IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාගයට

(මනෝප්‍රිය ගුණසේකර)

වසා ඇති ගිණුමකින් රුපියල් ලක්‍ෂ 80ක් වටිනා චෙක් පතක් නිකුත් කොට වංචා කළ බබවට චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඊයේ (28) දින නියම කළේය.

නඩුව සමථයකට පත් කර ගැනීමට හැකියාව ඇති බවට විත්තියේ නීතීඥවරුන් දැනුම් දුන් අවස්ථාවේදී එවැනි සමථයක් ගැන තමන්ට දැනුම් දී නොමැති හෙයින් නඩුව විභාග කිරීමට දින නියම කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතීඥවරු කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩු විභාගයට එලෙස දිනන නියම කළේය.

2013 වසරේදී වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක් වටිනාකමින් යුත් චෙක් පතක් සමිත අනුරුද්ධ නමැත්තාට ලබාදී එම මුදල වංචා කළ බවට විත්තිකාර තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

තංගල්ලේ පදිංචි සමිත අනුරුද්ධ නමැත්තාගේ මෝටර් රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී මෝටර් රථයේ වටිනාකම වෙනුවෙන් එලෙස වසා ඇති ගිණුමකින් මෙම නඩුවට අදාළ චෙක් පත නිකුත් කොට ඇති බව නඩු ගොනුවේ සඳහන් වේ.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය අධිකරණයේ පෙනී සිටියාය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.

ඒ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් එවැනි සමථයක් ගැන තමන්ට දැනුම් දී නොමැති හෙයින් නඩුව විභාග කිරීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය”

දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩුව ජූනි මස 05 සහ 06 දිනවල විභාග කිරීමට දින නියම කළේය”



අදහස් (0)

තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site