IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රටට අවුරුද්දක් හුස්ම ගන්න ඉඩ දෙන්න

(සුජිත් හේවාජුලිගේ )

රට අරාජික නොකර   අවුරුද්දක් නිදහසේ හුස්ම ගන්න ඉඩදී  දේශපාලනය කරන්නැයි  සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරන බව  සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

"ඔබේ අරගලය කරගන්න. නමුත්  දියුණුවේ  පාර  වැහුවොත්  රට අරාජික වීම වළක්වන්න  බැහැ" යැයිද  ඔහු සඳහන් කළේය

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කොවිඩ් වසංගතයෙන් වසර තුනකට පසු පැමිණි  චීන සංචාරකයන් රැගත් පළමු  ශ්‍රී ලංකන් ගුවන් යානය පෙරේදා (1) රාත්‍රී  පිළිගනිමිනි.

චීන සංචාරකයෝ එකසිය විසි දෙනෙක් එම ගුවන් යානයෙන් මෙරටට පැමිණියහ.

හරින් ප්‍රනාන්දු මහතා මෙසේද සඳහන් කළේය.

චීන සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණීම විශාල ප්‍රගතියක්. චීන සංචාරකයන් ලක්ෂ පහක් ඉදිරි ඉදිරියේදී පැමිණියහොත් ඉන් ලැබෙන මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන මුදලට සමානයි.



අදහස් (21)

රටට අවුරුද්දක් හුස්ම ගන්න ඉඩ දෙන්න

chandima Thursday, 02 March 2023 08:22 PM

හුස්මක් අරන් වැඩේ දෙන්න වගේ යන්නේ...?

:       6       15

මැක්ස් Thursday, 02 March 2023 08:40 PM

ගෝඨා මහතා ඉන්න කොටත් ඔබතුමාලා එහෙම හිතුවා නම් රට මෙලහට යම්කිසි තැනක. සිංහල බෞද්ධ ඡන්දවලිින් බලයට පැමිණි බව ප්‍රකාශ කළත් හරි ඔබතුමාලා ඔහු සමඟ වෛර බැඳ ගත්තා. ගෝඨා මහතාට මාස 6ක් වැඩ කරන්න ඉඩ නොදී "සර් ෆේල්" කැම්පේන් එක පටන් ගත්තෙ ඔබතුමා. අපට ඒවා මතකයි. කෙසේ වුවත් ඔබගේ මේ යෝජනාවට ඉඩ දුන්නොත් සජබයින් සහ ජජබයින්ට කරන්න ජොබ් එකක් නැතුව යනවා. දන්න එකම දේ වර්ජන තර්ජන සහ කඩාකප්පල් ත්රීම්නෙ.

:       11       13

නිමේෂ් Thursday, 02 March 2023 09:28 PM

තමුන්ගේ නායක පිනාට කියන්න නියමිත වෙලාවට මැතිවරණ තියන්න කියල තවත් රට අරාජික කරන්නේ නැතිව

:       13       25

Perera Thursday, 02 March 2023 10:34 PM

මේ යන විදිහට අවුරුද්දක් යනකොට රටේ වැඩි දෙනෙකුට හුස්ම හිරවෙලා තියේවි

:       1       2

Mr. ජෙප්පා Friday, 03 March 2023 05:35 AM

එහෙම බෑනේ මෙයා. රට හැදුනොත් අපි කොහොමද මිනිස්සුන්ව ගොනාට අන්දගෙන ඉන්නේ. අපේ ගොඩ වැඩිවෙන්නේ රටට කෙලවෙලා තියෙනකන් තමයි.

:       8       12

බෙන්තර ගෙ කිඹුලිගේ පැටියා Friday, 03 March 2023 06:00 AM

මං හිතන්නේ හරීන්ගෙ තාත්ත හීනෙන් කියල..මෙතුමන් කාලෙකට සිල්.....කාලෙකට සුසිල්.....අනික් කාලෙට බැසිල්. හැමදාම කැසිල්.ලෙන් පුවත් මවනවා.

:       7       16

ravin Friday, 03 March 2023 07:05 AM

පොදුජනයා එක පයින් කැමැතියි. පොඩි පරහකට තියෙන්නේ 225න් කවුරුවත් තමතමන්ගේ සුඛවිහරණය හා කොමිස් ගැහිල්ල නතර නොකරන එකයි.

:       1       1

අරවින්ද මොනරවිල Friday, 03 March 2023 07:09 AM

තව අවුරුද්දක් ඔබලා හිටියොත් රට විනාශ වෙලාම යනවා රටේ ඉතිරි ටිකත් චීනයටයි ඉදින්යාවටයි ඇමරිකාවටයි විකුණනවා මේ පරදේකාර හොර නඩය. ඒ නිසා එක දවසක්වත් ජන වරමක් නැති උබලට බලයේ ඉන්න අයිතියක් නැහැ. වහාම ඉල්ලා අස්වෙයලා.

:       8       12

පහණFriday, 03 March 2023 11:34 AM

ලපය එන්නෙ ඇලඩින්ගේ පුදුම පහණ අතින් අරන්ද බ්‍රෝ

:       0       4

BumunuarachchiFriday, 03 March 2023 11:40 AM

මෝඩයෝ මොනරවිල කියලා නමක් දාගෙන කැප්පෙටිපොළ විරුවානන්ගේ නමට අසූචි දාන්න එපා බාන්.දැන් ඉතින් 2023 වසරේ ළදරු පාසැල් ආරම්භ කරල ඉවරයි ඊළඟ අවුරුද්දේවත් ළදරු පාසැලකට ගොස් යමක් ඉගෙනගනින් ......

:       1       4

aravinda Monarawila Friday, 03 March 2023 01:25 PM

මට නම් ඉතින් ළදරු පාසලකටවත් යන්න පුළුවන්... ඔබව අපායේ යම රජ්ජුරුවොත් බාරගනීද දන්නේ නැහැ...?

:       1       1

Samitha Senaka Aluthgamage. Friday, 03 March 2023 08:15 AM

මේ කෙලින්ම නොකියා ව්‍යංගයෙන් කියන්නේ,මේ විදිහට බදු වැඩි කරමින්,බඩු මිළ වැඩි කරමින්,ලයිට් බිල් වැඩි කරමින්,රට කෑ දූෂිතයන් නොඅල්ලමින්,ජනතාවගේ මතයට ගරු නොකරමින් තවත් වසරක් යහතින් වැජබෙන්නට ඉඩදී ඇස් කන් පියාගෙන ඉන්න කියනා ඒකනේ .. එහෙම නේද ? අපූරු යෝජනාව .. හික් හීක් ..

:       6       13

Sisira Friday, 03 March 2023 08:46 AM

බාලගිරි වගෙයි හැමොම අවුරැද්ද අවුරැද්ද ඉල්ලනවා කවදාවත් හොද වෙන පාටක් නැ

:       5       6

Rishad Friday, 03 March 2023 08:58 AM

ලයිට් බිල් ගෙවන්නෙ කවුද?

:       5       9

Ruwan Friday, 03 March 2023 09:09 AM

අනේ මිනිහෝ.... ඉතුරු ටික නොකියම ඉන්නම් මම..... ඉතුරු ටික කිව්වොත් මෙ පොස්ට් එක දාන්නෙ නෑ,,,,, එනිස නොකිය ඉන්නම්...

:       6       12

Jayasekara Friday, 03 March 2023 09:29 AM

රටට අවුරුද්දක් හුස්ම ගන්න දෙනව කියන්න හොරු රැලට ජීඑවත් වෙන්න බලයෙ ඉන්න තව අවුරුද්දක් ඉඩ දෙනව කියන එක... එතකොට අපි කන්න බොන්න නැතිව කලුවරෙ හාමතෙ මැරිල.....

:       3       8

සන්කා Friday, 03 March 2023 09:33 AM

මේ සුන්දර රට ගොඩගැනීමට ඇති ප්‍රධානම විකල්පය දූෂිත පොහොට්ටු නායක හොරුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීම බව ඔබ වැනි තොත්ත බබෙකුට නොතේරුණාට,දන්නා අය දන්නවා.ජනතාව විසින් පන්නා දැමූ ඔබ ඇතුළු එජාප නඩයට පින් චාන්ස් මන්ත්‍රී කම පමණක් තියාගෙන පොහොට්ටුවේ පිහිටෙන් තාවකාලිකව හෝ මෙසේ කතා කිරීමට ඇති අයිතිය කුමක්ද?

:       10       8

wijeFriday, 03 March 2023 11:09 AM

සංඛ, ඔබ හරි... මේ කාලකණ්ණි අපේ රටේ ඉතුරු ටිකත් කයි වගේ...

:       3       2

සත්‍ය ගවේෂී.Friday, 03 March 2023 02:13 PM

මේ ලියා ඇති දෙයෙහි," මේ සුන්දර " කොටස හැරෙන්නට අනිකුත් සියලුම දේ ඉස්පිල්ලක් පාපිල්ලක් නොමැතිව පෙබරවාරි 28 දින පළවූ වජිර අබේවර්ධන ගේ පුවතකට සමිත සේනක විසින් ලියා ඇත.මා කියන්නේ බොරුවක් නම් ,එය කියවා බලන්න.

:       0       5

Kumara Friday, 03 March 2023 11:40 AM

දැන් ඇති උබලගෙ කයිවාරැව. තොපි සැප වින්දෙ නයට ගත්ත සල්ලිවලින් . අපෙ දරුපරපුර සදා හිගන්නො උනා තවත් පවු නොදී පලයල්ල.

:       1       5

Sisira Gunasekera Friday, 03 March 2023 02:02 PM

රට ගොඩ ගන්න පුළුවන් රනිල්ට පමණයි. ගෝඨාට චන්දය දුන්න අය ඒක දැන ගත යුතුයි .හරීන්ටයි ,රාජිතටයි ස්තුතියි .ඒ ගොල්ලන්ගේ කතා වලට .ජයවේවා

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site