
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසා ඇත.
එම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
බාහිර ණය හිමියන් මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම් නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. පුද්ගලික අදායම් බදු සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති නව බදු අනුපාත මෙම අරමුණ ඉටු කරගැනීමේදී සහාය වන බව එම නිවේදනයේ දැක්වේ.එසේම මෙම බදු ප්‍රතිසංස්කරණ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කිරීමට උපකාරී වන බවද එම නිවේදනයේ සඳහන් වේ.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තරය සමඟ සංසන්දනය කරන විට එය ජාත්‍යන්තර බදු අනුපාත සමඟද අනුකූල වන බව එම නිවේදනයේ දැක්වේ.
2021 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම සියයට 7.3ක් පමණක් වන අතර, ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පෙන්වා දී ඇත. අත්‍යාවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයා ගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව එම නිවේදනයේ දැක්වේ.නමුත් දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් බදු අයකරගැනීම් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් සිදු කළ යුතු බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් යන මහත්වරුන් පෙන්වා දී ඇත.
එසේම රජයේ වියදම් සඳහා අරමුදල් සොයා ගැනීමට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැරිය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීමද වැදගත් බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් මහත්වරුන් ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ ඉන්න ෆැන්ටසි ආර්ථික ඔස්තාර්ලා මොකද කියන්නෙ.
මේව තමයි තිත්ත ඇත්ත. ශ්‍රී ලාංකිකයන් මෙය නොතේරෙන තාක් සහ ප්‍රතිසංස්කරණවලට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම ශ්‍රී ලංකාව සදාකාලිකවම එකම තත්ත්වයක තබනු ඇත.
ලංකාවේ බුද්ධිමත් ජනතාවට ඕව තේරෙන්නේ නෑ. හොරා හොරා කිව්වම ලේසියෙන් තේරෙනව. ඒක නිසා ඒක තමයි පිලිගන්නේ. සර්වජන ඡන්ද බලයේ ප්‍රශ්න තමයි ඉතින් මොකද කරන්නෙ. එක්කො මිනිස්සුන්ට රාජය පරිපාලනය සහ රාජ්‍ය මූල්‍ය කලමනාකරනය කියල දෙන්න ඕන, නැත්තන් ඒව දන්න උන්ට විතරක් ඡන්ද බලය දෙන්න ඕන. එහෙම නොවුනම කසිප්පු කාරයොයි, කුඩු කාරයොයි, අන්තවාදී ජාතීවාදී පක්ශයි, මාල කඩන උන් තමයි පාර්ලිමේන්තු යන්නේ. ඒ දැනුම නැති මිනිස්සු තෝරගන්නෙත් දැනුම නැති මෝඩ සෙට් එකක්මයි. දැනුම නැති උන් ගියත් කමක් නෑ, දන්න මිනිස්සු පත් කරලා උන්ගෙන් හරියට උපදෙස් අරන් වැඩ කරනව නම්. එහෙම වෙන්නෙත් නෑනෙ. පවුලෙ ගොන්නු ටික උපදේශක වරු විදියට දාගෙන පවුල පිටින්ම හානව. ඔන්න බලන්නකො ඔය මෝඩ සෙට් එක ඊලඟට ජෙප්පො ටික ගෙනත් වෙනස්ම විදියකට කෙලව ගන්නව.
මේ ආර්ථික අර්බුධය ඇති කරපු උන් තමයි දැන් රජයේ ආර්ථික උපදේශකයෝ වෙලා ඉන්නේ.
විශේෂ දෙයක් නැහැ IMF පොලි මුදලාලි මිනිහගේ දෙන්න හදන ණය එක ආපහු ලැබෙන එක ෂුවර් නැත්නම් ණය දෙන්න වෙන්නේ නැහැ කියලා බලපෑමක් කරලා විතරයි තියෙන්නේ , මිනිහට වැඩක් නැහැ ලංකාවේ දැන් තියන අදික උද්ධමනය , මිනිස්සු වේල් දෙකක් නොකා අමාරුවෙන් ජිවත් වෙන එක ..වගේ දේවල්
සියලු ආර්ථික ප්‍රශ්න හොරකමට ඌණනය කරන ළදරු වලිප්පු විප්ලවකාරයින්ට කණට ගැහුවා වගේ කතාවක්...!
මේ රටේ අර්බුදයට ප්‍රධාන හේතුව 1977ට පස්සේ රටේ නායකයන්ගේ හොරකම් සහ අනුගාමිකයින්ට හොරකමට අනුබල දීමයි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නටනවා හැර වෙන කරන්න දෙයක් දන්නේ නැති රනිල් රාජපක්ෂගේ ගොබ්බ ආණ්ඩුවට මූල්‍ය අරමුදලින් සහතිකයක් දීලා තියෙනවා... අපේ පදේට මෙයා හොඳට නටනවා කියලා...
රනිල්ලා වගේ මිනිස්සු ඉද්දි ගෝට ආයේ ගේන්න එපා කියල කියද්දීත් අපිට බැනපු කට්ටිය දැන් රතු කට්ටිය ගේන්න පොරකනවා.රතු කට්ටිය කියන්න බලන්න මේ අයි එම් එෆ් එක කියන විදිහට වැඩ කරනවද කියල. නැත්නම් නම කුමාර හින්ද තාත්තාගෙන් ඉල්ලගෙන ඇවිල්ල රට හදනවද කියල අපට කියන්න.
ඔය ජේවීපී ගේමු කියල කෑ ගහන පොඩි ළමයි කියන්න බලන්න රටේ දැන් තත්වෙ මොකක්ද කියල. සමහර පක්ෂ වල ඉතිහාසය දන්නෙ නැතුව මුන් දෙගොල්ල හොරකම් කළා කියල කියන කට්ටිය දන්නෙ නැහැ අරුන් කරපු විනාසෙටත් ගෙව්වෙ රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කියල
ඔක්කොටම කලින් මේ රටේ නුගත් දේසපාලුවෝ ටික හැන්ද තමන්ගේ අතට අරන් කරන මේ කුපාඩි වැඩ ටික නතර කරලා වැඩ පටන් ගන්න ඕනි. උන්ගේ පඩි පැන්ෂන් ඩියුටි ෆ්‍රී වාහන කාර්ය මණ්ඩල වරප්‍රසාද බලන්න වසරකට කොච්චර නාස්තියක්ද කියාලා. පැන්ෂන් ගිය ජනාධිපතිලා සැප විදින්න රටේ මුදල් කොච්චර මුදල් වයකරනවාද? ඒ මදිවට මන්ත්‍රී පඩිත් ගන්නවා. රනිල් පුද්ගලිකවම රටට හානි කල මුදල් කොච්චරද? මතකද කෘෂිකර්ම ගොඩනැගිල්ල මාරු කරලා කරලා රටට කල කොටි ගණනක අලාභය? දැන් බලන්න තෙල් නැවක් අවොත් ප්‍රමාද ගාස්තු අනිවාර්යයෙන්ම ගෙවනවා කොටි හත් අට සියක් විතර. ඔය වගේ පොඩිපොඩි වගේ පෙනුනට කොච්චර මුදල් නාස්ති රටේ වෙනවද? කෝ ඒවාට දඬුවම්? ඕවා ඔක්කොම ගණන් බලන්න ඕනි. එහෙම නැතුව මේ හැම එකටම හරියන ප්‍රතිකර්මේ විදියට උඹලා දැන් තිත්ත බෙහෙත් බීපල්ලා කියාලා අසරණ මිනිස්සුන්ගේ පඩි පතෙන් කපා ගන්න එකම නෙමෙයි හරි වැඩේ.
ඔය ලිපියේ මුල, මැද හා අග හොඳට කියවලා තේරුම් අරගෙන, අදහස් දාන්න පුරුදු වෙන්න. එක එකාට කඩේ යන්නේ නැතිව.
ආණ්ඩුවට විරුද්ධ අදහස්වලට ඩිස්ලයික් දාන වහල්ලු තාමත් ජීවතුන් අතර ඉන්නවා කියන්නේ ඉතින් කරුමෙ තමයි...
අපේ ගම්වලත් ඉන්නවා ණයවෙලා ගෙවා ගන්න බැරුව තමන්ගේ දේපල විකුණලා අන්තිමට ණය ගෙවන්නේ නැතුව ඉන්නවා... නැවත කොහොම හරි ණයක් අරන් කාලා බීලා ඉන්නවා. ඒ වගේ තමයි අද අපේ රටේ තත්වෙත්. මියන්මාරය, සැම්බියාවත් අද අපිට වඩා හොඳ තත්වේ පවතිනවා.. රටට ආදරේ කරන නායකයින් අද නැහැ. දැන්වත් ගම් මට්ටමෙන් කර්මාන්ත ඇතිකරලා පිටරටට දෙන්න පුළුවන් දේශීය නිෂ්පාදන පිටට යවලා ඩොලර් ගෙන්වා ගන්න බැරිද? හැමදාම ණය අරන් කරපු දේකුත් නැහැ...
හේතුව කපටි දේශපාලුවොයි පහසුවෙන් රවට්ටන්න පුළුවන මැටි මෝල් ගොන් බූරු බහුතර ජනතාවයි