
(යොහාන් භාසුර)
බස්නාහිර පළාතේ ධාවනය වන මගී ප්‍රවාහන බස් රථවලින් සියයට 50 කින් වායු දූෂණය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව පවසයි.
මෙම දෙපාර්තුමේන්තුවේ වායු විමෝචන අරමුදල කොළඹ බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පලවල බස් රථ අහඹු ලෙස තෝරා ගෙන සමීක්ෂණයකින් මෙම තත්වය අනාවරණය වී තිබේ.
මෙම තත්වය බොහෝ බස් රථ වලින් ප්‍රදර්ශනය වන බවත් එවැනි බස් රථ ඇතුළු වාහන වෙන්ව හදුනාගැනීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වායු විමෝචන අරමුදලේ අධ්‍යක්ෂ ඉංජිනේරු අයි. ජී. දසුන් ජනක මහතා පැවසීය.
එම වැඩසටහන මගින් හදුනා ගන්නා වාහන වල ආදායම් බලපත් බාරයට ගෙන දෝෂ නිවැරදි කරගැනීමට දෙසතියක කාලයක් දෙන බවත් මාසයකට වැඩි කාලයක් දෝෂ නිවැරදි කර නොගන්නේ නම් පොලිසිය හරහා එම වාහන හිමිකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත් අධ්‍යක්ෂවරයා කීය.
කොළඹ තදාසන්න ප්‍රදේශවල බස් රථ වලට අමතර වෙනත් වාහන වලින්ද පිටවන විෂ දුම නිසා පරිසර දූෂණයට අමතරව මහජනතාවටත් ශ්වසන රෝග ඇතුළු විවිධ රෝගවලට ගොදුරු වීමේ අවධානමක් පවතින බවත් මාර්ගවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඉන් දැඩි අපහසුතාවට පත්වන බවත් අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ මග දුම් දමමින් ධාවනය කෙරෙන බස් රථ වාර්ෂික දුම් පරීක්ෂණ සහතික ගෙන ඇත්තේ පගාවටදැයි බැලිය යුතුය.
ඇයි ශබ්ද දූෂණය , හෝන් වලින් වගේම ඇතුලෙ හයිකරල තියෙන බෆල් වලින් කන්පැලෙන්න සිංදු දානවා. හදිසි කෝල් එකක් ආවත් කථා කරන්න විධිහක් නැහැ. පොඩ්ඩක් සද්දෙ අඩු කරන්න කිව්වොත් බස් එකෙන් බහින්න කියනව. කොන්දොස්තර , රියදුරු බලපත්‍ර දෙද්දි එව්ව ගැන උගන්වන පුහුනු පංති වලට යැවිය යුතුයි.
ඉතින් ඒකට ලංකාවෙ දේශපාලුවො තීන්දු තීරණ ගන්න ක්‍රමයට කරන්න තියෙන්නෙ දුම් සහතික ගන්න වාහන වලින් අයකරන ගාස්තුව දෙගුණයකින් හරි තුන්ගුණයකින් වැඩි කිරීම තමයි. එහෙම නැත්නම් සයිලන්සර් බද්ද කියලා බද්දක් හදන්න. එතකොට ගල් අගුරු කෝච්චි වගේ දුම් දමන බස් වලින් ලොරිවලින් පරිසරයට සිදුවෙන හානිය නැත්තටම නැතුව යනවා
සෑම විටම පාහේ එම බස් රථ වෙහෙසකරයි. C, කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ්. ඊයම් ඔක්සයිඩ්, ඊයම් මොනොක්සයිඩ්, ඊතේන් මීතේන්, ඕසෝන්, හයිඩ්‍රජන්