විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම් ආරම්භ කළ වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දමීම නිසා එම ප්‍රදේශයේ වකගඩු රෝගීහු දැඩි අසීරුතාවය පත්ව සිටිති. 22 August 2022
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබිමට දෙකක් අල්ලයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැකපිට ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත . 22 August 2022
පියාගේ පොලු පහරින් පුතා නොඑන ගමන් යයි පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි. 22 August 2022
පොහොර ආනයනයේදි ලෝක බැංකුවෙන් දැඩි රෙගුලාසි ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දූෂණයෙන් තොර ක්‍රියාවලියක් බවට සහතික කිරීමට ලෝක බැංකුව දැඩි රෙගුලාසි හඳුන්වා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 22 August 2022
ගිය වසරේ කිරිපිටි ටොන් අසූතුන්දහසක් බීලා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි. 22 August 2022
කෑම ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් 16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියාකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය . 22 August 2022
පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 August 2022
‘‘ශ්‍රී ලංකාව ගමන් මඟ හොඳ නෑ‘‘ ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. 22 August 2022
ගෝඨාභය යුද අධිකරණය යවන්නැයි සංදේශයක් දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයට සහාය දුන් බව කියන පිරිස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි ලීලාදේවි ආනන්දන් නඩරාජා මහත්මිය වව්නියාව නගර සභා මණ්ඩපයේදි පැවසුවාය. 22 August 2022
22 වගන්තියකට විරෝධය පා මන්ත්‍රීවරු 80කගෙන් ජනපතිට ලිපියක් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය නොකළහොත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසක් පෙත්සමක් අත්සන් කර ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ. 21 August 2022
සුදුසු කල දේශපාලනයෙන් සමු ගන්නවා -තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 21 August 2022
සැර කොරෝනාව තවත් ප්‍රදේශ හතරකින් ලෝකයේ වේගවත් පැතිරීමක් සහිත බී.ඒ 5 කොවිඩ් අනු ප්‍රභේදය දිවයිනේ තවත් ප්‍රදේශ හතරකින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 21 August 2022
ප්‍රා: මන්ත්‍රී බේරේට තල්ලු කළ අයෙක් මාට්ටු දිවයින පුරා ඉකුත් මැයි 9 වැනි දා කලහාකාරී සිද්ධීන් අතරතුරදී අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුගේ මුදල් පසුම්බිය කොල්ලකා බේරේ වැවට තල්ලු කළ බව කියන කණ්ඩායමේ සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය වෑකන්ද පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 21 August 2022
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළට භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253 කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ තිබේ. 21 August 2022
අම්බලන්ගොඩ වෙඩි තැබිමකින් දෙකක් මරුට අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 21 August 2022
පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට නායකයන් අකමැති ඇයි? පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රටේ නායකයන් අකමැති, එයට ඔවුන්ගේ සහභාගීත්වයක් ඇති බව හෙළිදරව් වෙන නිසාදැයි යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 21 August 2022
ඉන්ධන ලබාගැනීමේ පැහැදිළි අඩුවක් ජාතික ඉල්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය හදුන්වාදීමෙන් පසුව ජනතාව ඉන්ධන ලබාගැනීම පැහැදිළි ලෙස අඩුවී ඇති බවත් ඉන්ධන මිල ඉහළ යෑම මෙම තත්වයට ප්‍රධාන හේතුව ලෙස දකින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා අද (21) පැවසීය. 21 August 2022
නිකන් කන්න දෙන්න බෑ: වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 21 August 2022
සගයන්ට නිදහස ඉල්ලා සරසවි සිසුහු විරෝධතාවක රැඳවුම් නියෝග මත සිරගත කර සිටින සියලු අරගලකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි අද පැවැත්විණි. 21 August 2022
ගාල්ලට කරන්ට් කැපීමෙන් සංචාරකයන්ට බාධා ලෝක උරුමයක් සහ සංචාරක පරාදීසයක් වන ගාල්ල කොටුව නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් විදුලි කප්පාදුව හේතුවෙන් බලවත් අපහසුවාතයට පත්වන බව වාර්තා වේ. 21 August 2022
කැස්බෑ මස් කිලෝ 14 ක් සිලාවතුරෙන් අල්ලයි කැස්බෑ මස් කිලෝග්‍රෑම් 14 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මන්නාරම සිලාවතුර කායක්කුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 August 2022
කේතයට සහාය දුන් සමාගමට ඇමැති තුති පුදයි ජාතික ඉන්ධන අවසරපත ක්‍රියාවට නැංවීම සඳහා නොමිලයේ තාක්ෂණික පහසුකම් සලසා දුන් ඩයලොග් අයිආටා.මිලේනියම් අයි.ටී.ඊ.එස්.පී සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනවල සේවාව අගය කරන බව විදුලබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය. 21 August 2022
පේරාදෙණියේ සරසවි උපදේශිකාව සරදියල් ගලෙන් වැටී මරුට පෙරාදෙණිය සරසවියේ සිසුන් පිරිසක් සමග මාවනැල්ල උතුවම් කන්ද සූරසරදියල් ගල තරණය කළ පෙරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ සහාය උපදේශිකාවක එම ගලෙන් ලිස්සා අඩි 300ක් පමණ ප්‍රපාතයකට වැටීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 21 August 2022
සංචාරක සමාගම හිමිකරු පැහැරගෙන මුදල් කොල්ල කෑ අයෙක් මාට්ටු පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංචාරක සමාගමක හිමිකරු සහ සහකාර ගණකාධිකාරීවරයා බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී පැහැරගෙන ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණනාවක මුදල් කොල්ලකෑ සහෝදරයන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක අයකු බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි 21 August 2022
‘‘නියත වශයෙන් ජනපති රට ගොඩ දමනවා‘‘ තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම බාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනගනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ. 21 August 2022
යූ.එන් සැසියට පිරිස අඩු කරන්න නිව් යෝර්ක් නගරයේ කොවිඩ් රෝගය නැවත හිස එසවීම හේතුවෙන් සැප්තැම්බර් 20 වෙනිදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ 77 වෙනි සැසිවාරයට සහභාගී වන නියෝජිතයන් පිරිස 3 ත් 5 ත් අතර ප්‍රමාණයකට සීමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය තම සාමාජික රටවල් 193ට දැනුම් දුන්නේය. 21 August 2022
හෙටත් පැය 3ක් රටම අඳුරේ නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය අද (21) පස්වරුවේ පැවසීය. 21 August 2022
අන්තරේට එල්ල කළ ප්‍රහාරය සජබ හෙළා දකියි සමකාමී පෙළපාලියක සහ විරෝධතාවක නියැලුණු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය විසින් එල්ල කළ කදුලු ගෑස් සහ ජල ප්‍රහාරය තරයේ හෙලා දකින බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබංඩාර ප්‍රකාශ කළේය. 21 August 2022
සිරිකොතට යන පොහොට්ටු පෙරහරක් ගැන එල්ලාවල කියයි වැඩි දවසක් නොගිහින් සිරිකොතට අලි පෙරහරක් වගේම පොහොට්ටු පෙරහරක් යන ලකුණු පෙන්නුම් කරනවා . එහෙම වුණොත් සජබෙටයි - පොදුජන පෙරමුණටයි අබසරණ යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. 21 August 2022
පුනර්ජනනීය විදුලියට ගෙවිය යුතු බිලියන 28 වහා ගෙවන්න පුනර්ජනනීය බලශක්තිය ලබා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා ගෙවිය යුතු රුපියල් බිලියන 28 ක මුදල ඉදිරි මාස තුනක කාලය තුළ ගෙවන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නියම කර ඇත. 21 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026