පොලොන්නරුව - වැලිකන්ද කැලේට ගිය ඉන්ධන ටැංකි ඇමැති නිරීක්ෂණය කරයි පොළොන්නරුව සහ වැලිකන්ද දුම්රියස්ථානවලට යාබද භාවිතයට නොගෙන අතහැර දමා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම්වල ඇති තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කර යළි ඉන්ධන ගබඩා කිරීම සඳහා යොදා ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන්නේය. 12 August 2022
නව ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වැඩ අරඹයි ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා පත්කර තිබේ. 12 August 2022
බේරේ ගඳ බේරේ කොළඹ බේරේ වැවේ සති කිහිපයක පුරා අපද්‍රව්‍ය එක්රැස් වී පල්වීම නිසා දින ගණක සිට එම ප්‍රදේශයේ හටගන්නා දුර්ගයන්දය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. 12 August 2022
අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 12 August 2022
විපක්ෂයේ හදවතේ නායකයා රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්නැයි බයියොයි,ටොයියොයි හැමෝටම ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 August 2022
සියයට 80ව බලන්නේ නෑ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ සියයට 80 ක පාසලට පැමිණීමේ අවශ්‍යතාව නොසළකන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. 12 August 2022
සහන ලැබිය යුතු අයට විදුලි බිල ගෙවීමේදී සහන සහන ලැබිය යුතු කණ්ඩායම්වලට විදුලි බිල ගෙවීමේදී සහන ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 August 2022
චීන නෞකාවට අවසර දෙන්නැයි ස්වාධීන පක්ෂ එකමුතුව කියයි චීනයේ යුආන් වැංග් 05 නැමති පර්යේෂණ නෞකාවට අවසර ලබාදී ඇති පරිදි හම්බන්තොට වරායට ඇතුළුවීමට අවස්ථාව දියයුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 12 August 2022
ජීවන්ත පීරිස් පියතුමාට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය. 12 August 2022
දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු මැතිසබේ විරෝධතාවයක යුද සමයේදී උතුරේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තු සභාගර්භයේ අද (12) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 12 August 2022
සිරකරුවකුට කුඩු දෙන්න ගිහින් මිතුරා අමාරුවේ වැටේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවකුට ලබාදීමට හෙරොයින් රැගෙන අධිකරණ භූමියට ඇතුළු වීමට උත්සාහ කළ බව කියන අයකු ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ මුර පොලෙහි පොලිස් නිලධාරීන් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 12 August 2022
දේශපාලන සිරකරුවන් 46කට කඩිනමින් නිදහස සුළු සුළු වැරදිවලට බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 46 දෙනකු නිදහස් කිරීම සඳහා වන මුලික වැඩකටයුතු ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. වී. විග්නේෂ්වරන් මහතා වෙත පවසා ඇත. 12 August 2022
පොලිසියේ අලුත් රාජකාරියක් ගැන ’’මනෝ’’ගෙන් හෙළිදරව්වක් දැන් පොලිසි වල ප්‍රධාන රාජකාරියක් වී තිබෙන්නේ කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ ෆේස්බුක් ගිණුම් බලා අරගලයට හිතවාදී අය පසුපස ගොස් පොලිසියට ගෙනවිත් බය කිරීම යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 August 2022
මුහුදේ ගසාගෙන ගිය තරුණියන් දෙදෙනා බේරා ගැනෙති නිලාවේලි මුහුදුතීරයට අයත් ගොපාලපුරම් කොටසේ දියනාමින් සිටි තරුණියන් දෙදෙනකු දියවැලකට අසු වි ගසාගෙන යද්දි පොලිස් ජිවිතාරක්ෂක ඒ්කකය හා නාවික හමුදා වෙරළාරක්ෂක බළකාය එක්ව බේරාගැනිමට සමත්වුහ. 12 August 2022
ජාතික සත්ත්වයාට වෙනත් සතෙක් සොයයි ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානි කරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත. 12 August 2022
පොලිසියේ දැනුම් දීමට තවත් අරගලකරුවෝ පිරිසක් ඉවත් වෙති ගාලුමුවදොර ප්‍රදේශයේ රැදී සිටින සීමිත අරගලකරුවන් පිරිසට ද එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට පොලිසිය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නේය. 12 August 2022
ජනපතිත් පෙරහර බලන්න යයි දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී විය. 12 August 2022
සර්ව පාක්ෂික ආණ්ඩුව සිහිනයක් විතරයි ආණ්ඩුවේ අරමුණ දෙස බැලීමේදී සර්වපාක්ෂික ආණ්ඩුව සිහිනයක් පමණක් බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සාධනීය යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 August 2022
ලෑල්ල කැඩෙද්දී කම්බියේ එල්ලී බේරුණු මවයි - පුතයි හම්බේගමුව කොටවෙහෙරමංකඩ වෙිලි ඔයේ අත්වැල් පාලමෙන් එගොඩ වී පාසලට වෙත ගමන් කළ පුතකු සහ ඔහුගේ මව එහි ලෑල්ලක් කඩාවැටී වේලිඔයට වැටෙන්න ගිය අවස්ථවේ පාලමේ එල්ලී ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දිවි බේරාගෙන ඇත. 12 August 2022
රටවල් තුනකට ශ්‍රී ලංකාව මැදි වෙලා ශ්‍රී ලංකා නිලධාරීන් යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණයට චීන,ඇමෙරිකානු සහ ඉන්දියානු රාජ තාන්ත්‍රික නිලධාරීන් තිරය පිටුපස සිට බලපෑම් එල්ල කිරීමට උත්සහ දරණ බව ඒ පිළිබඳ සෘජු දැනුමක් ඇති ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත වාර්තා කළේය. 12 August 2022
ධානිෂ් අලී යළි රිමාන්ඩ් ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කලැයි කියන සිද්ධියට අදාළ ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ලබන 26 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද (12) නියෝග කළේය. 12 August 2022
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 August 2022
අපේ පොලිය විදුලි බිලෙන් අඩු කරයි විදුලිය ලබාගැනීම සඳහා පාරිභෝගිකයා තැන්පත් කරන ලද මුදල සඳහා ඔවුන්ට පොලියක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දන්වා ඇත. 12 August 2022
දේශීය අල,ලූනු ගොවීන් රකින්න සහතික මිලක් දේශීය අර්තාපල් හා ලොකු ලූනු මිල අඩු වුවහොත් ගොවීන්ගෙන් නිෂ්පාදන මිල දී ගැනීමට රජය මැදිහත් වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 August 2022
ගාලු මුවදොර පිටියට කාලතුවක්කුවක් කොළඹ ගාලු මුවදොර අසල කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට යයි. 12 August 2022
සියනෑ කුමාරි බෙම්මුල්ලේ නතර වෙයි මහනුවර සිට මාතර බලා ධාවනය වූ ’සියනෑ කුමාරි’ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 12 August 2022
මැතිසබය රැස්වන වේලාවේ වෙනසක් පාර්ලිමේන්තුව රැස්වන වේලාව ලබන 29 වෙනිදා සිට වෙනස් කර ඇත. 12 August 2022
ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් මාට්ටු නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1000 අධික ප්‍රමාණයක් කුඩා ලොරි රථකින් ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කවරක්කුලම පොලිසිය කියයි. 12 August 2022
සියනෑ කුමාරි බෙම්මුල්ලේදී නැවතියි මහනුවර සිට මාතර බලා ධාවනය වූ ’සියනෑ කුමාරි’ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවයට පත්වූහ. 12 August 2022
පළාත් කීපයකට අදත් කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේදීවැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 August 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026