
(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි.. තවත් කාලයකට බලයට ඒමට නොහැකි නායකයෙකු හා ඔහු වටා සිටින පිරිසකට ඕනෑ විදිහට ජනතාවගේ ඡන්ද අයිතිය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි...
අපේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ ගරු අධිකරණයට ජනතාවගේ උත්තමාචාරය...!
මේ දක්වා රනිල්ගේ ව්‍යවස්ථා විරෝධී සියලු උත්සාහයන් අසාර්ථකයි...
සූත්තර පුංචාගේ සියලුම යටි කූට්ටු වැඩ කුමණ්ත්‍රණ හා ගේම් අවසානයි. ලෑස්තිවෙලා හිටපල්ලා නඩය සමග ජම්පරේ ඇඳගෙන වැලිකඩට යන්න...
උසාවියට අපේ ප්‍රණාමය...!
මද්දුම බණ්ඩාර යලි උපදියි. මැරෙන හැටි මම පෙන්වන්නම් කිව්වේ එදා... අද සල්ලි ගන්න හැටි මම පෙන්වන්නම් කිව්වේ 2023. කාලා වරෙව්...!
දැන් රනිලයාට කියන්න පුළුවන් "මුදල් රඳවාගන නැහැ, රඳවාගන්න මුදල් නැහැ" කියලා...
දැන් තියමු ඡන්දෙ අපට ඡන්ද අයිතිය ලබා දුන් අධිකරණයට පිං...
කෝ මෙතැන රනිල් වෙනුවෙන් වැලලෙන්න හදන අප්පුහාමිලා ටික.
ගරු අදිකරණයට අපගේ උත්තමාචාරය පිරිනමනවා .යුක්තිය නීතිය සාදරනය ඉටුකරන යහපත් සමාජයක් බිහිවේවා .