
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.
රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.
සීනි කිලෝවක් සඳහා පැවති රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක ද රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු ආනයන බද්ද රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක බදු ආදායමක් ද මේ වන විට රජයට අහිමි වී ඇතැයි තොග වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි.
සීනි බද්ද සත 25 දක්වා අඩු කළ 2020 ඔක්තෝම්බර් 13 වනදා සිට මේ දක්වා සත 25 බද්ධ යටතේ සීනි මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ද ,රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක්ද මෙරටට ආනයනය කර ඇතැයි තොග වෙළෙන්දෝ වැඩි දුරටත් කියා සිටිති.
ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
389
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිප්පු - සුදු සීනි මිලත් පහළට