
(දයාසීලි ලියනගේ)
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කිරීමට චීනය එකඟතාවය දක්වා ඇත.
මෙම එකගතාවයපිළිබඳව ජාත්‍යන්තර අරමුදලට සහ ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ශ්‍රී ලංකාවේ ඇති කර ගන්නා ලද ද්වීපාර්ශික ගිවිසුම් වලින් සියයට 50 කට වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගෙන ඇති අතර ජපානය සහ ඉන්දියාව යන රටවලින් ද ණය ලබාගෙන තිබුණි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන වැඩපිළිවෙළනුමත කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාකඩිනමින් ජනතාව දැනුවත් කරනු ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ මතය අපේ රටේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇති වුනා දේශපාලන ප්‍රශ්න තියනවා ව්‍යවස්ථා ප්‍රශ්න තියනවා චන්ද ප්‍රශ්න තියනවා ආර්ථික ප්‍රශ්න තියනවා නමුත් මේ අවස්ථාවේදී සාදනීය විදියට අපගේ ජනාධිපතිතුමා වැඩපිළිවෙළක් ගෙන යනවා ඉතින් තව ටික කාලයක් මේ වැඩපිළිවෙළ අරගන යන්නට එතුමාට අවස්ථාව දීලා ඊට පස්සෙ අපේ ප්‍රශ්න විසඳගමු කියන එක තමයි මගේ මතය. මොකද මේක අපි කාගෙත් රට මේරට මහා අගාධයකට වැටිලා තිබුනෙ හිතන තරම්ම පහසුවෙන් ගොඩ එන්ඩ බෑ කාලයක් ගතවෙනවා.
රනිල්ට ජය වේවා...
මේක දේශපාලනය කරන්න වෙලාවක් නෙවෙයි. අපි හැමෝටම අර්බුදකාරී තත්වයක්. මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පහසුකම ලබා ගැනීමට එකමුතු වී සහයෝගය දිය යුතුය.
. එහෙනම් ජනාධිපති සිහින දකින කුමාර වරුන්ගේ හිස් පාත්තරේට හෙනහුරා වැටුනා .අයියෝ ෂාමී දැන් මොකද කරන්නෙ. ඉස්සර කතාවක් තිබුනා කුකුල් බෙටිත් බේතට ඕන වෙනවා කියලා. ඒ වගේ රටේ ජනතාව ඇපත් නැතුව යවපු කෙනා ආපසු අවශ්‍ය වුනා.. ඔහු ඇවිල්ලා කරන වැඩ හරියට කොකා ඉගිලෙන විට සුද පේනවා වගේ රනිල්ගෙ දක්ෂතා පෙනෙන්න ගත්තා. ඔහොම තවත් අවුරුදු පහක් වත් තිබුනොත් රට හදන්න පුළුවන් කියලා නුවනැත්තෝ හිතනවා ඇති
සජබ හා මාලිමාව බොර දියේ මාලු බෑමට අහිංසක ජනතාව පෙල ගසති. ප්‍රාදේශීය මැම්බර්ලා පත් කරන්ඩ මරාගන්නවා. මේ අවස්ථාවේ රනිල් රට නිවැරැදි මාවතකට ගෙන යනවා නම් පලමුව රනිල්ට අවස්ථාව දිය යුතුය . දේශපාලන වාසි ලබා ගන්න පස්සේ පුලුවන් . වර්ජන ,උද්ඝෝෂණ, ගසාකෑම නවතා ජාතියක් ලෙස හැමෝම එකතු විය යුතුයි . විනය ඇති ජාතියක් බව ලොවට පෙන්විය යුතුයි. ආරක්ෂක අංශ අවංකව ඒ සදහා පෙල ගැසීම කල යුතුය. අපේ දරුවන්ට නිදහසේ ජීවත් වෙන්ඩ පලමුව විනයත් ,ආර්ථිකත්වයත් ගොඩ නැගිය යුතුය .
ඒ පාර මොනවද චීනයට සින්නක්කර දෙන්න හදන්නේ ?
මොන බොරුද? ඕක කීපාරක් කිව්වද? IMF එහෙම ප්‍රකාශයක් කරලා නැහැ...
තාමත් අහු වෙනව. ඉස්සරහ පරම්පරාව හිර කරලම ඩාන්න හදන්නෙ
රට විනාශයි හොඳටම අගාදයට යනව.
දැන්වත් ච්නා තේරුම් ගනියව් දේශපාලුවෝ