
(යොහාන් භාසුර)
ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ (4) සම්පූර්ණයෙන් වසා දැමූ මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ එක තීරුවක් ගමනාගමනය සඳහා යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත් අදාළ ප්‍රදේශය පරීක්ෂා කර කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගයේ එක තීරුවක් විවෘත කළ බවත් එම අධිකාරිය කියයි.
මාර්ගයේ අවහිරව ඇති අනෙකුත් කොටස ද කඩිනමින් පිළිසකර කර සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද එම අධිකාරිය වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd