IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ අසරණ සරණ සමිතියට නව කෘත්‍රීම පාද කර්මාන්ත ශාලාවක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ පැරණිතම සමාජ සේවා ආයතනයක් වන කොළඹ අසරණ සරණ සමිතිය යටතේ ක්‍රියාත්මක කෘත්‍රීම පාද නිෂ්පාදන ආයතනයේ නව කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වෝල්ෂ් මහතා අද (3) පෙරවරුවේ විවෘත කළේය.

කොළඹ 2, පිහිටි එම නව කර්මාන්ත ශාලාවට අවශ්‍ය යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය.

මෙම ආයතනය වසර ගණනාවක සිට අඩු ආදායම් ලාභීන් නොමිලයේ සහ සෙසු අයට ඉතාම සහන මුදලකට කෘත්‍රීම පාද සැපයීමේ නිරතව සිටියි.  

එම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස්  කාර්යාලයේ දෙවැනි ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී වැලරි මෙනවිය ද සහභාගි වූවාය.    

වසර 190 ක ඉතිසාහයකට හිමිකම් කියන කොළඹ අසරණ සරණ සමිතිය ස්වෙච්ඡා අධ්‍යක්‍ෂ මණ්ඩලයකින් පාලනය වන අතර එහි සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් ජයවර්ධන, උප සභාපතිවරයා ලෙස මහාචාර්ය ෂෙරිෆ් ඩීන්, ලේකම්වරයා ලෙස වෛද්‍ය රංජන් ඩයස් සහ පරිපාලන ලේකම්වරයා ලෙස සරත් කුමාර යන මහත්වරු කටයුතු කරති. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

කොළඹ අසරණ සරණ සමිතියට නව කෘත්‍රීම පාද කර්මාන්ත ශාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site