IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෙඩික්කරුට නවාතැන් දුන් යුවළට බල්ලා ගෙන යන්න පොලිස් ආරක්ෂාව

(විශේෂ වාර්තාකරුවකු විසිනි)

හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය ඇතුළු මනුෂ්‍ය ඝාතන 13කට වෙඩික්කරුවකු සිට කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගිය සැකකරුට නවාතැන් පහසුකම් ලබා දුන් බවට හඳුනාගත් සැකකාර යුවළ පදිංචි මිල්ලනිය නිවසේ සිටි සුනඛයා රැගෙන යාම සඳහා බණ්ඩාරගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු කොස්තාපල්වරයකු යොදවා ආරක්ෂාව සපයා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.

කෝරළේගේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග ව්‍යාජ නමකින් ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී ඉකුත් මස 24 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු කටුනායක ගුවන්තොටුපල පොලිසිය වෙත බාරදී තිබිණි.

එදින සැකකරු ගුවන් තොටුපල වෙත පැමිණිම සඳහා යොදවා ගත් මෝටර් රථය මෙහි රියදුරුද කටුනායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහිදී මද වේලාවක දී සැකකරු බැලීමට පැමිණි හිමිවරුන් දෙදෙනකු විසින් සැලසුම් සහගතව සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගෙන රැගෙන ගොස් තිබිණි.

සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමගම ඔහුට නවාතැන් පහසුකම් ලබා දුන් මිල්ලනිය බැල්ලන්තුඩාව නිවසේ පදිංචි අඹුසැමි යුවළ ද එම නිවසින් අතුරුදන් වූ අතර නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා පමණක් නිවසේ තනිවිය.

ඉකුත් 28 වෙනි දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවීම සඳහා බණ්ඩාරගම පොලිසියට පැමිණි තිබු කාන්තාවක් කළ ඉල්ලීමක් අනුව පරිපාලන අංශය භාරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයකු යොදවා සුනඛ යාව රැගෙන යන තෙක් ආරක්ෂාව සැපයීමට කටයුතු කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.

එම නිවස පිහිටා ඇත්තේ මිල්ලනිය පොලිස් වසමේ බවට කොස්තාපල්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වෙත දැනුම් දුන්නද එය කනකට නොගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයා අමතා සුනඛයා රැගෙන යනතෙක් යන තෙක් ආරක්ෂාව සපයන ලෙස කොස්තාපල්වරයාට නියෝග කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (3)

වෙඩික්කරුට නවාතැන් දුන් යුවළට බල්ලා ගෙන යන්න පොලිස් ආරක්ෂාව

Bamunuarachchi Friday, 03 March 2023 11:15 AM

පොලිස් පරීක්ෂක ජැන්ඩියට ඇඳලා ඉන්නේ...!

:       0       13

de siliva Friday, 03 March 2023 03:01 PM

මේ අපරාධ කල්ලිය සහ පොලීසිය අතර විශාල හිතමිත්‍රකමක් තිබෙන බව පෙනී යනවා...

:       0       6

sam Friday, 03 March 2023 03:22 PM

අනිවාර්යයෙන්ම මූත් ඒ පාතාලයන්ගෙන් යැපෙන කාලකන්නි පොලිස් පරීක්ෂක වරයෙක් .මුගේ වත්කම් බැරකම් වහාම හොයා බලන්න .මූ පාතාලයෙන් නඩත්තු වෙන කාලකන්නියෙක් .ඉතින් රට හදයිද ඕයි

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site