IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තැනක තියෙනවා‘‘

(යොහාන් භාසුර)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළම සහ ගැඹුරු තත්වයක පවතින බවත් එම සම්බන්ධතාව මුල් බැසගැනීමට හේතුව පුද්ගලයන්ට ආරෝපණය කිරීම බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා පැවසීය.

එම විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතාවයේ කේන්ද්‍රීය වර්ධනයට කරුණු පහක් මත වර්ධනය වන බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා කීය.

ශ්‍රී ලංකා රජය සංචාරක සීමාවන් ඉවත් කළ වෛද්‍ය වීසා කඩිනම් නිකුත් කිරීමත් සමඟ ජනතාව සහ ඉන්දීය රජය සහාය දීම, කොවිඩ් සමයේදී සුවසැරිය 1990 ගිලන් රථය හරහා මෙන්ම මහනුවර, හම්බන්තොට සහ යාපනයේ රෝහල්වල විශේෂිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් වෛද්‍ය සැපයුම් හරහා සහයෝගය දීම සහ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජනතාව සහ ඉන්දීය රජය 2022 දී ඩොලර් බිලියන 4 ක් වටිනා ආර්ථික, මූල්‍ය සහ මානුෂීය ආධාර දීම සහයෝගිතාව වර්ධනයට වීමට බලපෑ බවත් ඉන්දියාව ජී20 රැස්වීම්වලදී ශ්‍රී ලංකාවට සහාය දක්වූ අතර සහයෝගීතාවයේ සලකුණක් ලෙස 2023 ජනවාරි මාසයේදී පැවැත්වෙන ආසියානු සහයෝගිතා සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීම සහ මෑත කාලීන අත්දැකීම් මත පදනම්ව, සෞඛ්‍ය සහ යහපැවැත්ම අංශවල මෙන්ම සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවල ගැඹුරු නියැලීම සඳහා සැලකිය යුතු අවකාශයක් උදාකිරීම සෙසු කරුණු බව ද ඒ මහතා කීය.

කොළඹදී පැවති ‘මෙඩිකොයා 2023’ සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා එසේ පැවසීය.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී විය.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දේශීය වෛද්‍ය ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු වන රාජිත සේනාරත්න සහ එම්.එච්.එම් ෆවුසි, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන්, අමාත්‍යංශ ලේකම්වරු වන වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (0)

‘‘ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා ඉහළම තැනක තියෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site