ධානිශ් අලීට ඇප රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා රුපියල් 25000 මුදල් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (15) නියෝග කළේය. 15 August 2022
රාජපක්ෂලාගේ කුණු අදින ලොරි බවට සජබ කිසිවකු පත් වන්නෙ නෑ රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 15 August 2022
පොහොර බෙදා හැරීම ගැන පූර්ණ විගණනයක් යල කන්නයේ යුරියා පොහොර ගොවීන් වෙත බෙදා හැරීම සම්බන්ධව පූර්ණ විගණනයක් කරන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී තිබේ. 15 August 2022
භූතයා ගණන් උස්සයි:ගොවීන් නන්නත්තාරයි ගොයම් කැපීමේ යන්ත්‍ර ගාස්තු නොසිතූ ලෙස වැඩි කිරීම නිසා අස්වැන්න නෙළා ගැනීමට නොහැකිව දිවයින පුරා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. 15 August 2022
අද වැස්ස නෑ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද (15) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 August 2022
රුහුණු කුමාරි පීලි පනී මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි 15 August 2022
කෝටිපති කතක් මරා දමලා මහනුවර වැව රවුමේ රතු බෝක්කු හන්දිය අසල සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 15 August 2022
හරක් කටාගේ වෙඩික්කරු අල්ලයි ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මත්කුඩු ජාවාරම්කරුවක් බව කියන හරක් කටාගෙ ප්‍රධාන වෙඩික්කරු බොරලැස්ගමුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ කියයි. 15 August 2022
කෝප් එරාන්ට - කෝපා කබීර්ට නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාද රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝපා කමිටුව) සභාපති ධූරය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාද පත් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 14 August 2022
ඇවෙන්ඩ්‍රා හෝටලයෙන් මැයි 9 වැනි දා ගිනි අවි 4 ක් උත්සලා මීගමුව ප්‍රධාන පෙලේ හෝටල් සමුහයට සහ එහි හිමිකරුගේ නිවසට ඉකුත් මැයි මස 09 -10 දිනයන් හි ඇතුලු වු කළහාකාරි පිරිස එහි දේපළවලට පහර දී විනාශ කිරීමේ සිද්ධියේ දී එහි තිබු ගිනිඅවි හතරක් ද සොරාගෙන ගොස් ඇති බවට මීගමුව මුලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇත. 14 August 2022
වෙල්ගම - චම්පික සූදානම් සර්ව පාක්ෂික ආණ්ඩුවක වගකීමක් භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම යන මහත්වරු පවසති. 14 August 2022
කොවිඩ් ආසාදිතයන් 96 ක් ‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 96 දෙනකු අද (14) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 14 August 2022
ගම්බද දරුවන්ට බස් නැතිවුවහොත් ‘සිපෙට්කෝ’ වගකිව යුතුයි ලංගම ඩිපෝ ආසන්නයේ නොමැති ගම්බද ප්‍රදේශවල බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ලබාදිය යුතු බවත් ගම්බද ප්‍රදේශවල බස් රථ ධාවය නොවීමෙන් දරුවන් අපහසුතාවට පත්වුවහොත් එහි වගකීම ‘සිපෙට්කෝ’ ආයතනය භාරගත යුතු බවත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (14) පෙරවරුවේ පැවසීය. 14 August 2022
‘‘අර්බුදයෙන් ගොඩයන්න තවම වැඩපිළිවෙළක් නෑ‘‘ ජනාධිපතිවරයා පත්වී සැළකිය යුතු කාලයක් ගත වුවත් රට පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට තවම පාර්ලිමේන්තුවට කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැතැයි සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී අද පැවසීය. 14 August 2022
ආර්ථික ගැටලුව ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩල ගොනා ඇන්න ආර්ථික ගැටලුව නැමැති ගහෙන් වැටුණු ජනතාවට විදුලි බල මණ්ඩලය නැමැති ගොනා ඇන්න බව ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 14 August 2022
අලි වැට හදන්න ගෙනා බඩු ’’සුදු අලි’’ වෙලා දිවයින පුරාම පිහිටි වනජීවී කාර්යාලවලට විදුලි වැට සැකසීමට ගෙන්වා ඇති උපකරණ වලින් නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නැතැයි තහවුරු වී ඇති බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. 14 August 2022
වියදම් සීමා කරන්න ජනපතිගෙන් නියෝග රට මුහුණ දී සිටින ආර්ථික අභියෝගය ජය ගැනීම සඳහා සහයක් ලෙස රජයේ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් දැඩි සීමා පනවමින් ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 14 August 2022
රස්නායකපුර නිවෙසකට පැන කපා කොටා දේපොළ කොල්ල කති රස්නායකපුර ප්‍රදේශයේ නිවසකට කඩා වැදුන සිවු දෙනකුගෙන් යුතු කල්ලියක් නිවැසියන් ඇතුලු සිවු දෙනකුට තියුණු ආයුධවලින් පහර දී කපා කොටා,රුපියල් ලක්ෂ හයක මුදලක් සහ රන් මාල තුනක් කොල්ලකා පලාගොස් ඇතැයි රස්නායකපුර පොලීසිය පවසයි. 14 August 2022
ක්‍රීඩා තරගෙට ගිය සිසුවා දැදුරු ඔයට බිලි පාසල් ක්‍රීඩා තරඟාවලියකට සහභාගි වී ආපසු එමින් සිටියදී නිවසට නොගොස් දැදුරුඔයේ දිය නෑමට ගිය ගෝනිගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි සිසුවකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව රිදීගම පොලිසිය පවසයි. 14 August 2022
රජයේ ක්‍රමවේදයට පිටුපාන ඉන්ධන හල්වලට වැඩ වරදි ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. ක්‍රමවේදයට බැහැර වෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලන මට්ටමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 14 August 2022
පැයක විදුලි කප්පාදුව තව විනාඩි 20ක් දිගුවෙයි විදුලි ජනනයට ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැතිවීම නිසා හෙට සහ අනිද්දා (15 සහ 16) දෙදින පැයයි විනාඩි 20 ක් විදුලි කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 14 August 2022
‘‘මගේ අරගලය තවම අවසන් නෑ‘‘ ගාලු මුවදොර අරගලය නැවතුනත්, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් ගෙන යන අරගලය සාධාරණය ඉටුවන අත්හරින්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 14 August 2022
ගෑස් කඩෙන් ලක්ෂ දහයක ගෑස් සිලින්ඩර් උස්සලට පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද අලුයම සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි. 14 August 2022
දරුවාගේ ජීවිතය අනතුරේ හෙලූ පියා මාට්ටු විදෙස් ගතව සිටින බිරිය ගෙන්වා ගැනීමට පස් හැවිරිදි දරුවාගේ ජීවිතයට තර්ජනයක් වන අන්දමින් වීඩියෝ පටයක් නිර්මාණය කළ පියකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි. 14 August 2022
ඇතෙක් - අලි දෙදෙනෙක් විදුලි රැහැනට බිලි අනවසර විදුලි රැහැනක ගැටුණු ඇතකු සහ වල් අලින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනුරාධපුර සහකාර වනජීවි කාර්යාලය කියයි. 14 August 2022
රට කුණු බක්කියට වැටුණු හේතුව ගැන වජිර කියයි එක්සත් ජාතික පක්ෂය 2020 වසරේ දී ගමින් ගමට බෙදූ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනතාව එදා කුණු බක්කියට නොදැම්මා නම් අද රට මෙලෙස කුණු බක්කියට වැටෙන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 14 August 2022
වසරක් ඇතුළත අලි මිනිස් ගැටුමට තිත වන අලි හා මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා විදුලි අලි වැට අවශ්‍ය සියලුම දිස්ත්‍රික්කවලට ලබන වසර ඇතුළත විදුලි වැටවල් සකසා අවසන් කිරීමට තීරණය කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙි. 14 August 2022
දෙමළ සංවිධාන 6 ක තහනම ඉවත් කරයි ශ්‍රී ලංකා තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබූ සංවිධාන හයක තහනම ඉවත්කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 14 August 2022
ඉස්සූ තැපැල් ගාස්තු මෙන්න දේශීය තැපැල් ගාස්තු ඉහළ නංවමින් රුපියල් 15 ක්ව පැවැති සාමාන්‍ය තැපැල් ගාස්තුව සියයට 233 කින් ඉහළ දමමින් රුපියල් 50 ක් බවට පත්කර තිබේ. 14 August 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026