IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විපක්ෂය සහාය දුන්නොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අලුත් විදුලිය ජනන සැලසුමට විපක්ෂය ඇතුළු සියලු දෙනා සහය දුනහොත් ලබන ජූලි මාසයේදී විදුලිය ගාස්තු අඩු කිරිමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලිය මිල සම්බන්ධයෙන්  ස්ථාවර නියෝග 27 (2)  යටතේ මතු කළ ප්‍රශ්නයට ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා

විපක්ෂ නායකවරයා වැරදි ප්‍රශ්නයක් මතු කළේ. මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ දැඩි විරෝධය මත ආණ්ඩුව තීරණයක් ගත්තා කිව්වා. බහුතර සාමාජිකයන්ගේ කැමැත්තෙන් තමයි අනුමැතිය ලැබුණේ. එක සාමාජිකයකුගේ විරෝධය මුළු කොමිසමේම විරෝධය  ලෙස හුවා දැක්වීම වැරදියි. කොමිසමේ සාමාජිකයන් පස් දෙනෙකු ඉන්නවා.

එක පුද්ගලයකු  මහජන උපයෝගීතා කොමිෂන් සභාව  නොවෙයි. ගාස්තු වැඩි කළේ විදුලි බල මණ්ඩලයේ පාඩු පියවා ගන්න නෙවෙයි. ජනන සැලැස්ම නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කිරීමටයි. මණ්ඩලයේ දූෂණ වංචා අවම කිරීමට අපි යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් ඒවට විරුද්ධව සමහරු වැඩ කරනවා. සමහර වෘත්තිය සමිති පාලනාධිකාරිය ආණ්ඩුව බිත්තියට හේත්තු කරල වැඩ කරනවා. අපි අද අඛණ්ඩව විදුලිය සපයනවා. විදුලිය කප්පාදුව නැවැත්තුවා. අපේ ජනන සැලසුම  වෙනස් වෙන්න ඕන. මේ ගාස්තු අය කිරීම නිසා අඛණ්ඩව විදුලිය දෙන්න පුළුවන් වුණා.මේ ජනන සැලසුම ක්‍රියාත්මක වීමේදී  දෙසැම්බර් වෙද්දී විදුලිය බිල අඩු කරන්න පුළුවන් වේවි.  ජුලි මාසයේදී අඩු කරන්න පුළුවන් නම් කරනවා. විදුලිබලමන්ඩලය ප්‍රති ව්‍යුහය කරන සැලසුම මාසයක් ඇතුලත ඉදිරිපත් කරනවා. ඒ  සැලසුමට  ඔබතුමාලගේ සහාය දෙන්න.එවිට විදුලි බිල ජුලි මාසය වන විට අඩු කරන්න පුළුවන් වෙනවා.



අදහස් (6)

විපක්ෂය සහාය දුන්නොත් ලයිට් බිල අඩු කරන්න පුළුවන්

sena Wednesday, 08 March 2023 12:35 PM

විපක්ෂය නෙවෙයිනේ හොරකම් කරන්නේ ඔයාලානේ .ඔයාලාගේ හොරකම ,කොමිස් ගැහිල්ල ,දේශපාලන හෙන්චයියන්ගෙන් මණ්ඩලේ පුරවන එක නවත්වන්න .ඒ ඇරුනකොට විපක්ෂයට කරන්න පුළුවන් දෙයක් තියනවද ?

:       14       28

wije Wednesday, 08 March 2023 01:02 PM

දෙගොල්ලොම එකතුවෙලා හොරාකන්නද පරයෝ

:       11       25

Ananda Wednesday, 08 March 2023 01:41 PM

විදුලි බිල මණ්ඩලයේ වැඩිකරගත් 60% වැටුප් ප්‍රමාණය කපාහැරීම සහ මේ තාක් ගෙවනලද ප්‍රමාණය අය කර ගැනීමයි කල යුත්තේ .එවිට විදුලි බිල යතා තත්වයට ඉබේම පත්වෙයි .අනිත් එක ඔය හැම එකාම ගහන මාටියා ගැහිල්ල නවත්වන්නත් ඕන

:       0       17

aravinda Monarawila Wednesday, 08 March 2023 01:43 PM

ඔබට වැඩි කරන්න විපක්ෂයේ සහයෝගය ඕනා නැතිනම් අඩු කරන්න විතරක් මොකටද විපක්ෂයේ සහය

:       5       19

fairoos Wednesday, 08 March 2023 02:01 PM

අනේ මේ කාලකණ්ණි ආණ්ඩුවට වැඩකරන්න බැරිනම් යන්නයි තියෙන්නේ... තවත් නිකන් කයිවාරු කියවන්නේ නැතිව...

:       5       8

de silva Wednesday, 08 March 2023 02:23 PM

විපක්ෂයේ දෙයක් නෙවෙයි... දැන් ඩොලර් එක අඩුවෙලා තිබෙන නිසා මිල සූත්‍රය ක්‍රියාත්මක කරලා ජනතාව සඳහා දෙන්න... රටේ ඉන්ධන, භාණ්ඩ සහ සේවාවල මිල අඩු වෙන්නේ නැතිනම් ඩොලර් එක අඩුවුණා කියලා අපට ඵලක් තියෙනවද?

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site