ගෝඨාගේ මිරිහාන නිවෙසට විශේෂ ආරක්ෂාවක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට අද (19) උපදෙස්දී ඇත. 19 August 2022
රන්ජන් ලබන සතියේ නිදහස් සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය. 19 August 2022
වසන්ත ඇතුළු දෙදෙනෙක් මාස තුනක් රඳවන් ප්‍රශ්න කිරීමට අවසර අන්තර් විශ්ව විදාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එම බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු දෙදෙනෙකු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට ඊයේ (18) අවසර දී ඇත. 19 August 2022
කේතයට වැඩ නොකළ ඉන්ධන හල් 12කට තෙල් නෑ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට අවම දායකත්ව දැක්වූ ඉන්ධන පිරවුම්හල් 12 ක ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 August 2022
කෝටි 3 ක කේරළ ගංජා යාපනෙන් අල්ලයි රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 93 ග්‍රෑම් 200 ක තොගයක් යාපනය මාදගල්, සවුක්කාඩී වෙරළ ප්‍රදේශයේ අද (19) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 19 August 2022
ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදි අද (19) සිදුවිය. 19 August 2022
පැය 3ක විදුලි කප්පාදුව තවත් දින දෙකක් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (20 සහ 21) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 August 2022
රජයේ නිලධාරීන්ට රට යන්න වරම් රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 19 August 2022
සිරදඩුවම් විදින රන්ජන් ‘ද ගේම්’ බලයි ‘ද ගේම්’ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට රඟපාන වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට ‘ක්ලබ්බු සිටි සෙන්ටර්’හිදී අද (18) එම චිත්‍රපටිය නැරඹීමේ අවස්ථාව හිමිවිය. 19 August 2022
කොවිඩ් මරණ තවත් 6ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් හයදෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) පස්වරුවේ තහවුරු කළේය. 19 August 2022
පොලිසියෙන් බේරෙන්න වැවට පැන්න තරුණයා මරුට කුරුණෑගල වැව රවුම ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් දැක පලා යාමට උත්සාහ කළ තරුණයෙකු කුරුණෑගල වැවේ ගිලීමෙන් අද (19) දහවල් මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි. 19 August 2022
ගිනි අවි සහ කඩු සමග තුනක් සැකපිට ගල් කටස් වර්ගයේ ගිනි අවියක්, තහනම් කඩු දෙකක් ද රැගෙන ත්‍රිරෝද රථ දෙකකින් යමින් සිටි පුද්ගලයන් තිදෙනකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ වැලිගම කොක්මාදූව කඳවුර පවසයි. 19 August 2022
ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහළට දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇතැයි වාර්තා වේ. 19 August 2022
‘‘ගෝඨාට වැරදුණේ උද්ධච්චකම නිසා‘‘ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ තත්ත්වයට පත්වෙන්න සිදුවුණේ ඔහුගේ උද්ධච්ච කමත්, නම්‍යශීලී නොවීමත් සහ වැරදි අයගෙන් උපදෙස් ලබා ගැනීමත් නිසා යැයි පැවිදි හඬ සංවිධානයේ සභාපති ආචාර්ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. 19 August 2022
වී විකුණන්න කලබල වෙන්න එපා ඉදිරියේදී වී මිල ඉහළ යන නිසා වි අලෙවියට හදිසි නොවී අත්‍යවශ්‍ය ප්‍රමාණය පමණක් විකුණා ඉතිරි වී ටික තියා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. 19 August 2022
නිවාස සංවර්ධන අධිකාරියට කෝටි ගානක පොල්ලක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ඉදිකරගැනීම සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් ( 1979 සිට මේ දක්වා) ගෙවීම පැහැර හැර ඇතැයි එම අධිකාරිය පවසයි. 19 August 2022
ආණ්ඩුවට ඩලස්ගෙන් චෝදනාවක් රජය තමන්ට මෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී තමන්ට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට රජය වෛරී ආකාරයෙන් සළකන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ. 19 August 2022
ඕනෑම සහයක් දෙන්න ඉන්දියාව සූදානම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාවට ලබා දිය හැකි උපරිම සහාය ඉන්දියාව ලබා දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්.ජයිශංකර් මහතා තායිලන්තයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව ’ද හින්දු’ පුවත් පත වාර්තා කළේය. 19 August 2022
සිමෙන්ති නිෂ්පාදන සමාගමෙන් කෝටි තුනක ඇණ මුරුච්චි සොරා ගනී පුත්තලම පාලවිය සිමේන්ති නිශ්පාදන සමාගමක ගබඩාවක තිබු රුපියල් කෝටි තුනකට ආසන්න තඹ මිශ්‍ර කේබල, ඇණ හා වෝෂර් තොගයක් සොරකම් කළ බව කියන ප්‍රධාන සැකකරු පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින අත් අඩංගුවට ගෙන තිබුනී. 19 August 2022
ගෝඨා ආපහු දේශපාලනයට එන එකක් නෑ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය. 19 August 2022
කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට උද්ඝෝෂණයක් පුද්ගලික සේවා මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණය කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට (අද 19) පැවැත් විය. 19 August 2022
ගුවන් නියමුවන්ට නින්ද ගිහින් ගුවන් පතය මඟ හැරිලා ඉතියෝපියානු මගී ගුවන් යානයක් පියාසර කරමින් සිටි ගුවන් නියමුවන් දෙදෙනකුට නින්ද ගොස්, ගුවන්තොටුපොළ මඟ හැරීමේ පුවතක් වාර්තා වේ. 19 August 2022
’’ඖෂධ හිඟයටත් කඩිනමින් විසඳුම් දෙනවා’’ මේ වනවිට රෝහල් වල හිඟ වී පවතින ඖෂධ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 August 2022
මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා කොරියාවේ ධීවර කේෂත්රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 19 August 2022
බ්රේක් නැති පා පැදියකින් පල්ලමේ ගිය දරුවා මරුට බෑවුම් සහිත මාර්ගය පාපැදියෙන් ගමන් කළ 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනකු පා පැදියේ තිරිංග ක්‍රියාවිරහිත වී වේගය පාලනය කරගත නොහැකිව තාප්පයක ගැටී එක් සිසුවකු මියගොස් අනෙක් සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට අතුළත්කර ඇතැයි දික්වැල්ල පොලසිය පවසයි. 19 August 2022
ටෙලිකොම් - රක්ෂණ සංස්ථාව දෙනවාට කිරිඇල්ලගෙන් දොස් රජය පෞද්ගලීකරණය කරන ආයතන ලැයිස්තුවට විශාල වශයෙන් ලාබ ලබන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනද ඇතුළත් කර ඇති බවත් ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට සමගි ජන බලවේගය පක්ෂය විරුද්ධ බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 19 August 2022
ගෝනුන්ගේ සිරුරු නානුඔයේ පාවෙයි හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයින් කියා සිටියි. 19 August 2022
ජැක්සන් බලන්න ජනපති ජාතික රෝහලට යයි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය. 19 August 2022
පෙම්වතියගේ හොර අල්ලන්න අබාය ඇන්ද තරුණයා මාට්ටු මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසි බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයෙකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරින් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ගාල්ල පොලිසිය වෙත අද (19) උදැසන බාරදී තිබේ. 19 August 2022
සර්ව පාක්ෂික රජයේ ඇමැති ධුර ගැන අලවතුවලගෙන් චෝදනාවක් අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධුර හැත්තෑවක් දක්වා වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව දැනගන්නට ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 19 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026