. පරීක්ෂණ නැහැ. අපේ හැටි එහෙමයි...