(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
චීනයේ පැවැති ජාත්‍යන්තර එක්ස්ෆෝ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාව නියෝජනය නොකිරීම හේතුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් 2021 වර්ෂයේදී අපතේ ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
එම ප්‍රදර්ශනයේ වෙළෙඳ කුටි සකස් කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රුපියල් හැත්තෑ දෙලක්ෂයක පමණ මුදලක්ද ප්‍රදර්ශනකරුවන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කිරීමට රුපියල් 50,000කට ආසන්න මුදලක්ද වැය කර තිබූ බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස ගණනේ ඕව එක එක කිව්වට දැනෙන්නේ නැහැ. ලිස්ට් එකක් හදල එකපාරට දාන්න මුළු ගණනත් එක්ක.
විගණන වාර්තා මගින් පෙන්වා දෙනු ලබන දුෂණ සහ වංචා සම්බන්ධයෙන් අදාල නිලධාරීන්ට නීතිමය පියවර ගැනීමට පියවර ගත යුතුය. නැත්නම් කෝප් කමිටු ආදිය පවත්වා ගෙන යාම පිනිස වැය කරන මුදල්ද අපතේ යාමකි. ජනතා මුදල් අවභාවිතා කළ සහ කරන නිලධාරීන්ට උපරිම දඩුවම් ලබා දීමටත්, ඔවුන්ගේ දේපල පවරා ගෙන හෝ අවභාවිතා කළ මුදල් ආපසු ලබා ගැනීමටත් නීති සකස් විය යුතුය.
හා හා ඒකට මෙකද එතකොට හිටපු කාලක්න්නි ඇමතියටයි ඔගෙ පවුලෙ එවුන්ටයි මල්ල කරෙ වෙන්ඩ ඇති රටට හෙන ගැහුවත් මොකද කාලක්න්නි දේශ පාලුවො බඩ වඩා ගත්තනම් ඒ අති.
රට රටවල ඔය ප්‍රදර්ශන අවුරුද්දකට කීයක් තියෙනවද? අඩුම ගානේ වියදමවත් කවර් වෙනවද?