IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


වීරකැටියේ ලොකු ගැටුමක්

(චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම  අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි.

ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.

වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක්  වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයායේ ප්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.



අදහස් (15)

වීරකැටියේ ලොකු ගැටුමක්

රාජසේකර Monday, 06 March 2023 09:19 PM

වීරකැටියෙ තියෙන කෙනෙකුගේ නමින් ඇති ඉස්කෝලේ ඉගෙනුම ලැබූ පිරිසක් කරන්න ඇති

:       62       11

Lanka Monday, 06 March 2023 09:23 PM

මේක වීරකැටියේ වෙච්ච හින්ද ඔතනින් ඉවරවෙයි. උතුරේ නැගෙනහිර වෙලා තිබ්බනං…. අම්බෝ… ඉවරයි !

:       47       15

Perera Monday, 06 March 2023 10:35 PM

පොලිසියේ නොහොබිනා වැඩ නිසා ජනතාව පොලිසියට දැන් ගරු කරන්නේ නැහැ

:       34       20

මැක්ස් Monday, 06 March 2023 10:35 PM

අරගලයෙන් පසු දැන් හැමෝම හිතන්නේ රටේ නීතිය තමන් බවයි. ජනාධිපතිවරයා පවා ගෙදර යැවූ අපට පොලිසිිය කජ්ජක් ද කියායි. රජයේ කන්තෝරැවල ලොකු ⁣ලොක්කන් ස්වකීය කාර්යාල කාමරවල සිරකිරීම, උසස් අධ්‍යාපන ආයතනවල උප කුලපතිවරැ, අංශ ප්‍රධානීන් මැරවර සිසුන් විසින් තාඩන පීඩනවලට ලක් කරන්නේත් එහි ප්‍රතිඵල වශයෙනුයි. අරගලය යැයි වරනැගූ දේශපාලන ප්‍රහසනයේ විනාශකාරී ප්‍රතිඵල ඉදිරියට තවත් දැක ගත හැකි වනු ඇත. රෝහල්ගත වූ සැමට ඉක්මන් සුව පතමු.

:       26       85

සෙනෙවිරත්න Tuesday, 07 March 2023 10:54 AM

මේ රටේ නෙවෙයිද අරගලයට කලින් හිටයෙ? නැත්නම් මැරිල ඉපදුනාද? පොලීසිය හා ගැටුම් ඊට පෙර උනේම නැද්ද? ප්‍රාන ඇපයට ගැනීම් උනේම නැද්ද? තමුන්නැහැලා තමයි මේවට වගකියන්න ඕන තක්කඩි දේශපාලුුවො දිගින් දිගටම බලයට ගෙනැල්ල රටේ සියලුම අංශ පරිහානියට පත්කරල තියෙන්නෙ. ජනතාව අසහනයෙන් නිතරම ගැටුම් වලට සූදානමින් ඉන්නෙ.

:       47       25

සෙනෙවිරත්න Tuesday, 07 March 2023 10:58 AM

මව දරුවන් සමග ගඟට පනී. දරු දෙදෙනා එල්ලා තමන්ද දිවි නහ.ගනී. බෙහෙත් ගන්න බැරිිව දරුවන්ට වස පොවයි. දැනට අහන්න ලැබෙන සුලබ ප්‍රවෘත්ති. මේවත් අරගලයෙ ප්‍රතිපලද? අරගලයෙන් සලිත වෙලා ඉන්න.තක්කඩි රෑනට උඩගෙඩි දෙන ප්‍රකාශ නොකර මම මුලින් දාපු ඒවට හේතු කියන්නකෝ.

:       48       20

ගජමිතුරු Tuesday, 07 March 2023 12:05 PM

කවුරු මොනවා කිව්වත් මැක්ස් කියන්නෙ සහතික ඇත්ත මේකෙන් පේනවා රටේ නීතියක් නැහැ කියලා. තවත් කාලයක් මෙහෙම වුනත් මොනවා වෙයිද හිතන්නවත් බැහැ .මේවාට උපරිමයෙන් දඩුවම් දියයුතුය .මේවා වෙන්නෙ දේශපාලුවන්ට කඩේයන පිරිස් බිය නැතුව උපරිමයෙන් වැරදි කරනවා දේශපාලුවො ඒවායින් උන් බේරගන්නවා. බොහෝවිට වරදක් කරපු එකා ගිහිල්ලා දේශපාලුවො හමුවෙලා තමන්ගෙ වැරැද්ද නොකියා පොලිසිය ඇල්ලුවා කියනවා .ඉතින් දේශපාලුවො කරන්නෙ වහාම මගේ එකා දොට්ට දාපිය කියල තර්ජනය කරනවා. ඕඅයිසී පුටුවෙන් නැගිටලා තිවංක වෙලා එහෙමයි එහෙමයි කියලා වැරදි කරුවන් දොට්ට දානවා. පුළුවන් නම් පැමිණිලි කරුටත් තර්ජනයක් කරනවා .එහෙම වුනාම තමයි මේවා වෙන්නෙ. ඔය ප්‍රදේශයේ ප්‍රබලම දේශපාලුවො ඉන්නවා නේද උනුයි මුනුයි අතර සම්බන්ධයක් තියෙනවා වෙන්න පුළුවන් ඒක තමයි ප්‍රශ්නය

:       4       34

janahithaWednesday, 08 March 2023 09:11 AM

හොර තක්කඩියන් පන්නා දැමුවට සිත නරක් වෙලා වගේ සත්‍යයට වඩා විශ්වාසය තහවුරු කරන මිනිසුන්...!

:       0       1

පිටරැටියා Tuesday, 07 March 2023 12:06 AM

මේ දේවල් අහන කොට ඇඟ හිරි වැටෙනවා. මිනිසුන් මේ තරම් දරුනු වෙන්නේ ඇයි?

:       2       51

sam Tuesday, 07 March 2023 01:14 AM

අනිවාර්යයෙන්ම සාටක හොරැන්ගෙ ගෝලයො වෙන්ඩ ඇති. සාටක හොරැ රටම විනාශකරල ඉවරයි.

:       36       17

ජගත් ලියනගේ Tuesday, 07 March 2023 08:49 AM

වේලාවට කන විතරක් හැපුවේ. වෙන එකක් හැපුව නං ගෙදර යන්න වෙන්නෙත් නැහැ.

:       19       5

Samitha Senaka Aluthgamage. Tuesday, 07 March 2023 08:50 AM

අපරාදේ කන් දෙක සපා කැවේ ... ? ඒත්,මේ තරම් සාහසික වෙන්න අප නොදන්නා හේතු ඔවුන්ට තිබෙනවා ඇති. ඒ කෙසේ වෙතත්,දැන් දැන් මේ රටේ මිනිසුන් ඉන්නේ,මොන තරම් දැරිය නොහැකි පීඩනයකින් දැයි සිහි නුවණින් කල්පනා කර බැලීම වටී. බඩ ගින්න,බදු ගින්න,ව්‍යාපාර හා රැකියා කඩාවැටීමෙන් ඇතිවී තිබෙන ආර්ථික දුෂ්කරතා වැනි දෙයෙහි ඇති ව්‍යාකූල බව ආදිය එහිදී මුල් තැනක් ගනු පෙනේ.ඊට අමතරව,එක් එක් කෙනාගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට සියලු දේශපාලකයන් ගෙනයන මතවාද ආදියෙන් ජන විඥානය විකෘති වී ඇතැයි සිතේ.ජනතාවගේ පැත්තෙන් බලනා විට,ඔවුන් රට ගොඩ ගැනීමට හැකි කුමන හෝ කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කරනු පෙනේ. ඒත්,ජනතාව ගෝඨා බලයට පත් කිරීම සිදුකළේත් මේ වැනිම ආවේගශීලී ආකාරයෙනි.දේශපාලකයන්ගේ ඉච්චා බස් හා සුරංගනා කතා දෙස සිහි නුවණින් කල්පනා කොට ඉතාමත්ම වැදගත් හා නිවැරදි තීරණය ගත යුතුව ඇත. ඒ මන්ද යත්, අප සිටින්නේ, ශ්‍රී ලංකාවේ වන බැවිනි.

:       1       10

Rata Perata Tuesday, 07 March 2023 12:44 PM

දැන් සූත්තර පුංචා කියාවි .ගැටුමකින් කන් හැපුවේ නෑ .කන් හපන්න ගැටුමක් තිබ්බෙත් නෑ කියලා.මේ වගේ කාලකන්නි දේශපාලුවෝ තමයි මේ සමාජ පිරිහීමට මුල

:       1       4

Yaka Tuesday, 07 March 2023 01:00 PM

සුනඛ බේත් ශරිර ගත වූ දරුවාගේ සමාව දීමට මව්පියන් ගත් තීරණය හරි කියල දාපු හරක් රැලට මේක පෙන්නන්න ඕන.

:       0       14

Bunny Preena Tuesday, 07 March 2023 04:11 PM

කන් දෙකම හපා කාපු එකාත් මයික් ටයිසන් වගේ බොක්සින් ක්‍රීඩකයකුද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 478 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2226 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site