(ඩයනා උදයංගනී)
මූල්‍ය අරමුදලේ සහය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ අවස්ථාව ලබාගැනීමට ජනතාව විශාල කැපකිරීමක් කළ බවත්, එය යම් ආකාරයකින් කඩාකප්පල් කළහොත් රට කොතැන නවතීදැයි කිව නොහැකි බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
රට දරුණු අගාධයකට වැටීම වළක්වාගැනීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හැර වෙනත් විකල්ප නැතැයි කී ඇමතිවරයා රජයට කළ නොහැකි දේ ඉල්ලා කරන උද්ඝෝෂණ නිසා එම වැඩපිළිවෙල කඩාකප්පල් වුවහොත් රට අන්ත අගාධයකට වැටෙනු ඇතැයි සඳහන් කළේය.
ඒ නිසා රට තිබුණු තැනින් ගොඩගෙන ජාත්‍යන්තරව පිළිගත හැකි තැනකට ගෙනඒම සඳහා සියලු දෙනා කෙටි කාලයක් ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කළ යුතු බව ඇමතිවරයා කීවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
උසාවි නියෝග පවා නොතකමින් කරන උද්ඝෝෂණ නිසා සංචාරකයන් රටට පැමිණීමට බිය වන බව ද හෙතෙම පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේ සිට විශාල වෙහෙසක් දැරූ බවත්, මේ වන විට වත්මන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් චීනය ද ඊට එකඟ වී ඇති බවත් බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බදු ප්‍රතිපත්තිය, මිල ගැලපුම් කිරීම් යටතේ ජනතාවට පීඩාවක් සහිතව වුවත් කැපකිරීම් නොකළා නම් දැන් මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුමට ඇතුළත්වීමට අවශ්‍ය මූලික පියවර සඳහා ලැබුණු අවස්ථාව නොලැබෙන බවත්, එසේ නොවුණා නම් ණයවර ලිපි නිකුත් කරන්න බැරි වී ඛනිජතෙල්, ගෑස්, පොහොර, බෙහෙත් නැති රටක් බවට ශ්‍රී ලංකාව පත්වීමට නියමිතව තිබූ බවත් ඇමතිවරයා කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයි.එම්.එෆ් සහයට උදැල්ල දැම්මොත් රට මොනවා වෙයිද දන්නෑ
Prabha Wednesday, 08 March 2023 03:12 PM
අචාර්ය උපාධිය ගත්තේ ණයට කෑම ගන්නද?
Sunil Wednesday, 08 March 2023 03:40 PM
රටම කාබාසිනිය කරල තව බයිල කියන්නත් එනව.
Nihal Wednesday, 08 March 2023 04:29 PM
රට දරුණු ආගාධයකට ඇද දැමුවේ ජනතාව නොව රට කරවූ දේශපාලකයින්ය. නිෂ්පාදන ආර්ථිකයකින් මිස වෙනත් විසඳුමක් නොමැත. මේ ලැබීමට නියමිත බිලියන 2.9ත් කාබාසිනියා කර තවතවත් ණය බර වැඩිකර රට ප්‍රපාතයට ඇද දමනු ඇත...
kamalWednesday, 08 March 2023 05:01 PM
අපිට මේ රටේ තනිව ගොඩ නැගිය හැකි නිෂ්පාදන ආර්ථිකය නම් කෘෂිකර්මාන්තයයි... කෘෂිකර්මයෙන් පමණක් රටකට දියුණු විය හැකිද?
සන්ක Wednesday, 08 March 2023 05:15 PM
මේ රට මේ තත්ත්‍වයට පත්කළ පොහොට්ටු හොර තක්කඩියන් ඇතුලු රනිල් ආණ්ඩුව විසින් ලබා ගන්නා IMF ණය නැවතත් මංකොල්ල කන නිසා මේ රට තව තව ණය උගුලක හිරවෙලා... මිනිස්සුන්ට බදු පිට බදුගහලා හාමතේ මැරෙන්නයි වෙන්නේ....
fairoos Wednesday, 08 March 2023 06:18 PM
අද රට මේ තත්වයට පත්කරපු දේශපාලකයින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... මේ සෙට් එක තොලොංචි වෙලාම යන්න ඕනේ...
ගම්සබා Wednesday, 08 March 2023 06:49 PM
ඔව්, රට විකුණාගෙන ඔබලාගේ පවුල් මඩිය තරකර ගන්න...!
Rata Perata Wednesday, 08 March 2023 07:55 PM
රට කාලා කාලා දැන් එනවා උදැල්ලක් ගැන කියවන්න. පලයන් යන්න...
Bamunuarachchi Thursday, 09 March 2023 05:45 AM
දැන් සුරංගනා ලෝකයක්ව්වා මැව්වාට රටට වල කැපුවේ ජෙප්පෝ. ජනතාව ජෙප්පන්ගේ වල හරියට කැපුවේ නැහැ 3% ඉතුරු කලා.
Dayan Thursday, 09 March 2023 07:47 AM
තියෙන තරම් ණය ගන්න ලෝකෙ වටේන්ම. අපි හැමෝටම ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්