IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අවිස්සාවේල්ලේ මස් වැද්දා මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)

අවිස්සාවේල්ල කරඳන වෑවිල පදිංචි කාන්තාවකට වෙඩි තැබීමට සඳහා යොදාගත් බව කියන ගිනි අවිය ඇතුළු ගිනි අවි 02 ක් සමගින් ජීව අත්බෝම්බයක් , හිස් පතොරම් කොපු සමඟ "මස් වැද්දා" නමින් හදුන්වන සැකකරුවකු සමගින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

වෑවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් රුපියල් 50000 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඇති එම ප්‍රදේශයේම පදිංචි සැකකරු පසුව අදාල මුදල ලබානොදීම නිසා උරණව එම කාන්තාවට වෙඩි තබා ඇති බව අදාල පැමිණිල්ලේ සදහන් බවද පොලිසිය පැවසීය.

වෙඩි වැදුනු කාන්තාව තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු පහුගිය 21 වෙනි දින අළුයම 66 හැවිරිදි කාන්තාවට වෙඩි තැබූ මස් වැද්දා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන, 39 හැවිරිදි පුද්ගලයකු වන අතර, අනිත් පුද්ගලයා ඔහුගේ ඥාතීයකු බවද පොලිසිය පැවසීය.

එම සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවි 02 ක්, එම වර්ගයේ ගිනි අවි බටයක් , ජීව අත්බෝමබයක් ජීව පතොරම් 01 ක් , හිස් පතොරම් කොපු 03 ක්ද සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

අවිස්සාවේල්ලේ මස් වැද්දා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site