(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන ආකාරයට ඩොලරයේ අගය පහත බැස තිබේ නම් ආණ්ඩුව පනවා ඇති ආනයන සහ අපනයන සීමා ඉවත් කළ යුතු බවත් එසේ ඉවත් කළහොත් ඩොලරයේ අගය සැබෑ ලෙසම ශක්තිමත් වී ඇති දැයි බලා ගත හැකි බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා (8) පැවසීය.
රුපියල ශක්තිමත් වී ඇතැයි ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව කී ලියනාරච්චි මහතා එය ප්‍රායෝගිකව පෙන්විය යුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර හදිස්සියක් මෙ තියෙන්නෙ. වාහන ගෙන්විම අවුරුදු 3 කටවත් නැවැත්වියයුතුයි.
ඔන්න අභියෝගයක්,ආනයන සහ අපනයන සීමා ඉවත්කරලා බලමු මොකද වෙන්නේ කියලා ඩොලර් එකට..රනිල් වික්‍රමසිංහ ජනතාවට පෙන්වන විජ්ජාවේ එක හීනයක් බොඳ වෙන අවස්ථාවක් වේවි අනිවාර්යයෙන්ම.
ආනයන බිංදුව වුණොත් රුපියල ශක්තිමත් වන හැටි හිතාගන්නත් අමාරුයි....
ආර්ථිකයක් හසුරවන හැටි තේරෙන්නෙ නැත්නම් මයික් එකක් දැක්ක ගමන් මොනව හරි කියවන්න හිතෙන අය පොඩ්ඩක් කට වහගෙන හිටිය නම් හොඳයි. අපිට වැදගත් දේශපාලකයො නෙමෙයි. රටේ මිනිස්සුන්ට තමන්ගෙ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ආර්ථිකයක් හදා ගන්න එක. වැටිල වැටිල කිව්වට වැඩක් නෑ ගොඩ එන හැටි දන්නෙ නත්නම්.
ඔය ශක්තිමත් වීම හෝ බාල්දු වීම කියන්නේ පවත්නා තත්ත්වයට සාපේක්ෂ දෙයක්. හරියට හැමදාම වහින කාලෙක වැස්ස නැවතිලා පායන්න ගත්තාම ඒක හොඳයි කියනවා... ඒත් එහෙම කියලා එක පාරම වී වේලන්න ගන්නේ නෑ. එක දිගට පායන කාලෙට හදිසියේම වහින්න ගත්තාම එකපාරටම අහස් දියෙන් වවන්න ගන්නේ නෑ. පොඩ්ඩක් බලන්න. රුපියල ශක්තිමත් වුණා කියලා ආනයන සීමා ඉවත් කළාම ආනයන ආදේශන කර්මාන්තවලට මොකද වෙන්නේ...?
කුහක කම පැත්තක තියලා මේ ගැන සතුටු වෙන්න
අවාසනාවකට අපේ රටේ බහුතරයකට වැටහෙන්නේ දැන් ඩොලරයකට රුපියල් කීයද කියන එක විතරයි .ඒකට හේතුවන ස්වභාවික සහ මිල පාලනය කිරීමට කරන අනෙකුත් අනර්ථකාරී ක්‍රියාවන් ගැන දැනුමක් ඇත්තෙම නෑ
නියම ගොන් හරකෙක් .ආනයන සීමා ඉහිල් කරපු නිසා රුපියල ටික ටික ශක්තිමත් වෙනවා .පොඩි වෙනසක් උන ගමන් ආනයන සීමා ඉවත් කරන්න කියනවා.මේවගේ හරක් ඔය තනතුරු වල හිටිය නිසි රට බංකොලොත් උනේ.මෙයාව වහාම ගෙදර යවලා දැනුම තියන්න කෙනෙක් පත් කරගන්න
ඩොලර් එක අඩුවෙලා නම් ඒකේ වාසිය මිනිසුන්ට දෙන්න ඕනේ , පෙට්‍රල් ,ඩිසල් , ගෑස් වල ඉඳල හැමදේම 300% කින් වැඩිකරේ රුපිලය බාල්දු උන නිසා , එහෙම කරන්නේ නැත්නම් මේ සැරෙත් කලිසමා කරන්නේ මිනිසුන්ව අන්දන එක
රනිල් සීයා ජනතාවට විහිලු සපයනවා .පුළුවන් තරම් ආනයන සීමා කරලා ආනයන කරන භාණ්ඩ වලට අධික බදුත් ගහලා පරිභෝජනය අවම කරලා ජනතාවට එදා වේල හොයාගන්න බැරි තත්වයක ඇතිකරලා රුපියල ශක්තිමත් උනා කියලා ගොන් ආතල් ගන්න බූරු රජානෝ
රතු අලි සහෝදරයින්ටත් නැති හදිස්සියක්නේ මෙයාට තියෙන්නේ, පොඩ්ඩක් ඉන්නලා, රනිල් බාරගත්තේ සති ගණන් පැට්‍රල් ශෙඩ් ළඟ හිටගෙන හිටපු ජනතාවක්...
සමහරු ඡන්ද තියන්න කියනවා, සමහරු සීමා අයින් කරන්න කියනවා, මේවායෙන් පේන්නේ තමන්ගේම රට වට්ටන්න ඇතුළෙන්ම තියෙන හදිස්සියක්... මේවා බලය ගන්න තියෙන සැලසුම්... මේ රටේ මිනිස්සු කරන්නේ බලය ගන්න කරන පොරකෑමක් මිසක් රට හැදීම නෙමෙයි...
දැන් ජනතාව මෙ පරයන්ගෙ බොරු කපටි කම් වලට අහුන කලෙ ඉවරයි.
මේ රට පහුගිය අවුරුදු තිහකදීම පාලනය කලේ වාමාංශික කියන පක්ෂ, 1993 අන්තිමට ප්‍රේමදාස ජනපති පාලනය කළා. ඇඟලුම් කම්හල් හදල ගමට ආර්ථිකය අරගෙන ගියා. නමුත් රටේ මිනිස්සු දේශපාලන වයිරය නිසා නැවත එජාපයට බලය දුන්නෙ නැහැ, අද රට ලෝකෙ දුප්පත් රටක් වෙලා. ඒ මිනිස්සු හෙටත් ජේවීපී එකට දෙමු කියනවා. නමුත් රනිල්ලා මේ රටේ ආර්ථිකය හදනවා බලාගෙන ඉන්න බැරි කමක් තියෙනවා. දයිවයේ සරදමක් වගේ රට හදන්න ඉල්ලපු රනිල්ට ඉබේම වගේ බලය ආව. රනිල්ට මේ රට හදල ලී ක්වාන් යූ වෙන්න පුළුවන්. හැබැයි ජනතාව එකට ඉඩ දෙන්න ඕනේ.
සුකෝපභෝගී වාහන අවශ්ය නැහැ , නමුත් ආන්ඩුව කියන විදිහට දැන් ඩොලර් තිබෙනව නම් කර්මන්ත වලට අවශ්ය අමු ඩ්‍රව්ය සහ අමතරකොටස් නිතියනුකුල අාකාරයට ගෙන එන්න ඉඩ දෙන්න , රටෙ රැකි රක්ෂා උත්පාදනය වෙනව , දැන් අමුඩ්‍රව්ය සහ අමතර කොටස් එන්නෙ හොර පරෙන් , මිල 3 ගුනයක් පමන වැඩි, රජයට ලබෙන තිරු බඩු ආදායම සාක්කුවෙ දමාගන්නෙ රේගු නිලදරියො.
ජනතවට ප්‍රතිලාභයක් නොමති නම ඩොලර් එක අඩු වුනා කියල පලක් තිබෙනවද?
මෙ මිනිස්සු ඉල්ලන්නෙ සැප වාහන නොවෙ , කර්මන්ත කරගෙන යන්න අවශ්ය අමුඩ්‍රව්‍ය සහ අමතරකොටස්, රටේ කර්මන්ත ක්‍රියත්මක වෙනකොට රැකිය අවස්තා අතිවෙලා අර්තිකය වර්දනය වෙනබව නුගත්තු දන්නෙ නැහැ.
දේශපාලනය ගැන හොඳ මතකයක් තියෙන කෙනෙකුට මතක ඇති, රටේ මූල්‍ය අර්බුදයක් ඇතිවෙන බව මුලින්ම කිව්වෙ රනිල්, ඒකට අවශ්‍ය විසඳුම් හොයන්න ඕනෑ කියලා රනිල් කිව්වා, හැබැයි සිරිසේන ජනපතිට තිබුණේ වෙන දේශපාලන න්‍යාය පත්‍රයක්, රාජපක්ෂලා එක්ක එකතුවෙලා රට වට්ටන්න, ඒක තමයි රටට මෙහෙම වුනේ... මේ රටේ ජනතාව රනිල්ට පොඩ්ඩක් ඉඩදෙන්න.
අපේ රටේ දේශපාලුවන්ගේ ඉතිහාසය ගැන නොදන්නා පිරිසක් මෙහි අදහස් දක්වන බව හොඳින්ම තේරෙනවා. පසුගිය අවුරුදු 20ක පමණ කාලයේ අපේ මිනිසුන් ඡන්දය දුන්නේම සහනාධාර, දේශපාලුවන් දෙන වහල් රැකියා, කොල ඉවර වෙනකල්ම අච්චු ගසා රට තුල බෙදා හරින රු. 5000, 10000, දීමනා වගේ තාවකාලික, බඩගෝස්තරවාදී දේශපාලුවන්ට මිසක්, ස්ථාවර දියුණුව වෙත සෙමින් යන දැක්මක් ඇති නායකයන්ට නොවේ. සිංහල අති බහුතරයක් නිකං ඉඳන් කන්න උපන් කම්මැලි ජාතියක්... මේ පිරිස හිතන්නේම අවුරුදු 20ක් තිස්සේ කෙළවුණු රටක් මාස 6න් ගොඩ ආවා කියලයි. රටින් පිට ඉඳන් අපේ රටගැන බලන කොට හරිම කණගාටුයි.
තවත් 10% ක් මංකොල්ලකන එක ගැන තමයි කතා කරන්නේ...!
ගවයෙක් උමුබෑ කියනවට වඩා කළහැකි දෙයක් නොමැත...
මේ ගොල්ලෝ ගහලා තියෙන ගැට ටික ලිහෙන්නේ ඡන්දෙ ඉවර වුණාම තමයි. බලන් ඉන්න වෙනවා...
ඩොලර් එක අඩුකරේ දේශපාලකයින්ට කෝටි ගණන් හොරා කාපු රුපියල් අඩුමුදලට ඩොලර් කරගන්න ඕනෑ නිසා. ඒ ඩොලර් ඔවුන්ගේ පිටරට බැංකුවලට යවාගත්තාට පස්සේ ඩොලර් එක රුපියල් 600ක් විතරවෙයි...
කොහේවත් යන නකුට්ටන්ට ඔප්පු කරන්න පස්ස පැත්තේ අමාරුවක් නැහැ... මට නම් මගේ දරුවාට අපනයනයට විදේශ මුදල් ගෙවන්න හොඳ අවස්ථාවක් ඇවිත් තියෙනවා..
රුපියල සැලසුම් සහගතව උස්සලා මේ කරන්නේ රට විරුවන්ට හීන් දාඩිය දම්මවලා ඩොලර් ටික අද්දවන එක... එතකොට ඉබේම ඩොලරය ශක්තිමත් වෙනවා.
ඔච්චර තියන තදියම මොකක්ද .කරුණාකරලා ජනාධිපතිවරයාට කරගෙන යන විදියට වැඩපිළිවෙළ කරගෙන යන්න දෙන්න .
මේ මනුස්සයා ඉස්කෝලෙක ගිය කෙනෙක්ද?
බොහොමයක් ආර්ථමාර්ථකාමී අදහස් ගැන කණගාටුවෙනවා. අපි මේ දෙස දනාත්මක ආකාරයට බැලිය යුතුයි. මම ගොඩක් කණගාටුවෙනව මේ මිනිස්සුන්ගෙ සිතීමේ රටාව ගැන.
කුඩා ළදරුවෙකුට උනත් තේරුම් ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව මම සරලව පැහැදිලි කරන්නම්, දැන් ඔය කියන ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වීමෙන් (ඩොලරයට සාපේක්ෂව) මේ රටට විදේශ විනිමය ගෙනෙන, අපනයන ව්‍යාපාරිකයින්ට, විදේශ ගත ශ්‍රමිකයින්ට, එසේ නොමැතිනම්, ලංකාවේ වෙසෙන පිංගුත්තර පාරිභෝගිකයින්ට ඔය කියන ඩොලරය ශක්තිමත් වීමෙන් යම්කිසි ප්‍රතිලාභයක් අත්වී තිබෙනවාද???දේශප්‍රේමී පල් මෝඩයෝ ඉදිරියෙන් පෙනෙන මිරිගුවට "ජලය" කියා රැවටෙනවා. පෙරේතකමට රැවටිලා මිරිගුව පස්සේ දුවනවා.. අවසානයේ උඹලට ඉතුරු වෙන්නේ හති දැමීම පමණමයි.. ඔහොම වෙලා මදි උඹලට!!
2019 වසරේ වැඩිම ණය ප්‍රමාණයක් ගත් පුද්ගලයා රනිල්ය, එනම් ඩොලර් බිලියන 4ක්. 1970 දී අපේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 0.4ක් වූ අතර දැන් එය 2022 තුන්වන කාර්තුව වන විට ඩොලර් බිලියන 47.7 දක්වා වැඩි වී තිබේ.
අපි හිතමුකෝ යුවලක් දරුවෙකු ලැබුවා කියලා. ඉතින් මෙම ළදරුවා ඉතාමත් හොදින්ම බලාගන්න ඕන .දරුවෙකුට අවුරුදු එකක් වෙනවිට හෙමින් ඇවිදින්න ගන්නවා එතකොට දැන් ඇවිදින්න පුළුවන් කියලා. දරුවා ගැන සොයාබලන්න එපා කියනවා වගේ දරුවො නැති තොත්ත බබා ලගෙ කතාවක් වගේ තමයි මේ ප්‍රකාශය කියලා කියන්න පුළුවන්
කොහෙද යන පිස්සෙක්
රුපියල ශක්තිමත් වීම හොඳයි. ඒ අනුව ආනයන භාණ්ඩ සියල්ලෙ මිල අඩුවිය යුතුයි. එහි වාසිය ජනතවට ලබාදිය යුතුයි.
බණ්ඩාරනායක අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු 11 දෙනෙක් උන්හ. සියලු කැබිනට් ඇමැතිවරු නිවාස අඩස්සියේ තැබීමට බලාපොරොත්තු වූ අතර විශේෂයෙන් මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (පාර්ලිමේන්තු හා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වූයේ ඔහුය) හා විදේශ කටයුතු හා අමාත්‍යාංශ ලේකම් නීල් ක්වින්ටස් ඩයස් සිරභාරයට ගෙන පහළ වැව පාරේ හමුදා මූලස්ථානයේ රඳවා තැබීමට තීරණය විය. ආරක්ෂක අංශය සිංහල බෞද්ධ දේශපාලනිකරණයට ලක්කිරීමේ කටයුතුවලට මුල්වී ක්‍රියාකළ ඔවුන් දෙදෙනා භයානක ඩයස් දෙපල ලෙස සැලකිණි. ෆීලික්ස් ඩයස්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි අයකු වුවද ආරක්ෂක අංශය සිංහල බෞද්ධකරණය කිරීමේ දී ඔහුද මුල් වූයේය.
ඩොලර් එක පහල දාන්න හැබැයි විදුලිබිල තේල් මිල දුම්රිය සහ වෙනත් වැඩි වූ භාණ්ඩ සහා සේවා සංශෝධනය විය යුතුය , ලයිට් බිල සහ ඉන්ධන මිල සමග අපනයන ඇගුලුම් , සහ විවිධ ශේස්ත්‍ර්‍රර රට හැරයමින් ඇත ,
ඔක්කොම හරි මතක තියාගන්න මෙය ලංකාවයි... ඉස්සෙල්ලාම ජාතියක් ලෙස ඉදිරියට යනවාද නැත්නම් රටක් ලෙස ඉදිරියට යනවාද කියලා... ඉස්සෙල්ලාම තීරණය කරන්න.. මොකද අපිට කෙළවුණු තැන ඉඳලා තමයි හිතන්න ඕනෑ... නැත්තං අපිට අනිවාර්යයෙන් ආයේමත් වැඩේ දෙනවා...