
(යොහාන් භාසුර)
ත්‍රීරෝද රථවලට වැඩි මිලට ඉන්ධන පිරවුම්හල්වලින් පෙට්‍රල් ගැනීමට සිදුවීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පිරවුම්හල් සංවිධානාත්මකව වැඩි මිලට පෙට්‍රල් අළෙවිය ක්‍රියාත්මක කරන බවත් රැකියාව ලෙස මගී ප්‍රවාහනයේ නිරතව සිටින ත්‍රීරෝද රථ හිමියෝ පවසති.
ඉන්ධන පිරවුම්හල් සේවයන්ට වැඩිපුර දෙන පෙට්‍රල් ලීටරයකට රුපියල් 50 ක මුදල් ලබාදිය යුතු බව කියන ත්‍රිරෝද රථ හිමියෝ මරදාන, බොරැල්ල, කොම්පඤ්ඤවීදිය, නුගේගොඩ සහ මහරගම ඇතුළු කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල පිරවුම්හල්වලින් රුපියල් 500 ක පමණ මුදලක් දුන්විට එකවර රුපියල් 3,000 ක පෙට්‍රල් ගතහැකි බව ද සදඟන් කරති.
ස්වයං රැකියාවේ නිරත වන ත්‍රීරෝද රථවලට පෙට්‍රල් ලීටර 10 ක් දෙන්නේ යැයි පැවවුව ද බොහෝ දෙනෙක්ට සතියකට ලීටර 5 ක් පමණක් ලැබෙන බවත් ලීටර 10 ක් ලැබෙන ත්‍රීරෝදවලට ද එය ප්‍රමාණවත් නොවන බවත් ත්‍රීරෝද රථ හිමියෝ කියති.
ඉන්ධන පිරවුම්හල් කරන මෙම නීති විරෝධී වැඩි මිලට ඉන්ධන අළෙවි පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කර මගී ප්‍රවාහන කරන ත්‍රීරෝද රථවල ඉන්ධන පංගුව ඉහළ දැමීමට කටයුතු කළ බවත් ත්‍රීරෝද රථ හිමියෝ වැඩි දුරටත් පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි ක්‍රමවේදය .QR කේතය නාමමාත්‍රයි .පොම්ප කරූට 500 ක් දුන්නම මගේ වාහනේ ලීටර් 90 ටැංකිය පුරවගන්නවා
ඕක කවුරුත් දන්නා රහසක් .නමුත් කවුරුවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ
QR කේතය හරහා වාහන වලට දෙන ඉන්ධන ප්‍රමාණයන් 20 % කින් වැඩි කරන්න ,පස්සේ ඉන්ධන හිඟයක් ආවොත් පුළුවන් අඩු කරන්න
දෙහිඅත්තකන්ඩිය ,සිරිපුර හොදයි හොර වැඩ නෑ
පහුගිය කාලයේ කළ දේවල් තමයි ඵලදෙන්නේ...!
ඕකුන්ට හෙනම ගහපන් .අපේ සල්ලි ගසා කනවට
සතියකට ලීටර් 05ක් මදි.. ලීටර 10ක් ලැබෙන්නේ නැහැ... පුළුවන් නම් ලීටර 10ක් දෙන්න... ගොඩක් හොඳයි.