
(චන්ද්‍රසේන ගමගේ)
වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
ගැටුම අතර තුරදී කන් දෙක සපා කෑමට ලක් වූ උප පොලිස් පරීක්ෂකවරයා මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇතැයිද පොලීසිය කියයි.
ගැටුමෙන් පොලිස් නිළධාරීන් 05 දෙනකු හා සිවිල් වැසියන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ. සිවිල් වැසියන් දෙදෙනා සහ පොලිස් නිළධාරීන් සිවු දෙනකු තංගල්ල මූලික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටිති.
වීරකැටිය පොලීසියේ නිළධාරීන් පිරිසක් වීරකැටිය පොලිස් වසමේ ගෝනදෙනිය ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගොස් නැවත එන අතර තුරදී අත්තනයායේ ප්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි කිහිප දෙනකු පරීක්ෂාවට ලක් කොට තිබේ. ඒ අතර තුරදී තරුණයන් දෙදෙනෙකු හා පොලිස් නිළධාරීන් අතර බහින් බස් වීමක් ඇති වූ බවට තොරතුරු තිබේ. අනතුරුව එය ගැටුමක් බවට පත්ව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වීරකැටියෙ තියෙන කෙනෙකුගේ නමින් ඇති ඉස්කෝලේ ඉගෙනුම ලැබූ පිරිසක් කරන්න ඇති
මේක වීරකැටියේ වෙච්ච හින්ද ඔතනින් ඉවරවෙයි. උතුරේ නැගෙනහිර වෙලා තිබ්බනං…. අම්බෝ… ඉවරයි !
පොලිසියේ නොහොබිනා වැඩ නිසා ජනතාව පොලිසියට දැන් ගරු කරන්නේ නැහැ
අරගලයෙන් පසු දැන් හැමෝම හිතන්නේ රටේ නීතිය තමන් බවයි. ජනාධිපතිවරයා පවා ගෙදර යැවූ අපට පොලිසිිය කජ්ජක් ද කියායි. රජයේ කන්තෝරැවල ලොකු ලොක්කන් ස්වකීය කාර්යාල කාමරවල සිරකිරීම, උසස් අධ්‍යාපන ආයතනවල උප කුලපතිවරැ, අංශ ප්‍රධානීන් මැරවර සිසුන් විසින් තාඩන පීඩනවලට ලක් කරන්නේත් එහි ප්‍රතිඵල වශයෙනුයි. අරගලය යැයි වරනැගූ දේශපාලන ප්‍රහසනයේ විනාශකාරී ප්‍රතිඵල ඉදිරියට තවත් දැක ගත හැකි වනු ඇත. රෝහල්ගත වූ සැමට ඉක්මන් සුව පතමු.
මේ දේවල් අහන කොට ඇඟ හිරි වැටෙනවා. මිනිසුන් මේ තරම් දරුනු වෙන්නේ ඇයි?
අනිවාර්යයෙන්ම සාටක හොරැන්ගෙ ගෝලයො වෙන්ඩ ඇති. සාටක හොරැ රටම විනාශකරල ඉවරයි.
වේලාවට කන විතරක් හැපුවේ. වෙන එකක් හැපුව නං ගෙදර යන්න වෙන්නෙත් නැහැ.
අපරාදේ කන් දෙක සපා කැවේ ... ? ඒත්,මේ තරම් සාහසික වෙන්න අප නොදන්නා හේතු ඔවුන්ට තිබෙනවා ඇති. ඒ කෙසේ වෙතත්,දැන් දැන් මේ රටේ මිනිසුන් ඉන්නේ,මොන තරම් දැරිය නොහැකි පීඩනයකින් දැයි සිහි නුවණින් කල්පනා කර බැලීම වටී. බඩ ගින්න,බදු ගින්න,ව්‍යාපාර හා රැකියා කඩාවැටීමෙන් ඇතිවී තිබෙන ආර්ථික දුෂ්කරතා වැනි දෙයෙහි ඇති ව්‍යාකූල බව ආදිය එහිදී මුල් තැනක් ගනු පෙනේ.ඊට අමතරව,එක් එක් කෙනාගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට සියලු දේශපාලකයන් ගෙනයන මතවාද ආදියෙන් ජන විඥානය විකෘති වී ඇතැයි සිතේ.ජනතාවගේ පැත්තෙන් බලනා විට,ඔවුන් රට ගොඩ ගැනීමට හැකි කුමන හෝ කණ්ඩායමක් තෝරා ගැනීමට කටයුතු කරනු පෙනේ. ඒත්,ජනතාව ගෝඨා බලයට පත් කිරීම සිදුකළේත් මේ වැනිම ආවේගශීලී ආකාරයෙනි.දේශපාලකයන්ගේ ඉච්චා බස් හා සුරංගනා කතා දෙස සිහි නුවණින් කල්පනා කොට ඉතාමත්ම වැදගත් හා නිවැරදි තීරණය ගත යුතුව ඇත. ඒ මන්ද යත්, අප සිටින්නේ, ශ්‍රී ලංකාවේ වන බැවිනි.
දැන් සූත්තර පුංචා කියාවි .ගැටුමකින් කන් හැපුවේ නෑ .කන් හපන්න ගැටුමක් තිබ්බෙත් නෑ කියලා.මේ වගේ කාලකන්නි දේශපාලුවෝ තමයි මේ සමාජ පිරිහීමට මුල
සුනඛ බේත් ශරිර ගත වූ දරුවාගේ සමාව දීමට මව්පියන් ගත් තීරණය හරි කියල දාපු හරක් රැලට මේක පෙන්නන්න ඕන.
කන් දෙකම හපා කාපු එකාත් මයික් ටයිසන් වගේ බොක්සින් ක්‍රීඩකයකුද දන්නේ නැහැ