
( ෂේන් සෙනෙවිරත්න )
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මහනුවර වැවට පෙරළීම හේතුවෙන් එම විශේෂඥ වෛද්‍යවරයා සුළු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
ඊයේ (04) රාත්‍රීයේ අනතුර සිදු වෙන අවස්ථාවේදී වෛද්‍යවරයාගේ බිරිඳ ද වාහනයේ සිට ඇති අතර ඇය ද මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකි .
සුළු තුවාල ලැබීම හේතුවෙන් ඇය ද මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මල්වතු මහා විහාරයේ සංඝරාජ පිරිවෙන අසලදී අනතුර සිදුවී ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි පිරිස් වාහනයේ වීදුරු කඩා මතය තුළ සිටි දෙදෙනා පිටතට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසියේ රථ පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීලද කොහේද ඉන්න ඇත්තේ..!
මොකක්ද දන්නේ නැහැ දෝෂය...? කරුණාකරලා අපිටත් කියන්න...!