(උපාලි ආනන්ද)
අපවත්වී වදාල පල්ලේගම සිරිනිවාස නාහිමියන් අටමස්ථනාධිපති ධූරය දරමින් සිටියදී පරිහරණය කළ අනුරාධපුර අටමස්ථානයට (උඩමළුවට) අයත් අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන පරිහරණය කරමින් සිටින බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට නියෝග කළේය
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙසේ නියෝග කළේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි
අනුරාධපුර අටමස්ථානයට (උඩමළුව පන්ස) අයත් ජීප් රථ දෙකක් සහ මෝටර් රථයක් අනුරාධපුර නගරයේ ව්‍යාපාරිකයකු වන තිලක් නමින් හඳුන්වන පුද්ගලයකු නීති විරෝධීව රැගෙන ගොස් සන්තකයේ තබා ගෙන ඒවා පරිහරණය කරමින් සිටින බව පවසමින් අනුරාධපුර බෝමළුව විහාරවාසි කැකිරාවේ ඥාණසිරි හිමියන් ෙ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර අති බව පොලිසිය අධිකරණයට දැන් වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙච්චර කල් හිතාගෙන හිටියේ අධි සුඛෝපභෝගි වාහන පාවිච්චි කරන්නේ දේශපාලන පොරවල් කියලයි. බලපුවාම අපේ ගරුතර හාමුදුරුවන් වහන්සේලාත් පාවිච්චි කරන්නේ V8 නේ... සාදු සාදු සාදු...!
ලංකාවට ඇත්තටම බුදුදහම පැමිණියාද? නැත්නම් පැමිණි බුදුදහම විනාශවෙලා කොපමණ කල්ද? ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස නේද ඉහත දේවල් වුණේ? ඒකයි ඇහුවේ... මට සේපාල් සහෝදරයා මතක් වුණා...
නිවනට වේගවත්ව ගමන යන්න V8 ඕන කියල දන්නවද?
බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රජවරු සහ අනෙකුත් අය තමන්ට හැකි පමනින් පූජා කලා .ඒ නිසා කාලයට අනුව ලැබෙන පූජා වෙනස් .ඒ වගේම ලැබෙන කිසිවක් කවුරුත් රැගෙන යන් නෑ. අවභාවිතා කීරීමට ඉඩදීම වැරදියි. ලංකාව රැකෙන්නෙ හාමුදුරුවරු නිසා .අපි එය රැකගත යුතුයි