(පැතුම් දර්ශන සහ හේමන්ත රණසූරිය)
කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ මවක් සියදිවි හානිකර ගැනීමේ අරමුණින් සිය ආබාධිත පිරිමි දරුවන් දෙදෙනකු සමග අද(05) නිවසේ ළිදට පැන ඇති බව කැබිතිගොල්ලැව මුලස්ථාන පොලිසිය කියයි.
මෙම සිදුවීමෙන් එක් දරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර මව සමග අනෙක් දරුවා බරපතළ තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වව්නියාව රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ප්‍රදේශයේ පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකු වන අතර බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කොට ඇත්තේ මිය ගිය තරුණයාගේ 48 හැවිරිදි මව සහ නව හැවිරිදි දරුවකුය.
සිද්ධියෙන් මියගිය විසිඑක් හැවිරිදි රවිඳු මිහිරංග පූර්ණ ආබාධිත සහිත අයකු බවත් රෝහල් ගත කොට ඇති ඔහුගේ සහෝදරයා පූර්ණ කථන අපහසුතාවක් ඇති කන් නොඇසෙන බිහිරි තත්වයේ පසුවූ අයෙකු බවත් පොලිසිය පවසයි.
පැවැති ආර්ථික අපහසුතා නිසා ආබාධිත දරුවන් දෙදෙනාගේ ප්‍රතිකාර කටයුතු සිදු කැර ගැනීමට මුදල් නොමැති කමින් මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමග ළිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
සිවිල් ආරක්ෂක භටයකු වන දරුවන්ගේ පියා අද(05) අළුයම රාජකාරියට ගොස් ඇති බවත් පසුව උදෑසන ආහාරය සඳහා පෙරවරු 10 ට පමණ නැවත නිවසට පැමිණ බලන විට බිරිඳ සහ දරුවන් දෙදෙනා නිවසේ පෙනෙන්නට නොසිටි නිසා වටපිටාව විපරම් කර බලද්දී බිරිඳ සහ දරුවන් දෙදෙනා ළිඳ තුළ වැටී සිටිනු දැක ඇති බවත් පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග කිව්වම මටනම් පුදුමයක් වුනා ඉංග්‍රීසි ජාතීන්ගේ හා අපේ සහෝදර දෙමළ ජනතාව තමන්ගෙ වාසගම ලියන ආකාරයට තමයි ඔවුනුත් නම් ලියා තියෙන්නෙ සාමාන්‍යයෙන් සිංහල වාසගම් ලියන්නෙ පියාගෙ නම පුතාගෙ වාසගම ලෙසට නොවෙයි නේද ඒක නොදන්නා කෙනෙකුට පුවත්පත් වල නම් වෙනස්කිරීම් වලින් තේරුම් ගන්න පුළුවන්
රටට වෙලා තියෙන දෙයක්... පාලකයින් බොරු සිහින මවමින් බලයේ දිගටම ඉන්නේ කොහොමද කියලා හිතනවා මිසක් මහපොළවේ දුප්පත් මිනිස්සු විඳින දුක දිහා බලන්නේ නැහැ...
සතෙන් සතේ රුපියලෙන් රුපියල හොරන් කරල හොරකන් කරල මුන්ටික අපිට ඉතුරු කරපු රට.
බෙහෙත් ගන්න තියෙන සල්ලි වලින් කොමිස් කඳු පිටින් ගහල ඒවායින් ආතල් ගන්න ඇමතිලා, ලොකු ලොක්කෝ ......න් ට මොනා හිතෙනවා ඇතිද ???? මේ රටේ budjet එකෙන් බිලියන ගානක් වෙන්කරත් බෙහෙත් පෙත්ත හරියට බදු ගෙවන මිනිස්සු අතට යන්නේ නැත්තේ ඒ මුදලින් අවම වශයෙන් 50%ක් වත් ඇමතිගේ ඉඳ ල පහලම සෞඛ්ය් සේවයේ ඉන්න කම්බ හොරු පිරිසක් මාටියා ගහන නිසා. නැතිනම් රුපියල් 2 පෙත්ත 200 ට ගන්න පුවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ
රටේ තියෙන සම්පත් හූරාගෙන කන අයට වැහි නැති හෙනම තමයි...!
74 වසරක් පුරාවට බූරු පාලකයන් අපට උරුම කල රට... සමාජ ආරක්ෂණය ?
රාජපක්ශල ඇතුලු 75 වසරක් රට පාලනය කරපු කාලකන්නි පාලකයො රට ගෙනල්ල දාපු තැන තමයි ඕක. අයියෝ අහින්සක ජීවිත
අද අපේ රට ඉතියෝපියාවටත් අන්ත තත්වෙට පත්වෙලා මෙහෙම ගියොත් ලෝකයේ දුප්පත්ම රට වෙන්න වැඩි කල් යන්නෙ නැහැ.
වසර 75ක් රට පාලනය කල රට මේ තැනට ඇදලා දාපු දේශපාලුවන්ටයි නිලධාරීන්ටයි මේවා සාප වෙනවා....