(රංජන් කස්තුරි)
රටේත් රාජ්‍යතාන්ත්‍රෙය්ත් නිරවුල් පැවැත්ම සදහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.
ඡන්දයක් නොපැවැත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා නිරෝධී මන අතර මුදල් නොමැතිකම නිසා මැතවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බවද එම ලිපියේ සදහන්වේ.
අමාත්‍යධූර සංඛ්‍යාව 15 කට සීමාකර රාජ්‍ය උත්සව නවත්වා සුඛෝපභෝගී භාණ්ඩ ආනයන නතර කර සහ අමාත්‍යාංශවල අත්‍යවශ්‍ය නොවන වියදම් නතර කර මැතිවරණයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි බවද එම ලිපියේ සදහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මැතිවරණය කල්දැමීම ව්‍යවස්ථා විරෝධියි
Kule Wednesday, 08 March 2023 06:09 PM
පන්සලේ විදුලිබිල ගෙවන්න බැරිව ඒකත් බදුගෙවන ජනතාව පිට පටවලා තවත් 8000 කට පින්පඩි ගෙවන්නේ කොහොමද?
ranjithWednesday, 08 March 2023 09:57 PM
පාර්ලිමේන්තුවේ 225 ට මොකටද දිස්ත්‍රික් එකකට එක්කෙනා බැගින් 25 ක් හිටියා නම් මදිද .මහජන චන්දයෙන් පාර්ලිමේන්තු රිංගා ගත්තහම බල පෙරේතකම නිසා චන්ද තියන්නේ නැත්තේ
Bamunuarachchi Thursday, 09 March 2023 05:10 AM
හාමුදුරුවනේ මොන සුත්‍රයේද එහෙම වදාරා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ණය වෙලා දානයක් වත් දෙන්න එපා කියා තිබියදී ණය වෙලා චන්ද තියන්නේ කොහොමද? මේ චන්දෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
උපාසක මහත්තෙයා Thursday, 09 March 2023 08:49 AM
අනේ හාමුදුරුවනේ එන්න එන්නම බුදු සසුන විනාශය කරා සීඝ්‍රයෙන් ගමන් කරනවා. පන්සල් වල තියෙන්නෙ හම්බකිරීමේ උවමනාවක් විතරයි .සමහරක් හාමුදුරුවෝ සාංඝික දේවල් සංඝ පරම්පරාව භුක්ති විදීමේ අයිතිය මත විකුණා කනවා. සමහරක් බලපුලුවන් කාරයෝ බලහත්කාරයෙන් සාංඝික දේපොළ හොර ඔප්පු සාදා බලහත්කාරයෙන් විකිණීමට සැලසුම් හදනවා .පංසලේ බුදු පිළිමය වසාගෙන දෙයියො ඉස්මතු වෙනවා. බෝධි පූජාව කියලා තැන තැන බෝගස් සිටුවාගෙන පිළිම තියාගෙන පස්පව් කරමින් වන්දනා කරනවා. පංසලේ සිදුවීම් නිසා මිනිස්සු පංසලට නොගොස් තමයි ඒවා කරන්නෙ. බුද්ධ සාසන කාර්‍ය මණ්ඩලය තමන්ගෙ වගකීම පසෙකලා රටේ පාලනය වරින්වර වෙනස් කරන්න අනවශ්‍ය මැතිවරණ තියන්න කියනවා .හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ සප්ත අපරිහානීය ධර්ම අනුමත කලා ලංකවෙ හාමුදුරුවෝ විවිධ දේශපාලන පක්ෂ හදාගෙන ජාතියේ අසමගිය ඇතිකරනවා බුදුනුවෙක් හැටියට ලංකාවෙ බුදුදහමට සිදුවෙන හානි ගැන හරිම වේදනාවක් ඇතිවෙනවා හාමුදුරුවනේ