IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්දට රට යන්න අවසර

(නිමන්ති රණසිංහ) 

අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල්  මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී  ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08)  නියෝග කළේය.

දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින් තම සේවාදායකයාට පණවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණයේ මෙන්ම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු අමාත්‍ය සී බී රත්නායක සහ මිලාන් ජයතිලක යන අයවලුන්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ද අධිකරණය නියෝග කර තිබේ.

 



අදහස් (8)

මහින්දට රට යන්න අවසර

පිටිගල මිලානෝ Wednesday, 08 March 2023 02:11 PM

කොහේ රට යන්නද..? බයේ දුවපු මල්ලිව යන යන රටෙන් එලෙව්වා ආපහු ලංකාවට එනකල්ම. මෙයත් ඉතිං ආගම අදහගන්න අර මොකක්ද එක නාවන්න ඉන්දියාවට යන එකනේ කරන්නේ...? පුළුවන් නම් වීසා ඉල්ලලා බලන්නකෝ එංගලන්තෙට ඇමරිකාවට...

:       4       12

wije Wednesday, 08 March 2023 02:21 PM

ගිරුවාපත්තුවේ කට්ටිය සරමේ පිහදාගත්තානම් හොඳයි කියලා හිතෙන්නේ දැන් තමයි.

:       3       14

fairoos Wednesday, 08 March 2023 02:54 PM

අපේ ජනාධිපති තුමාට බොහෝම ස්තුතියි...!

:       7       2

achini Wednesday, 08 March 2023 03:06 PM

ආපහු එන්න නොලැබේවා

:       4       15

saman Wednesday, 08 March 2023 04:48 PM

පව් අප්පා...! පහුගිය දවස්වල රටට වැඩ කරලාම මහන්සි ඇති. ගිහින් කොරියාවේ නිවාඩුවක් ගත කරලා එන්න.

:       1       8

ගනේගොඩ Wednesday, 08 March 2023 06:53 PM

යන්න අවසර දුන්නාට අපේ අකැමැත්තක් නැහැ...! ආපහු එන්න අවසරයක් නොදුන්නා නම් තමයි අපිට සතුටු වෙන්න පුළුවන්...!

:       1       3

Kumara Wednesday, 08 March 2023 07:23 PM

මෙරට දරු පරපුර වෙනුවෙන් මකබෑවිලාම යන්න...

:       1       5

Dona Wednesday, 08 March 2023 07:47 PM

බොරු කියලා උගන්ඩාව පැත්තේ ගිහිල්ලා සල්ලි ගැන හොයන්න වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site