IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන්යානා ඉන්ධන සැපයීමේ වෙළඳපොළ අවස්ථා වැඩි කරයි

(ඩයනා උදයංගනී)

මෙරටට ගුවන්යානා ඉන්ධන (ජෙට් ඒ 1 ඉන්ධන) සැපයීමේ වෙළඳපල අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

ගුවන්යානා සඳහා අවශ්‍ය ජෙට් ඒ 1 ඉන්ධන සැපයීම ලංකා ඛනිජතෙල් සංස්ථාව මගින් සිදුකළත්, වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් එම ඉන්ධන නිපදවන සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අඩපණවීම හා එම ඉන්ධන ආනයනය අභියෝගාත්මක කාර්යයක් වීම හේතුවෙන් භාණ්ඩ හා මගී ගුවන්යානාවන්ට අවශ්‍ය ඉන්ධන සහතික කිරීමට අපොහොසත් වී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) පැවසීය.‍

ඒ හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වෙත පැමිණෙන ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවදානය යොමුකරන්නට සිදුව ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ෙඒ අනුව සපුගස්කන්ද පිරිපහදුවේ නිපදවනු ලබන ජෙට් ඒ 1 ඉන්ධන ගුවන්යානා සඳහා ලබාදීමට බාධාවක් නොවන පරිදි වෙනත් රටවල ගුවන්සේවා වෙත ඉන්ධන සපයන පාර්ශව වෙත උපරිම සැපයීම් සීමා යටතේ මෙරටට එම ඉන්ධන සැපයීමේ අවස්ථාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ද ඇමතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 

 



අදහස් (2)

ගුවන්යානා ඉන්ධන සැපයීමේ වෙළඳපොළ අවස්ථා වැඩි කරයි

de silva Tuesday, 28 February 2023 01:33 PM

ගුවන් යන ඉන්දන පමනක් නොව වාහන ඉන්දන වෙලදාම සදහාත් , ශෙල් , කැල්ටෙක්ස්, එසෝ වැනි ජාත්‍යන්තර සමාගම් වලටත් ලංකාවෙ තෙල් වෙලදාමට ඉඩ ලබාදෙන්න අවශ්‍යය වෙනව, ලන්කාවෙ කැමති කෙනෙකුට පාරිසරික හානියක් නොවන තැනක පෙට්‍රල් ශෙඩ් එකක් හදාගෙන , මෙවනි සමාගමක් හරහා තෙල් වෙලදම් කරන්න අවසර දෙන්න ඔනෙ. එහෙම කලහම හදිසි අවස්තාවලදි පොලිම් අඩු වෙනව, පවතින ක්‍රමය අනුව පෙට්‍රල් ශෙඩ් දමන්න අවසර ලැබෙන්නෙ ප්‍රදේශයේ දේශපාලන බලවතාට , මෙ ක්‍රමය වහාම වෙනස් කරන්න ඔනෙ.

:       1       13

AlfreadTuesday, 28 February 2023 11:37 PM

එන්න දුන්න වගේ නෙමේ කට්ටිය තරඟෙට මිල වැඩි කරන්න ගත්තම, එතකොට තේරෙයි රඟේ. අපිට ඕන තෙල් ගහන ආයෝජන නෙමේ. තෙල් පිරිපහදු කරන, තෙල් කනින සමාගම්. ඩොලර් බිලියන 4,5ක ආයෝජන ඒ හරහා කරන්නම ඕන. තියෙන ශෙඩ් ටික ඕකුන්ට දුන්නම උන් කුට්ටිය පිටින් ලාභෙ අරන් යනව මිසක් කෝ රටට ආයෝජනයක් වත් අඩු ගානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site