(යොහාන් භාසුර)
ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව අලුත් කිරීමේ මෙතෙක් පැවැති ඉරිදා දිනය අද (8 වැනිදා) සිට සෑම අඟහරුවාදා දිනකම මධ්‍යම රාත්‍රීයට වෙනස් කිරීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඉන්ධන කෝටාවේ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවනස්ව පවතින බව ද එම අමාතයංශය කීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තවල ඉන්ධන බෙදාහැරීමේ වියදම් අඩු කිරීමට මෙම පියවර ගත් බවත් ඉදිරිදා දිනයේ ඉන්ධන කෝටාව මාරුවීමට අවශ්‍ය සැපයුම ලබාදීමේදී එම ආයතන දෙකේ අතිරේක දීමනා ඉහළ යෑම එයට හේතුව බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙ තේරුමක් නෑ... ඛනිජතෙල් සේවකයින්ට පිරිපහදුව සහ සංස්ථාව වහලා තිබුණත්, ඇරලා තිබුණත් බටා, ඕටී වැටෙනවා. ඉරිදා, සෙනසුරාදා කියලා වෙනසක් නෑ...
ඇත්තටම මේක නොවෙයි කරන්න තියෙන්නේ... කෙනෙක් ඉරිදා ඉන්ධන ගත්තා නම් ඔහුට ඊළඟ ඉරිදා දක්වා සතිය තියෙන්න ඕනෑ සඳුදා ගත්තා නම් ඊළඟ සඳුදා වෙනතුරු තියෙන්න ඕනෑ. එහෙම තමයි සතියක් ගණන් ගන්න ඕනෑ..
ඕක තිබ්බත් එකයි නැතත් එකයි .පොම්ප කරුට 500 ක් දුන්නම ඕන තරම් ඉන්ධන ගහගන්න පුළුවන්