
(නිමල කොඩිතුවක්කු)
මැතිවරණය නොපවත්වන්නට සහ කල් දමන්නට කටයුතු කරමින් කූඨ උපක්‍රම දියත් කළ ජනාධිපතිවරයාට නිසි පිළිතුරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
තවදුරටත් මැතිවරණය කල් දැමීමට දැන් ආණ්ඩුවට අයිතියක් නැති බැවින් වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ෂටප් ඇන්ඩ් සිට් ඩවුන් (SHUT UP AND SIT DOWN) යයි රටේ මහජන නියෝජිතයින්ට තර්ජනය කළ ජනාධිපතිවරයාට අධිකරණය විසින් ෂටප් ඇන්ඩ් සිට් ඩවුන්වර්ගයේ තීන්දුවක් දී ඇතැයිද කළුතර බුලත්සිංහල පැවති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.
ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන සිටින ඇතැමුන් නිහඬව සිටිද්දී සමගි ජන බලවේගය රටේ දෙකෝටියකට වැඩි ජනතාව වෙනුවෙන් මැතිවරණය ඉල්ලා අධිකරණය වෙත ගිය බවත් එයින් ලද තීන්දුව හේතුකොටගෙන ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත වූ බවත් විපක්ෂ නායකවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණය ලබාගැනීම වෙනුවෙන් අඛණ්ඩවම එකම විශ්වාසය තැබූ දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය පමණක් බවත් ඉදිරියේදිත් ඒ වෙනුවෙන් කැප වන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.
බංකොලොත් රටක ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බවත් වැටුණු රට ගොඩනැඟීමේ හැකියාව ඇති කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගය සතුව පමණක් බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොහාතේ බලයට කෑදර කිසිකෙනෙක් කුසගින්නේ සිටිනා ජනතාවට උත්තරක් නෙවේ . යහපත් පුරවැසියන් එකතු වෙලා සමාජය බේරා ගත යුතුයි .
ඔය කතා මුකුත් ඕන නැහැනේ ගන්න කියා කියා 69 වතාවක් පස්සෙන් ආපු වෙලාවේ අරගෙන කරලා පෙන්නුවානම්. තාත්තා හිටියනම් කන ටොකු පාරවල් ගැන කියලා වැඩක් නැහැ.
මහත්තය කියන විදියට මැතිවරනය සම්බන්ධව අදිකරනය උත්තර දුන්න, මහත්තයට බැරිද අපි අහන ප්‍රශ්නයට උත්තර දෙන්න. මහත්තය වේදිකාවෙ ගිරිය පුම්බගෙන කියනව හොරු අල්ලනව ,පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඩුවම් දෙනව කියල. එහෙම කියන ගමන් ඇයි මහත්තයො , ඔය කියන හැම ප්‍රශ්නෙටම වග කියයුතු පක්ෂත් එකතු වෙලා ,ප්‍රාදේශිය සභාවල අය වැය සම්මත කරන්නෙ, ඒ එක්කම සමුපකාර සමිතිවල පොහොටිටුව , ශ්‍රි .නි ප සමග එකතුවෙලා අධ්‍යක්ෂ මංඩල තෝරගන්නෙ. මොකක්ද ඒ දෙබිඩි ප්‍රතිපත්තිය .මෙ කරුනුවලින් අපිට පේනව , දැනෙනව , ඔබ බලයට ආවොත් ඔබගේ පාලනය , පොහොට්ටු පාලනයේම දිගුවක් කියල.
අධිකරණයට ජනාධිපතිත් උත්තර දීල තිබෙනවා නේද?