(රංජන් කස්තුරි)
රටේත් රාජ්‍යතාන්ත්‍රෙය්ත් නිරවුල් පැවැත්ම සදහා පළාත් පාලන මැතිවරණය නොපමාව පවත්වන්නැයි බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.
ඡන්දයක් නොපැවැත්වීම නීති විරෝධී සහ ව්‍යවස්ථා නිරෝධී මන අතර මුදල් නොමැතිකම නිසා මැතවරණය නොපවත්වන බවට රජය කරන තර්කය පිළිගත නොහැකි බවද එම ලිපියේ සදහන්වේ.
අමාත්‍යධූර සංඛ්‍යාව 15 කට සීමාකර රාජ්‍ය උත්සව නවත්වා සුඛෝපභෝගී භාණ්ඩ ආනයන නතර කර සහ අමාත්‍යාංශවල අත්‍යවශ්‍ය නොවන වියදම් නතර කර මැතිවරණයට අවශ්‍ය මුදල් සපයා ගත හැකි බවද එම ලිපියේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලේ විදුලිබිල ගෙවන්න බැරිව ඒකත් බදුගෙවන ජනතාව පිට පටවලා තවත් 8000 කට පින්පඩි ගෙවන්නේ කොහොමද?
හාමුදුරුවනේ මොන සුත්‍රයේද එහෙම වදාරා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ණය වෙලා දානයක් වත් දෙන්න එපා කියා තිබියදී ණය වෙලා චන්ද තියන්නේ කොහොමද? මේ චන්දෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද?
අනේ හාමුදුරුවනේ එන්න එන්නම බුදු සසුන විනාශය කරා සීඝ්‍රයෙන් ගමන් කරනවා. පන්සල් වල තියෙන්නෙ හම්බකිරීමේ උවමනාවක් විතරයි .සමහරක් හාමුදුරුවෝ සාංඝික දේවල් සංඝ පරම්පරාව භුක්ති විදීමේ අයිතිය මත විකුණා කනවා. සමහරක් බලපුලුවන් කාරයෝ බලහත්කාරයෙන් සාංඝික දේපොළ හොර ඔප්පු සාදා බලහත්කාරයෙන් විකිණීමට සැලසුම් හදනවා .පංසලේ බුදු පිළිමය වසාගෙන දෙයියො ඉස්මතු වෙනවා. බෝධි පූජාව කියලා තැන තැන බෝගස් සිටුවාගෙන පිළිම තියාගෙන පස්පව් කරමින් වන්දනා කරනවා. පංසලේ සිදුවීම් නිසා මිනිස්සු පංසලට නොගොස් තමයි ඒවා කරන්නෙ. බුද්ධ සාසන කාර්‍ය මණ්ඩලය තමන්ගෙ වගකීම පසෙකලා රටේ පාලනය වරින්වර වෙනස් කරන්න අනවශ්‍ය මැතිවරණ තියන්න කියනවා .හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ සප්ත අපරිහානීය ධර්ම අනුමත කලා ලංකවෙ හාමුදුරුවෝ විවිධ දේශපාලන පක්ෂ හදාගෙන ජාතියේ අසමගිය ඇතිකරනවා බුදුනුවෙක් හැටියට ලංකාවෙ බුදුදහමට සිදුවෙන හානි ගැන හරිම වේදනාවක් ඇතිවෙනවා හාමුදුරුවනේ