(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ආයතන 420න් 32ක් අන්ත දූෂිත සහ විශාල වශයෙන් පාඩු ලබන ආයතන ලෙස කෝප් කමිටුව හඳුනාගෙන ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ ආයතන වසර තුනකදී රුපියල් කෝටි 46,500 ක පාඩුවක් ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.
ආයතන තිස් දෙක 2018 වර්ෂයේදී රුපියල් කෝටි 19300ක්ද 2019 වර්ෂයේදී රුපියල් කෝටි 15800 ක්ද 2020 වර්ෂයේදී රුපියල් කෝටි 11400 ක්ද පාඩු ලබා ඇතැයි සඳහන් කරන මන්ත්‍රීවරයා මේවා පවත්වාගෙන යෑමට ආණ්ඩුවට වාර්ෂිකව කෝටි ගණන් සාමාන්‍ය ජනතාවගෙන් එකතු කරගන්නා බදු මුදල් පොම්ප කිරීමට සිදුව ඇතැයිද සඳහන් කළේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා සතොස සමාගම පාඩු ලබන ආයතන අතර ප්‍රධාන තැනක් ගන්නා බවත් සමස්ත පාඩුවෙන් සියයට හතළිහක් පමණ අයත් වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බවත් ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.
කණගාටුදායක කරුණක් නම් සමහර ආයතන අද පවත්වාගෙන යන්නේ සේවකයන් රැක බලාගැනීමට බවද ඔහු සඳහන් කළේය.
අකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම මට්ටමට ගෙන ඒම සදහා යාන්ත්‍රණයක් වහාම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ මන්ත්‍රීවරයා රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් විධිමත් විගණනයක් හා මැදිහත් වීමක් අවශ්‍ය වන්නේ මෙනිසා බවද පෙන්වා දුන්නේය.
සමහර ආයතන වැඩකට නැති ව්‍යාපෘති ගෙනවිත් මුදල් කාබාසිනියා කළ බවට චෝදනා එල්ලවී ඇති බවත් මේ ආයතන ගොඩගැනීමට ඇති විසදුම පෞද්ගලීකරණය නොවන බවත් වලේබොඩ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ දැනුම හොඳයි. එත් අපේ මුදල් ඇමතිලා වූ මහින්ද, බැසිල් වැන්නවුන්ට කුමන ආර්ථික විද්‍යා පරිචයක් තිබුනේද ? ඔබ දැන් ඉන්න සමාගමෙත් දුෂිතයින් ඉන්න නිසා පිළිගැනීමක් නැහැ. අදුෂිත කණ්ඩායමක් සමග එක්වී ඔබගේ දැනුම මගින් රටට සේවයක් කිරීමට ඔබට හැකිවේවා !
මහත්තයෝ ඉස්සරත් ඔය විදියට පාඩුලබන ආයතන අනන්ත තිබුනා උදාහරණයක් හැටියට පී.ඩබ්ලිව් .ඩී නැත්නම් ප්‍රශිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ,මහාමාර්ග දෙපාර්තමේන්තුව අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව (MD) හා රජයේ සැපයීම් දෙපාර්තමේන්තුව පෙන්නන්න පුළුවන් .ඉතින් ඒවා හැමදාම පාඩු ලැබීම සිදුවූ නිසා සේවා කාලයට අවුරුදු පහක් එකතුකර සේවකයින් විශ්‍රාම ගැන්වීම කලා වෙනත් සමාන්තර සේවාවල අය ස්ථාන මරුකලා දෙපාර්තමේන්තුව වසා දැම්මා ඉතින් ඔය ආයතන සදහා එම ක්‍රියාමාර්ග ගත්තා නම් ප්‍රශ්න ඉවරයි නේද එහෙම වුනත් රජයේ සැපයීම් දෙපාර්තමේන්තුව වෙනුවට රාජ්‍ය ආයතන වලට මිළට ගැනීමට බලය ලැබුන නිසා වැඩිම පිරිසක් කොමිස් ගැසීමට යොමුවීමත් වුනා (සිය ගණනක් කලදේ දහස් ගණනක් දෙනා කරන්න ගත්තා ) එනිසා රටේ නාස්තිය ඉහළ ගියේ නැහැ කියන්න බැහැ
රට ගොඩදාන්න ඕනෙ නම් ඔය සියලුම ආයතන පුද්ගලික කරණය කරන්නේ නැතිනම් ඉවර කරන්න.
අලියලගේ අපිලගේ වැඩ තමයි.
ලොකුම දූෂිතයා තමුන් සේවයකල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියල කියන්න බයද? බැරිද?
මේ මෝඩ නූගත් මිනිස්සු තමන් නොදන්නා විෂයයන් ගැන කතා කිරීම නැවැත්විය යුතුයි