
(කේ. බුද්ධික කුමාරසිරි)
සිය බිරිඳව නිරුවත් කොට ඇයගේ දෑත් සහ දෙපා ගැට ගසා කොච්චි මිරිස් තලා තලපයක් කර ඇයගේ ශරීරයට ඇතුළු කළ බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ අරඹා ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සිව්දරු මවක් පාදුක්ක පොලිසියේ ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩබ්.එස්.ඒ. පත්මා මහත්මිය වෙත සිදු කළ පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
බීමත්ව පැමිණෙන තම සැමියා දෑත් දෙපා ගැට ගසා කූඩැල්ලන් හෝ පණුවන් රැගෙනවිත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන්ට දැඩි වේදනාවක් දැනෙන බවත් ඇය පවසා ඇත.
එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් එම කාන්තාව සිදුකල පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.
මෙම අමානුෂික වද හිංසා 11 හැවිරිදි දියණිය ඉදිරිපිට පැමිණවීම හේතුවෙන් දියණිය දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් තමන්ට මාස හතරක අත දරැවකු ද සිටින බවත් අදාල කාන්තාව වැඩි දුරටත් සදහන් කර ඇත.
කාන්තාව ප්‍රතිකාර සදහා පාදුක්ක දිසා රෝහලට ඇතුලත් කළ බවද ප්‍රතිකාර කටයුතු නිමවීමෙන් පසු ඇයගේ සහෝදරියක සහ දරුවන්ද සමගින් අනුරාධපුරය ප්‍රදේශයේ පිහිටි තම මව්පියන් ගෙ නිවස වෙත යාම සදහා පාදුක්ක පොලිසියේ සේවයේ නිරත පොලිස් නිළධාරීන් එක්ව මුදලක් එකතු කර ඇයට ලබා දීමට කටයුතු කළ බවද පාදුක්ක පොලිසිය
සැකකරු රියදුරකු ලෙස කටයුතු කරන අයකු බවත් ස්ථිර රැකියාවක් නොමැති බවත් මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් සැකකරැ අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බවත් පාදුක්ක පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය
පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනානායක මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පද්මා මහත්මිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අපතයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ .රියදුරෙක් නිසා තනියම යනවිට අනතුරක් වෙලා .මැරෙනකම්ම විඳවන්න ලැබෙන්න ඕනේ
‘සෙක්ශුවල් සැඩිසම් ඩිසෝඩර්’ නැමති බලවත් මානසික රෝගයෙන් පෙලෙන්නෙක්. මොවුන්ගේ ලිංගික සංතර්පනය සිදුවන්නේ අනෙකාගේ ලිංගික වේදනාව දෙස බැලීමෙනි. මෙහිදී තම එකොලොස් හැවිරිදි ළමයාට මෙය දකින්න සැලැස්වීමෙන් ඇයගේ භීතියද මොහුගේ සංතර්පනයට හේතුවක් කරගන්නවා. මෙයින් අනුමාන කල හැක්කේ මොහුගේ ඊලග ගොදුර ඇය බවයි.
මිනිස්සු දැන් හිසිරෙන්නේ සත්තු වගේ
මාරසිංහම් මහත්තයාගෙ යාලුවෙක්. රස්සාවකුත් නැනෙ. අර මහත්තයාටත් හරිහමං රස්සාවක් නැ. තකට තක..
මේ මානසික රෝගියා අත්අඩංගුවට අරන් පත්‍රිකා සඳහා යොමු කරනවා. සමාජයේ තවත් මෙවැනි පුද්ගලයින් සිටියි නම් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා ඔවුන් යොමුකිරීම ඔබගේ යුතුකම වේ... ලෝකයේ දියුණු රටවලත් මෙවැනි රෝගීන් සිටිනවා. නමුත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙනවා.
පිස්සන් කොටුවට දාන්න ඔනෙ කාල කන්නි තිරිසනෙක්
මෙයාගේ අතපය ගැටගහලා අහවල් ඒකේ නයි මිරිස් තලියක් ගාන්න. ඒ මදිවට ළමයි 4කුත් හදලා...
බල්ලකුට දාව ඉපදුණු තිරිසනෙක්...
මේ කාලකණ්ණියා, මානසික රෝගියෙක්...! මුළු ගමම එකතු වෙලා අර මේකෙ කමෙන්ට් එකේ තියෙන විදිහේ බැරල් එකකට දාලා හදලා ගන්න... තියෙන්නේ මෙයාව මනෝවෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකළ යුතුයි...!
මෙයාට නිසි දඩුවම් දෙන්න කලින් මානසික රෝහලකට යොමු කල යුතුයි. ගෘහස්ත ප්‍රච්න්ඩත්ව නඩුකරයක් ගොනු කිරීමට නීති ආදාර කොමිසමට හෝ යොමු කරවන්න
අමනුස්සයෙක්ද කොහේද? මෙයාටත් පණුවන් සහ කූඩැල්ලන් ශරීරයට යවන්න පුළුවන් හැම තැනකින්ම යවන්න ඕනේ... ඒකේ වේදනාවේ තරම කොහොමදැයි කියලා දැනගන්න...