IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදු සහන නොදුන්නොත් රට වැටේවි

(ඡායාරූපය-ළහිරු හර්ෂණ) 

(යොහාන් භාසුර)

ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වන විට සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයම කඩාවැටෙන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (8) පැවසුවාය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාලතම දායකත්වය සපයන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කිරීම ආර්ථික ඝාතනයක් බවත් වර්තමාන ආණ්ඩුව සහ බලධාරීන් එම ඝාතනය සිදු නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.

මහ බැංකු අධිපතිවරයා ව්‍යාපාරිකයන්ට සහන දෙන ලෙස බැංකුවලට කටවචනයෙන් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නොවන බව කී අබේසුන්දර මහත්මිය ඒ සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කළාය.

ෙසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සතුව ආනයනය කළ අමුද්‍රව්‍ය හා නිෂ්පාදන විශාල තොග ප්‍රමාණයක් මේ වන විට ගොඩගැසී ඇති බවත් ඒ හේතුවෙන් ඩොලරයට ඇති ඉල්ලුම අඩු වීමෙන් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවත් ඇය පැවසුවාය. 

ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (8) එසේ පැවසුවාය. 

 



අදහස් (6)

බදු සහන නොදුන්නොත් රට වැටේවි

Bamunuarachchi Wednesday, 08 March 2023 02:38 PM

බදු නොගත්තොත් රට ඉක්මනට වැටේවි. ලක්ෂයකට වැඩිය උපයන එකාට රුපියල් 5000 බදු ගෙවන්න බැරිද?

:       2       9

Bamunuarachchi Thursday, 09 March 2023 03:41 PM

1989 මේ රටේ කර්මාන්ත නැතිකළේ ජෙප්පෝ. රටට ආයෝජන, ගෙනත් කර්මාන්ත, ව්‍යාපාර ඇතිකළ විදේශිකයින් රටින් පන්නා දමා රටේ රැකියා අවස්ථා නැති කළේ ඊනියා ජෙප්පන්...

:       0       1

Shantha Wednesday, 08 March 2023 03:31 PM

තව කොහාටද වැටෙන්නේ...? වියදම් කලමනාකරනය කරන්න....

:       0       2

Lalla Wednesday, 08 March 2023 04:34 PM

අමුද්‍රව්‍ය ආනයනය කළේ කොහොමද සල්ලි නැතිනම්...? අනික අපනයන කරන භාණ්ඩ නිෂ්පාදනය කරන අයට ඩොලරය වැඩිවීම වාසියි නේද? දෙන සහනවලට අවශ්‍ය මුදල් පෞද්ගලික අංශයේම සේවකයින්ද බදු විදියට ගෙවන්න ඕනෑ...

:       0       2

Priyath Wednesday, 08 March 2023 04:54 PM

ඔයාලාට හැමදාම බදු සහන දෙන්න ඕනෑ... කරන නිෂ්පාදනයක් තියනවා නම් අපනයනය කරලා ඩොලර්වලින්ම හොයා ගන්නකෝ... බදු නැතුව රටකට ආදායමක් කෝ...?

:       1       3

චින්කා Wednesday, 08 March 2023 06:15 PM

විකෘති අර්ථික කතාවක්.... මෙහෙම අය බිස්නස් කරන්නේ කොහොමද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site