IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කලාකරු නිවාස වල වැඩ ටික දිනකින් ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996 ක් ඉදිකිරීමට චීනය සමග ගිවිසුම් ගතවීම ඉදිරි සති කිහිපය ඇතුළත සිදු කෙරෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඊට අදාළ මූලික එකඟතාවලට දැනටමත් එළැඹ ඇතැයිද එම අධිකාරිය සදහන් කරයි. 

මූලික එකඟතාව සදහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී  සිදු කෙරිණ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ මහතා ඊට අත්සන් තැබිණ. 

අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29 ක්) ලබා දීමට නියමිතයි. ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය. ඒ සදහා තෝරා ගෙන ඇත්තේ පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන නාගරික ප්‍රදේශයි. 

මෙම නිවාස ව්‍යාපෘති 5 න් කොට්ටාව නිවාස ව්‍යාපෘතිය මෙරට ජ්‍යෙෂ්ට කලාකරුවන් සදහා වෙන් කර තිබේ. එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 108 කි. නිවසක ප්‍රමාණය වර්ග අඩි 750 කි. අනෙක් ව්‍යාපෘති 4 අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 1,888 කි. 

 



අදහස් (2)

කලාකරු නිවාස වල වැඩ ටික දිනකින් ඇරැඹෙයි

Prase Wednesday, 08 March 2023 01:13 PM

කලාකරුවා කියන්නේ හොඳ ආදායම ලබන පුද්ගලයා... හම්බකරලා විනෝද වෙවී ඉන්න වුණාම කියනවා ඉන්න ගෙයක් නෑ කියලා... නිකන් දෙන්න හොඳ නෑ... පුළුවන් කාලය අයකර ගන්න ඕනෑ නාකිවුණාම දෙයක් දෙන්න... එහෙම නැත්නම් ජනතාවගේ බදුමුදල්වලින් මොවුන්ට නිකන් ගෙවල් හදලා දෙන්න හොඳ නෑ...

:       0       4

KumaraWednesday, 08 March 2023 03:26 PM

සහතික ඇත්ත. මහජන බදුමුදල් වලින් කලාකාරයෙක් කියන හැම කෙනාටම ගෙවල් දෙන්න පිස්සුද? එය එකෙක්වත් නොමිලයේ රඟ පාන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site