
(ඩයනා උදයංගනී)
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු අනතුරුවලින් ආරක්‍ෂාවීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාළගුන අනාවැකි කියද්දී මාතර ගාල්ල හා කලුතර දිස්ත්‍රික්කයේ කියලා කියන කාළගුනේ නිළධාරින් කඩුගන්නාව රඹුක්කන පැත්තේ සිට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටට ආසන්න සියඹලාගොඩ දක්වා මායිම්ව පවතින සබරගමුව පළාතේ කියලා කියනවා.එහෙම කියන්න තියෙන විශේෂත්වය මොකක්ද කියලා අහන්න හිතෙනවා මාතර සිට ගාල්ලට සැතපුම් තිහකට අඩුයි ඒත් සබරගමුවේ මායිම් අතර බසයෙන් ගියොත් යාමට අවම වශයෙන් පැය පහක් පමණ වත් කාලයක් ගතවෙනවා එතරම් විශාල ප්‍රදේශයක් සදහා අනාවැකි කිව්වම ඒක හරියටම කියන්න පුළුවන් වෙනවා නේද