(රංජන් කස්තුරි)
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන නව දිනය මේ මස 9 වැනිදාට පෙර ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වී තීන්දුවක් ගෙන මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟද සාකච්ඡා කර නව ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරන බවද කොමිසම කියයි
මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ ද මේ දක්වා තීන්දුවක් ගෙන නැතැයි වාර්තා වේ.
මැතිවණ කොමිසමේ සාමාජිකයන් අද පෙරවරුවේ සිට දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි ද වාර්තා වේ.
එහිදී තීරණය වී ඇත්තේ ලබන අඟහරුවාදා කොමිසමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කෝම කසාය බීපු ගොළුවන්. වචන පිටකරන්න බයයි.
කොන්ද පණ නැති නිවට, නියාලු හාදයින් කොමිසන් සභාවලට පත් කරන්න ඉඩ සැලසෙන ව්‍යවස්ථා සභාව නැමති ප්‍රෝඩාව අහෝසි කළ යුතුයි. ඒ වෙනුවට ස්වාධීන පුද්ගලයින් කොමිසන් සභාවලට පත් කිරීමට හැකි ක්‍රමවේදයක් වහා සකස් කළ යුතුයි...
බල්ලො රජ කරන කාලයක්. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගිහිල්ලා...
මැතිවරණ කොමිසමට දේශපාලන අතපෙවීම් ඇයි? දේශපාළුවන් ඇඟිලි ගහන ලෝකයේ එකම මැතිවරණ කොමිසම ඇත්තේ ලංකාවේ පමණි.
ඔය කොමිසමට අවශ්‍ය වී තිබෙන්නේ රජයට අවශ්‍ය විධියට නටන්න මිසක් චන්දය තියන්න නෙවෙයි. සභාපති තමයි මහින්දගේ කාලේදී මහින්ද විසින් පත් කෙරුණු මානව හිමිකම් කොමිසමේ සභාපති