(පැතුම් දර්ශන)
ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ ගමන් ගත් කැබ්රථයක් යකල්ල මෙගොඩවැව දහසයේ කනුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අද(02) අලුයම කුඹුරු යායකට පෙරලී ගොස් ඇතැයි පොලිසිය පවසයි.
හබරණ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රථවාහන අංශයේ සේවයේ නියුතු සැරෙන් වරයකු විසින් බීමත්ව පදවන ලදැයි පැවසෙන මෙම කැබ් රථය අද (02) අලුයම දෙකට පමණ මාර්ගයෙන් ඉවතට පැමිණ මෙලෙස අනතුරට ලක්ව තිබේ.
පෙරේදා (01) රාත්‍රීයේ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගී වී අළුයම නැවත ආපසු හබරණට යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් ඒ මොහොතේ කැබ් රථයේ රියදුරු ලෙස අදාල සැරයන්වරයා පමණක් සිට ඇති බවත් පොලිසිය පවසයි.
අනතුරෙන් රියදුරුට කිසිදු හානියක් සිදු නොවී ඇති බවත් කැබ් රථයට පමණක් බරපතල හානි සිදුව ඇති බවත් පවසන පොලිසිය වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුනුවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයරත්න දිසානායක මහතා ඇතුළු නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැරයන් බීලා පැදවූ ජීප් රිය කුඹුරේ දොයි
පිටිගල මිලානෝ Thursday, 02 March 2023 10:03 PM
නියම රාලහාමි…. ට්‍රැෆික් අංශෙත් එයාගේ නම් බීලා එලෙව්වාම මොකෝ…
Prabha Thursday, 02 March 2023 10:30 PM
පිනට බොනකොට පදම අමතක වෙන්න ඇති...
රාලහාමි Friday, 03 March 2023 08:33 AM
ඉදිරි පරීක්ෂණයේ ප්‍රතිඵල අහන්න එපා. එහෙම පරීක්ෂණයක් කෙරිලත් නෑ... එහෙම සිදුවීමක් වෙලත් නෑ. රක්ෂණ ආවරණය පමණක් ලැබී ඇත...
Perera Friday, 03 March 2023 01:48 PM
පොලිස්කාරයොද මනුශ්ෂයොද?