
(යොහාන් භාසුර)
උඩරට ප්‍රදේශයේ එළවළු කොළඹ සහ අවට ප්‍රදේශවලට පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ප්‍රවාහනය කිරීමට යැයි පවසමින් දුම්රිය දෙපාර්තමේන්තු නානුඔයින් ආරම්භ කළ විශේෂ දුම්රිය පරීක්‍ෂණ දුම්රියකට පමණක් සීමාවූ බව දුම්රිය වෘත්තිය සමිතිය පවසයි.
එම එළවළු ප්‍රවාහන දුම්රිය පරීක්‍ෂණ ධාවනය සඳහා විශාල මුදලක් වැය කර අතහැර දැමූ බව කී දුම්රිය වෘත්තිය සමිති නිලධාරියෙක් පැවසුවේ ජනමාධ්‍යයට ප්‍රකාශ දෙන දේශපාලඥායන් මේ පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත්ය.
එම දුම්රිය සැළසුමකට අනුව ක්‍රියාත්මක කළේ නම් දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් සහ ව්‍යාපාරිකයන්ට සහ ගොවි ජනතාවට විශාල ප්‍රවාහන පිරිවැයක් අඩුකරගැනීමේ හැකියාව ද තිබූ බව ද වෘත්තිය සමිති වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 75 ක් තිසී දේශපාලුවෝ කලේ කටින් බතල හිටවන එක තමා
ආරම්භකළ සේවාව පවත්වාගෙන යාම වෘත්තීය සමිතිවලටත්, සේවකයින්ගේත් වගකීම හා යුතුකම නේද?
එහෙම කරන්න බැහැනේ මල්ලි .එතකොට කොහොමද කොමිස් වලට හයර් එක දෙන ලොරි අයිති ඇමතිලට මුදලාලිලාට ලොකු ගානක් හම්බ කරන එක නවතිනවනේ .ඕවා කරන්න බැහැ .මේ දෙයම තමයි තෙල් වලටත් කරන්න ඕනේ.ඒත් මේවා කරන්නේ නැහැ
ඕකේ ලොක්කා ඉන්ජිනේරුවෙක්නේ.. අතයට ගාන නැතිව මොකුත්ම බෑ.
පින් ජනාධිපති බූරුවාගේ තවත් ගොන් යෝජනාවක් .මෙය ආරම්භ කරන විටම පවසා සිටියා එය එක් මසක් වත් ක්‍රියාත්මක නොවෙන බව
ඔය එළවලු කොළඹට එද්දී නරක් වෙලා කෙලින්ම නගර සභාවේ කුණු ලොරි වලටයි දෙන්න වෙන්නේ .ඒ දේවල් කරන මිනිස්සු කරයි .දුම්රිය සාමාන්‍ය මිනිසුන්ට බරක් නොවී තමන්ගේ පඩි ගන්නවත් හරියට දුව ගන්න උත්සාහ කරන්න .නැත්නම් පරණ යකඩ වලට හෝ විකුණා දාන්න
රනිල්ගේ අධ්‍යාපන ධවල පත්‍රිකාව වගේ තවත් අසාර්ථක ව්‍යාපෘතියක්
ඇමතියට සුදු ලූනු වලින් වගේ කොමිස් ගහන්න බැහැනේ .ඒකයි ඒක අත හැරලා දාන්න ඇත්තේ