IMG-LOGO

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කෝප් කමිටුව නිර්දේශ කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවෙන්  මතු කෙරුණු කරුණු පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (7)  පස්වරුවේ  රැස් විය.

විශේෂ විගණන වාර්තාවෙන් මතු කෙරුණු කරුණු විමර්ශනය කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පත්කරන ලද  අභ්‍යන්තර විමර්ශන කමිටුව පිළිබඳවද  මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට
එකඟත්වයක් ඇතිවිය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක සභාවේ රැස්වීම් පැවැත්වීම පිළිබදවත් අරමුදල් ‍විධිමත් ලෙස වියදම් කර තිබේද යන්න පිළිබදවත් පසුගිය කෝප්  රැස්වීමේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණ. විශේෂයෙන් පාලක සභාවේ  209 වන රැස්වීමේ වලංගුභාවය පිළිබඳවද සාකච්ඡා කිරීමට එකඟත්වයක් ඇතිවිය.

අදාළ 209 වැනි රැස්වීමේ තීරණ වලට එකඟතාව පළ කර ඇත්තේ සාමාජිකයන් 11 දෙනාගෙන් 07 දෙනෙකු පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු 04 දෙනෙක් සිය අත්සන් යොදා නොමැති බවත්  විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අත්සන් කළ හත් දෙනා මෙම රැස්වීමේ අත්සන් නාමලේඛනයට යොදා ඇති අත්සන් සහ ඔවුන් මීට පෙර පාලක මණ්ඩල රැස්වීම් වලදී යොදා ඇති අත්සන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වන බව සඳහන් කළ  විගණකාධිපතිවරයා, අදාළ 209 වැනි පාලක මණ්ඩල රැස්වීමේ තීරණ 210 වැනි රැස්වීමේදී සම්මත වීමක්ද සිදුවි නොමැති බව පැවසීය.

එමෙන්ම අදාළ පාලක මණ්ඩලයේ සමාජිකත්වය දැරූ එවකට අග්‍රාමාත්‍ය ලේකම් සහ වත්මන් ජනාධිපති ලේකම්වරයා  එවැනි රැස්වීමකට තමා සභාගී නොවූ බවට තහවුරු කරන ලද බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව දිර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කෝප් සභාපතිවරයා  බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාට  ඉහත නිර්දේශය කළේය.



අදහස් (5)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දූෂණ සොයන්න විශේෂ කමිටුවක්

PODDA Wednesday, 08 March 2023 04:41 PM

පුතාණෝට, වැඩේ දෙන්නද යන්නේ?

:       2       9

දාසWednesday, 08 March 2023 05:21 PM

පුතාණෝ වැරැදි ගොඩක් කරලා තියෙනවා කියලා විගණන වාර්ථාවේ දක්වලා තියෙනවා... හැබැයි ජජබ.. කාටහරි, මොකක්හරි සුලු චෝදනාවක් තිබුණා නම් අද උන්දැලා හිරේ...

:       1       4

Surain Wednesday, 08 March 2023 05:35 PM

කරගන්න දෙයක් නැති වුණාම මෙදාවත් ගහමු නේද න්‍යාය...?

:       2       1

nandana Wednesday, 08 March 2023 05:38 PM

හැමදාම දූෂණ, වංචා හොයන්න කමිටු දානවා පමණයි. මහබැංකු හොරකම ගැන වෝහාරික විමර්ෂණයට මොනතරම් වියදම් කළාද? කෝ සීනි බදු වංචාව ගැන ගත්තු තීරණ ජනතාව ගොනාට අන්දන එක තමයි මිනිස්සු බඩගින්නේ දුක් විඳිනවා හැමදාම...

:       1       5

siri Wednesday, 08 March 2023 05:58 PM

විගණකාධිපතිවරයා දූෂණ, වංචා සහ රජයේ දේපළ අවභාවිතා කිරීම සම්බන්ධ නොයෙක් ආයතන ගැන මෙතෙක් ලබාදී ඇති සියලු වාර්තා සම්බන්ධව කඩිනම් ක්‍රියාමාර්ග ගන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 963 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site